18

43 6 0
                                    

අදට සති 2ක් වගේ වෙනවා මං නෙතු අක්කලාගේ ගෙදර ඇවිත්. මට අඩුම තරමේ රෙදි කෑල්ලක් වත් හෝදන්න දෙන්නේ නෑ ගෙදර අය. හරිම ආදරෙයි. මෙහෙම ආදරයක් ලබන්න මං පින් කරලා ඇති. මට වඩා මගේ දරුවා පින් කරලා ඇති.

මං ආසම තැන ඉස්තෝප්පුවේ තියෙන ඇදි පුටුව. වාඩි වෙලා අහස දිහා බලන් ඉන්න. අහසේ වලාකුලුවල එක එක හැඩ මට පේනවා. චූටි කාලේ ඉදලාම මං අහසට ආසයි. තරු හද සුදු වලාකුලු වැහි වලාකුලු දේදුනු හැමදේටම මං ආසයි.

කියනකොටම පොඩි වැහි පොදයක් පටන් ගත්තා.

අවුවත් එක්ක වහින වැස්ස හරිම ලස්සනයි බලන් ඉන්න ආස හිතෙනවා. වැහි බින්දු වැටෙනකොට මැනික් කැට වැටෙනවා වගේ ලස්සනයි. ඒ වැහි බිංදු වල සතුට පිරිලා තියෙනවා කියලා මට හිතෙනවා.

ඒත් අදුරු වෙලාවක වහින වැස්ස හරිම දුක්බරයි. කාගේ හරි අදෝනාවක් වගේ. ඒ වැහි බින්දු කාගේ හරි කදුලු කතාවක් හංගගෙන ඉන්නවා වගේ.

දැනුත් වැටෙන්නේ කාගෙහරි දුක් අදෝනාවක්. ඒක මගේ වෙන්නත් පුලුවන්.
වෙන කාගෙහරි වෙන්නත් පුලුවන්. අල්ලලා බලන්න ආසයි වැහි පොද. ඒත් ඒකට පුටුවෙන් නැගිටලා යන්න ඕන. දැන් මට නැගිටින්නත් ටිකක් අමාරුයි. තව සතියකින් hospital එකේ නවතින්නත් ඕන.

මෙහේ නම් දැන්ම ඉදලා පැටියා පිලි ගන්න ලෑස්ති වෙනවා. චූටි පැටියටයි මටයි ඉන්න ලස්සන රෝස පාට කාමරයක් ලෑස්ති කරලා. ඒ සේරම අක්කගෙයි මල්ලිගෙයි වැඩ තමා. මගේම තාත්තා මාව සතෙක් ගානට දාලා ගෙදරින් එලවද්දී මට මෙච්චර ආදරයක් දීලා මාව බලා ගන්නවට මං මේ පවුලට ගොඩක් ණයයි. තාත්තා නම් හැම තිස්සෙම කියන්නේ මං එයාලාගේ චූටි දූ නිසා ණය නෑලු.

රිදුම් දෙන කොන්දත් අල්ලගෙන මං නැගිට්ටා වැහි බිංදු අල්ලන්න ආසාවට. අනේ චූටි වෙලාවයි හිටන් හිටියේ. අම්මා කෑ ගහගෙන ආවා.

'චූටි දූ කියලා තියෙනවා නේද නැගිටින්න ඕන නම් කතා කරන්න කියලා. ඒ මදිවට පින්න වදින්නත් යනවා. කියන දේ තේරුම් ගන්න දරුවො බඩේ ඉන්න පැටියට සීතල වෙන්න හොද නෑ. බැරි වෙලා හරි ලිස්සුවා නම් මොන දෙයියන්ට කියන්නද?'

අනේ අම්මේ මං ආසාවටනේ අල්ලන්න ගියේ. ම්හුක් ඕන්නෑ. දැන් ඔයාලා මට ආදරේ නෑ. ආදරේ මේ පැංචිට විතරයි. අපි කලුයිනේ දැන්.

මං අම්මට චූටියට රවලා අහක බලා ගත්තා. මට දැන් හැගීම් දැනෙනවා වැඩී. වේදනාව දැනෙද්දී හරි අමාරුයි. ඉතින් හැම තිස්සෙම ආදරේ හොයනවා.

'අනේ දෝනි ඉතින් ඔයාගෙ හොඳටනේ කිව්වේ. හොඳ දරුවා වගේ දැන් ගෙට යමු. මං ඔයාට කන්න වැලිතලප හදලා තියලා අවේ.'

එහෙමද? එහෙනම් යමුකො ගෙට.

'මේ කෙල්ල නම්'

අම්මා මගේ පස්සෙන් ගෙට ආවා. මං දැන් තාර පැටියෙක් වගේනේ ඇවිදින්නේ. ඉතින් මේ ලොකු බඩ ගෙඩියත් එක්ක මට ඇවිදින්න අමාරුයි. මල්ලි නම් හැම තිස්සෙම විහිලු කරනවා ඒක කිය කිය.

July princess Where stories live. Discover now