04

42 6 0
                                    

මේ ආරංචිය මුලින්ම කියන්න ඕන උනේ ඔයාට. අහන්න ඕන උනේ අපි 2ම ඉන්න තැන. මට සතුටුයි. සතුටට මාව පිපිරෙයි කියලා බයයි. ඒ තරම් සතුටුයි.

අද උදේ තමා මාත් දැන ගත්තේ. ඔයාගෙයි මගෙයි පුංචි ලේ කැටියෙක් මගේ බඩේ ඉන්නවලු. දැන් මාස 2ක්ලු. අනේ මහත්තයෝ මට දුවන් ඇවිල්ලා කියන්න හිතුනා. ඔයා දැන් තාත්තා කෙනෙක්. ඔයා ඉල්ලුවා වගෙ අපි ලගට පුංචි සුරංගනා පැටියෙක් ඇවිල්ලා කියලා.

ඔයා සතුටින් මාව බදා ගන්නවා මැවිලා පෙනුනා. නලලට දිග කිස් එකක් දීලා ඉස්තූති මගේ මැනික කියලා කියාවි ඔයා. මාව බදාගෙන ඉදීවී ගොඩක් වෙලා. මාව හීන ලෝකෙක පාවෙලා ගියා. මං කොහොමද මගේ මහත්තයට මේක කියන්නේ කියලා මං කල්පනා කලා.

මං කෝල් එකක් ගත්තා. මාසෙකටත් වැඩි මගේ මහත්තයගේ කටහඩ අහලා. ආසාවේ බෑ. සතුටට මට ඇඩෙන්නත් වගේ.

ඒත් මගේ හීන ලෝකෙට හෙන ගහලා විනාස වෙලා යන්න වැඩි වෙලාවක් ගියේ නෑ. මගේ මහත්තයාට වැඩලු ලෙක්චර්ස්ලු. Call answer කරන්න බෑලු. Msg වලින් කියන්නලු.

මං කොහොමද මහත්තයෝ මේ වගේ දෙයක් msg එකකින් කියන්නේ. මං ඇහුවා ඔයාගෙන් හමුවෙන්න වෙලාවක්. මං එක්ක හමුවෙලා කතා කරන්න දෙයක් නෑලු මගේ මහත්තයට. කියන දෙයක් කියලා ඉවර කරන්නලු දැන්. ආයේ එයාගේ ඉස්සරහට එන්න හිතන්නවත් එපාලු. හදවත උල් කටුවකින් කූරූ ගානවා වගේ දැනුනා රත්තරනේ.

මං දාලා ගියත් මාව දාලා යන්නේ නෑ කියලා පොරොන්දු දුන්නා නේද රත්තරං. කොහොමද මෙහෙම වෙනස් උනේ. පොරොන්දු තියෙන්නේ කැඩෙන්නලු. මං දැන් අඩන්න හොද නෑ. මට දැන් පරිස්සමන් කරන්න රෝස මලක් ඉන්නවා.

මං ආයෙමත් පාරක් pregnancy report එක අරන් කල්පනා කලා. ඔයා මේක කොහාම බාර ගනීද කියලා. මගේ පැංචා කැමති කොහොමද? තාත්තිට කියමුද අම්මි ලග ඔයා ඉන්නවා කියලා. අපි නෙතු ආන්ටිට කියලා බලමුකෝ. යන්තමට ඉස්සරහට ආපු බඩ අල්ලගෙන බොද වෙච්චි ඇස් එක්ක මන් හිනා උනා.

මම නෙතූ අක්කව හම්බෙන්න ගියේ හිතේ දෙගිඩියාවෙන්. එයා මොනවා කියයිද? ඕන දෙයක් වෙච්චිදෙන් කියලා මං රිපෝට් එක පෙන්නුවා නෙතු අක්කිට.

"එයා මේ ගැන මොනවද කිව්වේ?"නෙතු අක්කා මුලින්ම ඇහුවේ ඒක.

මන් තාම එයාට කිව්වේ නෑ. මන් උත්තර දුන්නේ ඇහෙන නෑහෙන ගානට.

අපි දෙන්න breakup උනාට පස්සේ මෙතුවක් කල් නෙතු අක්කා මගෙන් මුකුත්ම ඇහුවෙ නෑ. එයා නිතරම කිව්වෙ හිත හදා ගන්න. සමහර දේවල් නොලැබී යන්නේ හොඳම දේවල් ලැබෙන්න කියලා.

ඒ උනාට කෝ මට ලැබිච්ච හොඳම දේවල්.

මේ ඉන්නේ මගේ මැනික. මට හීන් හිනාවක් ගියා. සේරටම පස්සේ මට ලැබුන මගෙ මැනික් කැටේ.

නෙතු අක්කා කිව්ව විදියට මන් කලා ඒ වෙලවේ කරන්න පුලුවන් හොඳම දේ ඒක කියලා දැනුන නිසා.

මන් මගේ මහත්තයාට කිව්ව මං pregnant කියලා. හිතේ බලාපොරොත්තු ගොඩක් පුරෝගෙන.

වචන කියන දේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ.......

July princess Where stories live. Discover now