17

41 6 0
                                    

'කෝ මහත්තයා ආවේ නැද්ද මට මහත්තයා එක්ක කතා කරන්න ඕන.'

මහත්තයා අවේ නෑ දොස්තර මහත්තයෝ මං තනියම ආවේ.මට කියන්න දොස්තර මහත්තයෝ මං මහත්තයට කියන්නම්.

'අනේ මංදා මේක අම්මට කියලත් බෑ. නොකියත් බෑ...'

දොස්තර මහත්තයා මොකද මේ අදිමද කර කර කියන්න හදන්නේ. මගේ හිතට හරි නෑ වගේ.

'අම්මට ටිකක් වැඩිපුර කොන්දේ අමාරුවක් එහෙම දැනුනද පහු ගිය ටිකේ?'

ඔව් මහත්තයෝ වෙනදට වඩා නම් ටිකක් අමාරුව වැඩී. මං හිතුවේ දැන් දරුවා ලැබෙන්න ලග නිසයි කියලා.

'දරුවා ඉන්න විදිය ටිකක් වෙනස් වෙලා තියෙනවා. මේ වෙද්දී දරුවා ඔලුව පහලට හිටින්න හැරිලා ඉන්න ඕන. ඒත් දරුවා තාම හැරිලා නෑ. දරුවාගේ බෙල්ල වටේට පෙකනිවැල එතෙන්න තියෙන සම්බාවිතාව හුගක් වැඩි. තව පොඩි පොඩි අක්‍රමිකතා ටිකක් තියෙනවා. ඒක නිසා දරුවාව කලින් ගන්න වෙනවා ඒකත් ගන්න වෙන්නේ සිසේරියන් එකකින්. නෝර්මල් ගන්න නම් බෑ. සිසේරියන් එකකට ගියත් අම්මාටයි දරුවටයි දෙන්නටම අවදානමක් තියෙනවා.'

අනේ දොස්තර මහත්තයෝ මගේ දරුවව බේරලා දෙන්න. මහත්තයට පින් අත්වෙයි.

'අපි උපරිම උත්සහ කරනවා දරුවායි අම්මයි 2ම බේර ගන්න. තව සති 3කින් ඇවිත් hospital එකේ නවතින්න. අපි බලමු අන්තිම මාසේවත් දරුවා හැරෙයිද කියලා.අම්මා කලබල නොවී ඉන්නකෝ. අපි දරුවවයි අම්මාවයි දෙන්නවම බේර ගමු. කාව හරි දැනුවත් කරලා තියන්න ඕන නිසයි අම්මාට කිව්වේ.පඩිපෙල් නගින්න මහන්සි වෙන වැඩ කරන්න යන්න එපා.'

හරි දොස්තර මහත්තයෝ මං ඒ විදියට කරන්නම්.

මගේ ඇස් 2න් කදුලු බේරෙන්න ඇති මං දන්නෙම නැතුව. අතේ තිබුන බේත් තුන්ඩුව තෙමෙනකන් මට දැනුනේ නෑ.

අනේ මගේ රත්තරනේ ඔයාත් තාත්ති වගේ මාව දාලා නම් යන්න එපා. මට මගේ මැනික නැති උනොත් ජීවත් වෙන්න බැරි වෙයි. මගේ මැනික තමයි මට ජීවත් වෙන්න තියෙන එකම බලාපොරොත්තුව.

මං මැනිකට පොරොන්දු උනා මැනික එක්ක සෙල්ලම් කරනවා කියලා මැනික එක්ක බීච් යනවා කියලා මැනික එක්ක රස කෑම කනවා කියලා. ඒවා කරන්න එන්න මගේ මැනික. මට සමා වෙන්න මගේ රත්තරං. අම්මිව දාලා යන්න නම් එපා මගේ පන.

මං මගේ මැනිකට කාතා කරන ගමන් බඩ අතගෑවා. මගෙ මැනික දගලනවා අඩුත් ඒක නිසායි කියලා දොස්තර කිව්වා. මං තනියම හිටියොත් මගේ පැටියට හොද නෑ. මට කියලා ඉන්න එකම පවුල නෙතු අක්කාට මං කතා කලා.

මලගෙදර වැඩ ඉවර වෙලා එන ගමන් හිටිය එයාලා මට hospital එකේම ඉන්න කියලා මාව ගන්න ආවා.

අම්මයි තාත්තයි එක්ක මාව ගෙදර ඉන්දලා මගේ බඩු ටික අරන් එන්න නෙතු අක්කයි මල්ලී පිටත් උනා.

අම්මයි තාත්තයි දෙන්නා එක්කම පහු වෙනිදා පන්සලට ගිහින් ලොකු හාමුදුවන්ට කියලා පිරිත් කියවගෙන පිරිත් නූලකුත් බැදගෙන ආවා. හිතට යන්තම් හරි සහනයක් දැනුනේ ඊට පස්සේ.

July princess Where stories live. Discover now