අපේ කතාව පටන් ගත්තේ මෙහෙමයි පැටියෝ. ඔයාගේ අත්තම්මා අම්මිව දාලා ගියාට පස්සෙ අම්මිට හිටිය එකම සැනසීම ඔයාගේ තාත්ති.
තාත්තිව මට මුලින්ම හම්බුනේ ඒලෙවල් කරනකොට. ඔයාට කියන්න පුතු ඔයාගේ තාත්ති මට නිකන් පෙනුනෙ කුමාරයෙක් වගේ. ඒ තරම් ලස්සනයි. මාත් ඉතින් තාත්ති ගැන ඇහැ ගහගෙන හිටියේ. තාත්ති හැමදාම මට එහා පැත්තේ වාඩි වෙන්න පුරුදු වෙලා හිටියා. ටිකෙන් ටික අපි කතා කරන්න ගත්තා. අපි යාලුවො උනා. හොදම යාලුවො උනා. මට හිටිය එකම යාලුවා තමා ඔයාගේ තාත්ති.
ටිකක් කල් යද්දි ඉතින් අර මල්සරා කියන එක්කෙනා ඔයාගෙ තාත්තියි මායි පේලියට හිට්ටෝලේ ඊතලෙන් විද්දනේ.
ඔන්න ඉතින් ඊට පස්සේ තමා තාත්ති මට ආදරෙයි කිව්වේ. හුහ් එයාටත් මල්සරා විදිනකන්ම ඉන්න ඕන උනා ආදරෙයි කියන්න.ඔයාගේ තාත්ති තමා සිංඩරෙල්ලා කතාවේ කුමාරයා වගේ මාව දුකින් බේර ගත්තේ. වීදුරු සපත්තු නැති උනාට තාත්ති මට හිත පිරෙන්න ආදරේ නම් දුන්නා.
තාත්ති මට ආදරෙයි කියපු දවස මට තාම මතකයි. එයා ලස්සනම ලස්සන කහ පාට ඩේසි මලක් දුන්නා මට. ආදරේ පාට රතුලු. ආදරේට දෙන්නේ රතු රෝස මල්ලු. ඒ උනාට පුතු මගේ ආදරේ පාට කහ පාට. තාත්ති කොහෙන් හරි හොයාගෙන මං ආසම කහ ඩේසි මල්වලට කියලා.
තාත්ති මායි ඒ ලෙවල් ඉවර උනාම අලුත් ජීවිතයක් පටන් ගත්තා. ඔයාගේ තාත්ති දක්ශයි. තාත්ති කැම්පස් යන්න සිලෙක්ට් උනාම මං හුගක් සතුටු උනා. මං නම් කැම්පස් යන්න බෑම කියලා ඇඩුව නිසා බේරුනා. නැත්තන් මටත් වෙන්නේ ඔයාගේ තාත්තිට වගේ ලෙක්චර්ස් දුවන්නයි පාඩම් කරන්නයි තමා.
හැමදාම තාත්ති කැම්පස් ගියේ මාත් එක්ක. මං රසම රස බත් එකක් හදලා දෙනවා තාත්තිට. තාත්ති ආසම මං හදන පැස්ටා කන්න. ඔයා ලොකු උනාමත් මං හදලා දෙන්නම් මැනික. අදට එච්චරයි. පස්සේ ඉතිරි ටික අහමු හරිද?
බුදු සරනයි මගෙ පැටියට..
මං මගේ බංඩි ගෙඩිය හිමින් සීරුවට අත ගෑවා.
දවස ගානෙම තාත්තිගේ රස කතා කියන්න මං මගෙ පැටියට පොරොන්දු උනා. එයටත් දැනේවි එයාගේ තාත්ති අම්මිට කොච්චර ආදරේ කලාද කියලා.
දින සති ගෙවෙන්නෙ හෙනම වේගෙකින්. දන්නෙම නැතුව මගේ චූටි පැටියා මං ලගට ඇවිත් මාස 3ක් වෙලා. ක්ලිනික් එකටත් යන්න ඕන. වරුවක් නිවාඩු ඉල්ල ගන්න මං කොච්චර නම් වැද වැටෙන්න ඕනද? ඔයා දන්නවා නම් කියාවි වැඩට යන එක නවත්තලා ගෙදර ඉන්න කියලා.
මගේ මහත්තයා කොහොම දැන ගන්නද?
YOU ARE READING
July princess
Non-Fictionමෙය මගේ මනඃකල්පිතයක් පමනක්ම නොවේ. Short chapters බලාපොරොත්තු වන්න. මගේ 3 වෙනි book එක.🤗