03

42 6 0
                                    

රෑ තිස්සේ අඩලා අඩලා නින්ද ගියාම හිනෙන් බය වෙලා නැගිටලා ඔයාට කතා කරන්න මන් පුරුදු වෙලා හිටියා. පාඩම් කරන්න රෑ ඇහැරිලා ඉන්න ඔයා ආයෙමත් මාව නින්දට යවන විදිය හරි පුදුමයි. ඔයා නැතුව ගෙවුන මේ දවස් ටික හරිම අමාරුයි මගේ මහත්තයෝ.

අද මන් හීනෙන් දැක්කේ හරි ලස්සන දෙයක්. චූටි කෙලි පැටික්කියෙක් මට තුරුලු වෙලා හිටියා. කෙල්ල මාව අතෑරියෙම නෑ. තුරුල් වෙලාම හිටියා. දගම දග සෝස බෝලයක්. ඇස් අරිද්දී මට හරි උනුහුමක් දැනුනා බඩ හරියෙන්. කොට්ටෙත් තුරුල්ලට අරං පරිස්සමට බඩ බදා ගත්තු මන් හිත ඇතුලෙන් පිනුම් ගැහුවා. අද දවස නම් සුබයි වගේ.

මන් දැකපු හීනේ ඔයාට කියන්න ඕන උනා. ඔයා හිනා වෙයි මට එහෙම හීනයක් දැක්කා කිව්වාම. මං කොහොම කියන්නද ඔයාව හම්බෙන්නෙත් නෑනේ. අද දවස මන් පටන් ගත්තෙම හරි පරිස්සමට. මට හීනෙන් උනත් ඒ දැනුන හැගීමට ආස කලා මන් මුලු හදවතින්ම.

උදේ පාන්දරම නෙතු අක්කා කතා කරලා තර්ජනේ කලා test ටික කර ගන්න යන්න කියලා. නොකර ඉදලා එයාව යකෙක් කර ගන්න එපාලු. වැඩ ඇරිලා එද්දී අතේ මොනර කොල කීපයක් ගුලි කරන්නත් ඒ පිස්සී අමතක කලේ නෑ.

ඉතින් මන් ගියා උදේම වැඩපලේ ඩොක්ට දුන්න තුන්ඩුවත් අරං ටෙස්ට් ටික කරගෙන එන්න. පෝලිම දකිද්දිත් බඩ දගලනවා වගේ. හිමීට පෝලිමට ගිහින් ඉද්දී ආච්චි කෙනෙක් වැටෙන්න යනවා වගේ දැක්කම මන් අල්ල ගත්තා. විස්තර ඇහුවම කාලා බීලා නැතුව ආපු නිසා සීනී ගොඩක් අඩු වෙලාලු. මන් ඉක්මනට ගිහින් කඩේකින් ගෙනාපු බනිස් ගෙඩියක් දික් කරපුවාම ඒ ආච්චි මටයි මගේ ලග ඉන්න පැටියටයි 2ටම ආසිර්වාද කලා. මගේ ලග කොයින්ද පැටියෙක්. සමහරවිට මන් ඇදන් ඉන්න ගවුම නිසා වෙන්න ඇති. බඩ චුට්ටක් පෙන්න තියෙනවා තමා ඒත් ඉතින් පැටියෙක් නෑ නේ ආච්චි අම්මේ කියන්න ඔලුව උස්සද්දී කෝ ආච්චිඅම්මා. සලකුනක්වත් නැති වෙන්න උන්දෑ අතුරුදහන්.

මගේ වාරේ එනකන් බලන් ඉදලා හිමින් සීරුවේ ටෙස්ට් ටිකත් කරගෙන රිපෝට් ටික හෙට දිහාවට ගන්න පොරොන්දු පිට ආයෙමත් වැඩට පිටත් උනා.

මටත් දැන් සැකයි වගේ මන් ගැනම. කොහෙද දැන්නේ මතක් උනේ ගිය මාසෙත් කිරි ඉතිරුවෙ නැති වග.

July princess Where stories live. Discover now