11

41 6 0
                                    

මං බෙහෙත් බොන්න ආස නෑ තමා. ඒත් ඉතින් පැටිය නිසා බොන්න එපැයි. කොහොමද හරි උගුරෙන් පහලට ගිල ගත්තොත් හරිනේ.

දැන් වැඩපලේ අය දන්නවා මට පැටියෙක් හම්බෙන්න ඉන්නවා කියලා. දැන් මගේ බෝලේ ලොකුයිනේ. මාස 4ක් දැන්.

මං හැමදාම අදින්නේ බබාලගේ පාට තියෙන ලොකු ගවුම්. ඒකෙන් මගෙ බඩ පේනවා තමා ඒත් පැටියට පහසු ඇති එහෙම. බස් එකට නැග්ගම සීට් එකත් හම්බෙනවා දැන් මගෙ චුට්ටා නිසා.

මං ඉස්සර හරි ආසාවෙන් බස් එකට pregnant කෙනෙක් හරි දරුවෙක් වඩන් ඉන්න අම්මා කෙනෙක් හරි නැග්ගම ඉඩ දෙනවා. මං හිතුවා මාත් කවදා හරි දවසක මෙහෙම යයි කියලා. අද ඒ දවස උදා වෙලා.

හැමෝම කියන්නේ දරුවගේ චලන අම්මට දැනෙන්නේ 5 මාසෙදි කියලා. අනේ මට ඒ උනාට දැන් ඉදලම කුචි වගේ. වෙලාවකට හිතෙනව පැටියා බඩ ඇතුලේ ගුලක් හාරනවද කියලා. යන්තම් දැනෙනවා මගෙ පැටියා දගලනවා.

ඒ වෙලාවට බංඩියට අත තියාගෙන ඒක විදින එක අම්මා කෙනෙක්ට දරන්න පුලුවන් උපරිම සතුටක්.

මගෙ මහත්තයෝ මං අපේ දරුවට දාන්න නමක් හිතුවා. එයාට අපි සහන්‍යා කියලා දාමු. එයා ඇත්තටම මගේ කටුක ජීවිතේට සහනයක් ගෙනාවා. මගේ රෝස මල.

මං චූටි කාලේ ඉදලම මැහුම් ගෙතුම් වැඩ ඉගෙන ගත්තේ කවදා හරි මෙහෙම මං පැටියෙක් බඩේ තියාගෙන ඉද්දී මං ඒ දේවල් කරනවා කියලා හිතාගෙන. පැටියට චූටි චූටි ලස්සන ඇදුම් පොඩි, සපත්තු පොඩි මහන්න හරි ආසයි මං.

දැන්ම ඒ බඩු මුට්ටු ටික එකතු කරලා තිබුනට මගෙ වැඩත් එක්ක ඒවා කරන්න අමාරුයි තවම.

අද මං පැටියට මොනාද කියන්නේ.... ම්ම්ම් තවත් මං ආසම දවසක් ගැන කියන්නම්.

මං ආසයි කිව්ව නිසා තාත්තා දවසක් මාව ගාලු කොටුවට එක්කන් ගියා හරිද. එහේ හරිම හුලං. කට ඇරගෙන හිටියොත් කටට ලුනු රසයි.

ගාලු කොටුවට ඇතුලු වෙනකොටම වගේ බයිසිකල් රෙන්ට් එකට දෙන තැනක් තියෙනවා දැක්කම මං තාත්තිට කිව්වා මට බයිසිකල් පැදලා බලන්න ආසයි කියලා. ඒත් ඉතින් මට පදින්න බයිසිකලයක් තිබුනේ නෑ නේ ඒ කාලේ. ඉතින් ඒක නිසා මං බයිසිකල් පදින්න දන්නේ නෑ.

ඔයාගේ තාත්ති මට බයිසිකල් පදින්න කියලා දුන්නා. ඒක හරිම විනෝදයි. තාත්ති ඉතින් මාවත් දාගෙන ගොඩක් වෙලා බයිසිකල් පැද්දා. තාත්ති මට අයිස්ක්‍රීම් අරං දුන්නා මං ඉල්ලන්නත් කලින්ම. එයා දන්නවා මං අයිස්ක්‍රීම්වලට ආසයි කියලා. මගෙ කට වටේ ගෑවුන අයිස්ක්‍රීම් ටික මටත් බැන බැන තාත්ති එයාගේ ලේන්සුවෙන් පිහි දැම්මා. ඔයාට කියන්න තාත්තිගෙ තරු ඇස්වලට වශී වෙන්න මං හරි ආසයි.

අපි දෙන්නා බැම්මක් උඩ වාඩි වෙලා ඈත අහසේ ඉර බැහැගෙන යනවා බලං හිටියා. ඉර බැහැලා කරුවල වැටෙද්දී හුවමාරු වෙන උනුසුම් හාදුවක රස වචනෙන් විස්තර කරන්න බැරි තරම්.
තාත්තිගේ පපුවට තුරුල් වෙලා එයාගේ චූටියට වැවුනු රැවුල් කොට ඇදලා අවුස්සන්න තමා මං ආසම. ඒ පපුව පුදුම සැනසීමක් ගේනවා මට.

ඒක හරිම ලස්සන හැගීමක් පැංචො. තරු පිරුන අහස යට මං කැමතිම පිරිමි පපුවට තුරුල් වෙලා ඉන්න ලැබෙනවා කියන එක. ඔයාත් කවදා හරි දවසක විදලා බලන්න ආදරේ තරම් සුන්දර හැගීමක් තවත් නෑ. කවුරු කොහොම කිව්වත් ආදරේ තමා මේ ලෝකේ තියෙන හොඳම සහ වටිනම හැඟීම.

July princess Where stories live. Discover now