16

41 6 0
                                    

මට දැන් කොන්දෙ කැක්කුම ටිකක් වැඩි. නිදා ගන්න ගියත් හුගක් අමාරුයි. උඩුබැලි අතට නිදා ගන්නත් හොද නෑනේ.

ඉස්තෝප්පුවේ තියෙන හාන්සි පුටුවට වෙලා තමා මං හුගාක් වෙලාවට ඉන්නේ. මං හරි ආසයි ඈත අහස දිහා බලන් ඉන්න. ඈත පේන දේවල් බලන්න. මට පැටියා එක්ක දළදා මාලිගාවේ ගිහින් එන්න ආසයි. ඒත් දැන් දුර ගමන් හොද නෑ. 8 වෙනි මාසෙනේ.

මං ඈත බලාගෙන කහ පාට ගවුම් පොඩිත්තක් මහනවා. මං දන්නවා චූටි බබාලට කහ පාට ඇදුම් අන්දන්නේ නෑ කියලා. එයාලට කහ උන හැදුනොත් අදුර ගන්න බෑලු කහ පාට ඇන්දුවම.
ඒත් පුතූ අම්මි ආසම පාට කහ නේ. මගේ චූටි බන්ඩියාට ලස්සනට තියේවි කහ පාට.

අද තාත්ති ගැන කියන්නේ මොනවද මගේ පැංචාට? ම්ම්ම්... පුතූ දන්නේ නෑනේ පුතුගේ තාත්ති අම්මිට වඩා මාසයක් වැඩිමල් හරිද ඉතින් අම්මි ඒ කාලේ ඉදලම තාත්තිට අයියා කියලා කතා කරනවා. තාත්ති චුට්ටක්වත් ආස නෑ මං එහෙම කියනවට. අයියා කියන එක හැමෝටම කියනවාලු. එයාට ආදරේට වෙන නමක් කියන්නලු.

මං ඉතින් එතෝට මගේ මහත්තයා කියලා කිව්වම එයාට හරි සතුටුයි. මාත් ඒක කියන්න හරිම ආසයි. මං එයාගේ පාලනේ ඉන්න හරි ආසයි. එහෙම හිටිය අපි දෙන්නට කාගෙ ඇස්වහක් වැදුනද මන්දා.

හා හා ඔයාට ඒවා ඕන නෑ. පුංචි හොර ගෙඩියෝ දැන් චුට්ටක් දගලන්නකෝ. අම්මිට රිදුනට කමක් නෑ. අම්මි බලා ගන්නම්. චූටි කකුල් බඩෙන් ඉස්සිලා පෙනෙද්දි හරි ආසයි අප්පා. ඔයා එනකන් තාත්තී මායි බලන් ඉන්නවා.

දැන් මගේ බෝල ගෙඩිය ටිකක් තැන්පත් වෙලා වගේ. දගලනවා එහෙම අඩුයි. මේ 8 වෙනි මාසේනේ ඉතින් ඒකයි ඒ.

මං ගෙදර හිටියට පොඩි පොඩි අත්කම් නිර්මාන කරලා හන්දියේ bookshop එකට දාලා කීයක් හරි හොයා ගන්නවා. ඒ මුදල යන්තමට මටයි දරුවටයි ඇති. කලින් ඉතිරි කරපු මුදලුත් තියෙනවනේ.

මං දැන්ම ඉදලා දරුවට ඕන බඩු මුට්ටු ටික එකතු කර ගන්නවා. තව පරක්කු වෙලා ගන්න කාලයක් නෑ.

හැම තිස්සෙම නෙතු අක්කා එහේ එන්න කිව්වට තව ටිකක් කල් ඉදලා එන්නම් කියලා මං පස්ස ගගහා ඉන්නවා. මටත් තේරෙනවා දැන් මං තනියම ඉදලා හරියන්නෙ නෑ කියලා.

මට අදත් ක්ලිනික් එකට යන්න උනේ තනියම මල්ලිටවත් අක්කටවත් එන්න උනේ නෑ. එයාලගේ පවුලේ මලගෙයක්ලු. ඉතින් එයාලා එහේ නොයා බෑනේ.

දරුවවත් ස්කෑන් කරලා බලලා දොස්තර මහත්තයා බැරෑරුම් මූනක් හදා ගත්තා.

'කෝ මහත්තයා ආවේ නැද්ද මට මහත්තයා එක්ක කතා කරන්න ඕන.'

මහත්තයා අවේ නෑ දොස්තර මහත්තයෝ මං තනියම ආවේ.මට කියන්න දොස්තර මහත්තයෝ මං මහත්තයට කියන්නම්.

'අනේ මංදා මේක අම්මට කියලත් බෑ. නොකියත් බෑ...'

මගේ හදවත වේගෙන් ගැහෙන්න පටන් ගත්තේ මගේ චූටික්කාට මොකක් හරි කරදරයක්වත්ද කියලා හිතිලා. දෙවියනේ එහෙම නම් වෙන්න එපා. මට ඉන්නේ එයා විතරයිනේ. එයත් නැති උනෝතින් මට ජීවත් වෙලා වැඩක් නෑ.

July princess जहाँ कहानियाँ रहती हैं। अभी खोजें