මට හවස වෙච්චි දේවල් අමතක වෙලා යන්නම නෙතු අක්කගෙ පවුලේ අය මාව ඉහලින් පිලි ගත්තා. මං කලින් වතාවක් 2ක් මෙහෙ ඇවිත් තියෙන නිසා මට මෙහෙ හුරුයි.
ආපු වෙලාවේ ඉදලා නෙතු අක්කාගේ අම්මයි තාත්තායි මාව ඉබිනව අත් 2 අත ගානවා ඔලුව ඉබිනවා ඉවරයක් නෑ.
එයාලට මාව එයාලගේ දරුවෙක් වගේලු. ඉතින් මට දරුවෙක් ලැබෙන්න ඉද්දී එයාලා ආච්චිලා සීයලා වෙලා වගේ දැනෙනවලු.දවල්ට තිබුන ඇබරැල්ලා මාලුවයි, පරිප්පු මැල්ලුමයි, බණ්ඩක්කා මාලුවයි,බිත්තර සම්බෝලෙයි,අලුත් රතු හාල් බතුයි, පපඩනුයි බඩ පැලෙන්නම කෑවා මං. ඒ දවස්වල පේන්න බැරි ඇබරැල්ලා දැන් හරි ආසාවෙන් කනවා මං. පැංචාගේ ආසාවනේ. මං එන නිසාම අම්මා රසම රස dessert එකකුත් හදලා තිබුනා.
කාලා අනිත් පැත්ත හැරෙන්න උනේ නෑ අම්මා අහනවා රෑට කන්න කැමති මොනවද කියලා.
අනේ මං නිසා කරදරයි නේද අම්මාට?
'දෙනවා මං දැන් හොදවයින් දෙකක්. බලන්න දරුවො ඇගේ හැටි. දරුවෙක් ලැබෙන්න ඉද්දී හොදට කාලා බීලා ඉන්න ඕන. ගුටියක් දෙන්න කලින් කියන්නකො මයෙ අම්මාට මොනවද රෑට ඕන කියලා.'
මෙච්චර ආදරයක් මං මගෙ පවුලෙන් ලබලා නෑ කවදාවත්. උයන්න පරක්කු උනාම කෑ ගහන කුඩම්මාගෙන් පොඩ්ඩ බැරි වෙද්දී බනින තාත්තගෙන් ඒ වගේ ආදරයක් බලාපොරොත්තු වෙන්න මං මෝඩයෙක්.
එහෙනම් අම්මේ ඉදියාප්ප ටිකක් එක්ක කිරි මාලු. අම්මට පුලුවන් ද?
'පුලුවන් පුලුවන්. කනවා නම් හදලා දෙන්නම්කො ඇති වෙන්නම.'
මගෙ ඔලුවත් අත ගාලා අම්මා කුස්සිය පැත්තට ගියා.
මේ කාලෙට වාඩි වෙලාම ඉන්න හොඳ නෑලු. ටිකක් ඇවිදින්න ඕනලු. මං ඉතින් චුට්ටක් මිදුලට බැස්සා විතරයි මෙන්න ගේ ඇතුලේ ඉදලා නෙතු අක්කා දුවන් ආවා රස බේරෙන අඹ අච්චාරුවකුත් අරං.
ඒක දැක්කම කටට කෙල උනනවා. මං ඉතින් අඹ අච්චාරුවත් බඩ උඩින් තියාගෙන එහෙට යනවා මෙහෙට යනවා කනවා. ආයේ එහෙට යනවා මෙහට යනවා කනවා.
ඒ අස්සේ මං දැක්කා පොඩි නමිනං ගහක්. ගෙඩි නම් පිරිලා. ආසාවේ බෑ. අච්චාරුවත් දැන් නම් ඉවර වෙන්න ඔන්න මෙන්න වගේ. ඊලට කොහොමහරි නමිනං ගෙඩියක් කඩා ගන්න ඕන.
'චූටි අක්කා මොනවද බලන්නේ?'
නමිනං ගහට කුරුමානං අල්ල අල්ල හිටිය මාව ගැස්සිලා ගියේ හොර වැඩක් කරලා අහු උන පොඩි එකෙක් වගේ.
අහ් මල්ලියෝ මං මේ මේ.... නමිනං ගෙඩියක් කඩා ගන්න බැලුවේ. අහිංසක විදියට හිනා වෙලා ඇස් 2 ලොකු කරලා බැලුවාම වැඩේ හරි.
'අක්කා ඉන්නකෝ මං කඩලා දෙන්න. අපේ ලොකු කොහෙද ඒකි බලන් නෙවෙයිද හිටියේ? යසයි යාලුවව දාලා ගිහින්.'
මල්ලි නමිනං ගෙඩි ගොඩකුත් කඩාගෙන නෙතු අක්කටත් බැන බැනම කුස්සියට දිව්වා.
මාත් ඉතින් පස්සෙන් දිව්වේ නමිනං කන්න තියෙන ආසාවට.
මං ඉස්සර ඉදලම ඇබුල් පලතුරු කන්න ආසයි. කොටින්ම මං ආසම පාට කහ පාට උනෙත් කහ පාට දොඩම් නිසා.ඒ කාලේ හරිම කලාතුරකින් තමා මට ඒ වගේ දේවල් කන්න ලැබෙන්නේ. මට ඉතින් ඒවා ලැබුනම වස්තුව වගේ රකිනවා. මගේ ඇස් ඉස්සරහම නෑදෑ ලමයින්ට ඉල්ලන දේවල් මගේ තාත්තා අරං දෙනවා මං බලන් ඉන්නවා. මං ආස දෙයක් ගෙනත් දෙන්න කවුරුත් හිටියෙ නෑ ඒ කාලේ. මගේ අතේ සල්ලිත් නැති නිසා මට ගන්න විදියකුත් නෑ. ඒ දේවල් දැක්කම මං ඕන තරම් අහක බලන් ගිහින් ඇති.
පැටියට කියන්න ඔයාගේ තාත්ති තමා මුලින්ම මං ආස දෙයක් අරං දුන්න කෙනා.
එයා මං ආස දේවල් හැමදේම දන්නවා.
YOU ARE READING
July princess
Non-Fictionමෙය මගේ මනඃකල්පිතයක් පමනක්ම නොවේ. Short chapters බලාපොරොත්තු වන්න. මගේ 3 වෙනි book එක.🤗