09

38 6 0
                                    

අද මට දැන ගන්න පුලුවන් අපිට ලැබෙන්න ඉන්නේ පුතෙක්ද දුවෙක්ද කියලා. ඒ උනාට මට නම් හිතෙන්නේ මේ ඉන්නේ චූටි කෙලි පැටික්කෙක් කියලා.
කොලු පැටියෙක් උනත් මොකද අපේ නේ.

මට ඇඩෙන්න වගේ මහත්තයෝ. අනිත් අම්මලා එයාලාගේ මහත්තුරු එක්ක පෝලිමේ ඉද්දී මායි අපේ පැටියයි තනියම. ඇත්තමයි මට හීල්ලුනා ඒ මහත්තුරු අම්මාලට සලකන විදිය දැක්කම.

කදුලු කැට හිර කරන් මං මගේ බංඩියෙන් අත තියා ගත්තා. මගේ මැනිකට කවුරු නැතත් මං ඉන්නවනේ රත්තරං. ඔයාගේ තාත්ති ඉක්මනට එයි ඔයාව බලන්න. ඔයා දුක් වෙන්න එපා පැටියෝ.

මං මගේ පාලු මකන්න ඔයාගෙ පින්තූරයක් බැලුවා. අනේ මට ඔයාගේ පපුවට තුරුල් වෙන්න හරි ආසයි මහත්තයෝ. මට පින නෑ එච්චරයි.

මගේ වාරේ ආවම හිමින් සීරුවෙ ගිහින් ඇදෙ දිගා උනා. සීතල ජෙල් එකක් බඩේ ගාලා දොස්තර මහත්තයා මට computer එකෙන් දරුවව පෙන්නුවා. චූටි බෝලයක් වගේ. දරුවගේ heart beat එක කාමරේ පුරාම දෝංකාර දුන්නා.

මට ලැබෙන්න ඉන්නේ කෙලි පැටියෙක්ලු.
මං කලින්ම කිව්වනේ කෙල්ලෙක් කියලා.

මගේ ඇස් 2 කදුලු කැට දිලුසුනා. මේ පාර නම් සතුටු කදුලු. ඔයත් ලග හිටිය නම් මාව බදාගෙන අඩාවි.

දොස්තර මහත්තයා මට බොන්නයි කියලා ගොඩක් බෙහෙත් ජාති ලියලා දුන්නා. වැඩි හරියක් විටමින්ලු. මගේ ඇග දුර්වලයිලු. මහත්තයා කොහෙද ඇහුවා. තනියමද ආවේ ඇහුවා. මං ඉතින් පොඩි බොරුවක් කිව්වා. ඔයා ආවෙ නැත්තේ ගමනක් ගිය නිසයි කියලා.

මං ඉල්ලන්නත් කලියෙන් දොස්තර මහත්තයා අපේ පැටියගේ පලවෙනි photo එක දුන්නා. මට අපේ දරුවා ඒකෙත් හරි ලස්සනට පෙනුනා අදුර ගන්න බැරි තරම් චූටි උනත්.

බෙහෙත් තුන්ඩුවත් අරං hospital එකේම ෆාමසියෙන් බෙහෙතුත් අරන් මං බස් එකට නැග්ගා. අද මං සැහැල්ලු කලිසමකට දිග blouse එකක් ඇදලා හිටියේ පහසුවට. ඇරත් දැන් ඇගට හිර ඇදුම් අදින්න හොඳ නෑ. දරුවා පවුනේ.

වැඩපල ලගින් බහිද්දී යන්තං දවල් කෑම වෙලාව.

නෙතු අක්කා මං එනකන් බලන් ඇති බත් මුලත් තියං. මට මේ සතුටු ආරංචිය කියන්න ඕන අක්කට ඉක්මනට.

අක්කව පේන මානෙදි කකුල පැටලිලා වැටෙන්න ගියත් මං ඉක්මනට බඩට අත තියා ගත්තා. දෙයියෝ බැලුවා වගේ එතනින් ගියපු පැතුම් අයියා මාව අල්ල ගත්තා. මට එලොව ගිහින් මෙලොව ආවා වගේ.

නෙතු අක්කා දුවගෙන ඇවිදින් පැතුම් අයියටත් පිං දීලා මාව වාරු කරං ගිහින් වාඩි කෙරෙව්වා.

ඉතිං..... සරං කොටයක්ද චීත්ත කෑල්ලක්ද?

චීත්ත කෑල්ලක්.

මං ලැජ්ජාවෙන් ඇබරුනා නෙතු අක්කාගේ කතාවට. මං දොස්තර මහත්තයාගෙන් ඉල්ල ගත්තු photo කාර්ඩ් එක පෙන්නුවා නෙතු අක්කාට.

බුදු සරනයි පැටියට. අක්කා මගෙ ඔලුව අත ගාලා කිව්වා.

July princess Where stories live. Discover now