10

35 5 2
                                    

පොතේ හැටියට ඊලගට කරන්න තියෙන දේ. මගේ පැටියා කවුරු වගේ වේවිද? දැන් ඉතින් කල්පනා කරන්නකෝ.

පැටියා ඔයා වගේ වෙනවට මං ආසයි සහස්න.

'එපා. අපිට හම්බෙන්නේ කෙල්ලෙක් නම් එයා ඔයා වගෙ ලස්සන වෙන්න ඕන මගේ මොලේ තියෙන්න ඕන.

කොල්ලෙක් නම් ඒත් පැටියා ඔයා වගේ වෙන්න ඕන.මං ආසයි අපේ පැටියා ඔයා වගේ දග වෙනවට.'

ඉතින් ඇයි මං වගේ විතරක්. ඔයා වගේ වෙනවට මං ආසයිනේ. එයාට ඔයාගේ දිලිසෙන ඇස් තියෙනවා නම් මං කැමති.

'එහෙනම් පැටියා අපි දෙන්නම වගේ වෙන්න ඕන.'

මට ඉස්සර අපි දෙන්නගේ හුරතල් රංඩුවක් මතක් උනා.

මං තාමත් කියන්නේ කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් එයා ඔයා වගේ වෙන්න ඕන සහස්න. එතකොට මට පාලු නෑ. ඔයාගේ කොපියක් ලග තියාගෙන ඉන්න පුලුවන්.

මං දන්නවා ඔයා ආස කෙල්ලෙක්ට කියලා. තාත්තලා වැඩිපුර ආස දූලාටලුනේ. අම්මලා වැඩිපුර ආස පුතාලටලු. ඒත් මං ආසයි මගේ පැටියා කෙල්ලෙක් වෙනවට. පුතාලා එපා කියනවා නෙවෙයි.

දුවෙක් උනොත් එයා හැමතිස්සෙම ඔයාගේ පැත්ත ගනීවි. මට වඩා ඔයාට වැඩිපුර ආදරේ කරාවි. මාත් එක්ක ඔයාගේ ආදරේට රංඩු අල්ලාවි. මං ආසයි එහෙම වෙනවට. පැටියා මට වඩා ඔයාට ආදරේ කරනවට.

ඔයා එයාට පුදුම හිතෙන තරම් ආදරේ කරාවි. මං දන්නවා. ඔයා මට ආදරේ දුන්න තරමට එයාටත් ආදරේ දේවි. ඔයා ආදරේ කරද්දි උපරිමයෙන් කරනව කියලා මං දන්නවා වස්තුව. ඉතින් අපේ මැනිකටත් ලෝකේ ඉන්න හොදම තාත්තා වේවි ඔයා.
මට සැකයි මගේ පැටියට මාව අමතක වේවි තාත්තිව දැක්කම.

මගේ පැටියට අදත් තාත්ති ගැන කියන්න එපැයි. ම්ම්ම්... ඔයාගේ තාත්ති මායි මුලින්ම ගිය trip එක ගැන කියන්නද?

තාත්තිට ආසයි කිව්වා අම්මි එක්ක පලවෙනියටම නුවර දළදා මාලිගාවේ යන්න. තාත්ති මට සුදු නෙලුම් මල් පොකුරක් අරං දුන්නා එදා. මට තාමත් මතකයි තාත්ති මාව එක එක පැති වලට හරව හරව photo ගැහුවා. නෙලුම් මලුයි මායි එකට ඉද්දී වෙන් කර ගන්න අමාරුයිලු. තාත්තිගේ සිගිති විහිලු.

අපි එදා පේරාදෙණිය පාර්ක් එකටත් ගියා. අහලා තිබුනට ගිහින් තිබුනේ නෑ අම්මි. තාත්ති කලින්ම පොරොන්දු වෙලා හිටියෙ අම්මිව හැමතැනම එක්ක යනවා කියලා.

එදා හවස තාත්ති මට romantic dinner එකක් දුන්නා. හරිම ලස්සයි. කාමරේ පුරා ඉටි පන්දම් පත්තු කරලා අපි දෙන්නා පාරෙ කඩේකින් ගත්තු කෑම එක ලිහාගෙන කෑවා. අම්මිව සතුටු කරන්න ලොකු ලොකු දේවල් ඕන නෑ කියලා තාත්ති දන්නවා. මට වැඩියෙන්ම සතුටු හිතුන දවස් වලින් එකක්.

එදා රෑ අපි අපේ උනා. අම්මි අම්මිගෙ ආත්මෙම ඔයාගේ තාත්තිගෙ නමට ලිව්වා.

(ලයිට් ලෙප්ට් වුන කාලේ😌)

July princess Where stories live. Discover now