01

77 7 1
                                    

හ්ම්ම්. අදට මාසයක්. ඔව් අපි වෙන් වෙලා අදට මාසයක්. හරියටම හේතුවක් නැතුව අපි වෙන් වුනා. මන් කොච්චර ඔයාට කතා කරන්න උත්සහ කලත් ඔයා මට උත්තර දුන්නේ නැත්තේ ඔයාට ගොඩක් වැඩ නිසා කියලා මන් හිත හදා ගත්තා.

මන් දුකින් ඉන්නකොට ඔයාට දැනෙනවා කියලා ඔයා කියනවනේ ඒ දවස්වල. ඉතින් මන් මෙච්චර වේදනාවක් දරාගෙන ඉද්දී ඔයාට දැනෙන්නේ නැතුව තියෙන්න බෑනේ දෙයියෝ. ඔයාට වැඩ ඇති මගේ කෝල් උස්සන්න බැරි තරම්. මගේ msg බලන්න බැරි තරම්. ගොඩක් බිසී ඇති. Exam ලග ඇති. නැත්තන් ඔයා මගේ msg calls නොබලා ඉන්නේ නෑ. ඔයාට මෙච්චර දවස් තරහ වෙලා ඉන්න බෑ කියලා මන් දන්නවා පන.

දන්නවද මට මේ දවස් වල හරිම අපහසුවක් දැනෙනවා. කන්න ආසාවක් නෑ. ඇගට පනක් නෑ. කොටින්ම රෑට නිදා ගන්නෙත් උදේට නැගිටින එකක් නෑ කියලා හිතාගෙන. හරිම තෙහෙට්ටුවක් දැනෙනවා.

ඉස්කෝලේ ගිහින් ඉවර උන ගමන් මගේම තාත්තයි කුඩම්මයි එකතු වෙලා මාව ගෙදරින් එලෙව්වට පස්සෙ මට කියලා ඉතුරු උන එකම කෙනා ඔයා විතරයි. ඒ දවස් වල චූටි හීරිමක් උනත් ඔයාට කියලා අඩපු මන් අද හැමදේම දරාගෙන ඉන්නවා. හරිම පුදුමයි මට මං ගැනම. කොහෙන් ආපු ශක්තියක්ද මේ සේරම දරා ගන්න.

සේරටම පස්සෙ උදේ නැගිටිද්දී මහන්සියක් දැනුනත් මොන මොනා හරි දෙයක් බඩට දාගෙන ලැහැස්‍ති වෙනවා මන්. වැඩට යන්න ඕනනේ. කැම්පස් යන්න පාස් උනත් අඟහිඟ කම් නිසා කැම්පස් නොයා වැඩට යන්න හිතුව නිසයි මේ සේරම.

මගේ මහත්තයා අදවත් දකින්න ලැබෙයිද දන්නේ නෑ කියලා හිත හිතම දිව්ව මන් බස් එකට. ඉස්කෝලේ ඒලෙවල් කරද්දී හම්බුන ඒ ඇස් 2ට මන් වහ වැටුන තරම් දන්නේ මන් විතරයි. මන් අනන්තවත් කියලා ඇති ඒ ඇස් 2 මන් ආදරේ තරම්. ඒ හැම වෙලාවකම ඔයා නම් ගිය ආත්මේ ඇස් දොස්තරයෙක් කියලා විහිලු කරන්න නම් ඔයාට අමතක උනේ නෑ.

ඒ කාලේ සුන්දර මතක මතක් කර කරම ඔයා බස් එකට ගොඩ වෙන හන්දියත් පහු කරන් ඇවිත් බස් එක. අදත් නෑ  දකින්නවත්. කමක් නෑ. මගේ ලග ඔය ඕන තරම් ෆොටෝ තියෙන්නේ බලන්න ඕන නම්. හිත හදා ගන්න හේතුද නැත්තේ.

තව කොච්චර කාලයක් බලන් ඉන්නද මහත්තයෝ. කමක් නෑ මන් බලන් ඉන්නම්. මට බැරි නෑ. ඇස් වලට උනපු කදුලු ඇහි පිල්ලම් අස්සෙම හිර කරන්න මට පුදුම හැකියාවක් තියෙන්නේ. ඒකත් මන් දැන ගත්තේ අපි වෙන් උනාට පස්සේ.

July princess Where stories live. Discover now