25🍁

147 20 11
                                    

🎭🧩🎰

" ඇයි Emma?"



"ම්ම්..."
ඔලුවෙන් එන ලොකු වේදනාවක් එක්ක Emma ඇහැරුණා. ඇස් දෙක හරිහැටි අරින්නත් කලින් ම එයාට මතක් වුණා වෙච්ච දේවල්.

'Jungkook!'
Jimin ගෙ තුවක්කුව ඉස්සරහ හිටපු Jungkook ව Emma ගෙ ඔලුවට ආවා. ඒත් එක්කම කලබල වුණු Emma ලොකු බයකින් නැගිට්ටා.

ඒත් කොහෙද මේ? මොකක්ද මේ අඳුරු කාමරේ? තවත් වධකාගාරයක්ද? ඒත් ඇයි Emma සැප පහසු King size bed එකක ඉන්නේ? ඒත් හැමදේම කළු. විදුරු ඔක්කොම වැහෙන විදියට කාමරේම අදුරු කරමින් දාලා තියෙන තිර රෙදි කළුයි. කාමරේ බිම කළුයි. Emma හිටපු ඇඳේ sheet එක කළුයි. කොට්ට උර, ලී බඩු, මේ ඔක්කොම කළු පාට. වෙච්ච දේවල් එක්ක මේ කාමරේ තවත් භයානක පාටට Emma ට පෙනුනා. එයාව හිර කරලා තිබ්බ අඳුරු කාමරය මතක් වෙලා Emma බය වුණා.

"Ju.. Jungkook... ඔයා කොහෙද??"
Emma සිහින්ව මිමිනුවා. ඇඳෙන් නැගිටින්න හැදුවත් එයාගෙ දුර්වල ඇඟ ඒක කරන්න සමත් වුණේ නෑ. ආපහු ඇඳට වැටුණු Emma වේදනාවෙන් හා බයෙන් හිමිට අඬන්න පටන් ගත්තා.

ඒත් එක්කම කාගෙ හරි පියවර හඬින් Emma තිගැස්සුනා. ඒ කෙනා ඇතුලට එන්න කළින් ඉක්මනට sheet එක අස්සට ගිය Emma ආපහු නිදි වගේ හිටියා.

පියවර හඬ ටික ටික ඇයට ලං වුණා. ඒ කෙනා Emma ගෙ එහා පැත්තෙන් ඇදේ වාඩී වුණා කියලා Emma ට දැනෙද්දි එයා තවත් බය වුණා. බයෙන් වෙව්ලන Emma එකපාරටම පුදුම වුණා.

මොකක්? කවුරු හරි එයාගෙ ඔළුව අතගානවා... හිමිට... හරියට එයාට තවත් රිද්දන්න බයෙන් වගේ...ඒත් ලොකු සනීපයක්..

හිමින් ඇස් ඇරපු Emma ගෙ ඇස් ආපු කෙනා ගෙ ඇස් එක්ක ගැටුනා. දෙන්නම පුදුමයෙන් එකිනෙකා දිහා බලා හිටියා.





"JUNGKKKOOOOOOOOKKKK !!!!!!!!!!!!!!!!!"

හයියෙන් කෑ ගහපු Emma නැගිටලා එයාගෙ එහා පැත්තෙ හිටිය Jungkook ගෙ තුරුලට පැන්නේ එයාගෙ අමාරුකම් ඔක්කොම අමතක වුණා වගේ. Emma එකපාරටම නැගිට්ට එක ගැන තාමත් පුදුමයෙන් හිටපු Jungkook හරි සිහියට ඇවිල්ලා Emma ව ඒ සමාන ශක්තියකින්ම බදා ගත්තෙ, Emma ගෙ කදුළු නොනවත්වා කඩන් වැටෙද්දී.

"Jungkook.. Jungkook.. Jungkoookkkk!!!" Emma ට තාමත් විශ්වාස කරන්න බෑ. එයා මෙච්චර වෙලා හිත හිත හිටපු කෙනා එයාගෙ ඉස්සරහ! එයාගෙ දෑත් මැද.. පරිස්සමට..

You've reached the end of published parts.

⏰ Last updated: Jan 30, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now