19 🍁

129 19 4
                                    

🎭🧩🎰

"මන් ඉන්නවා"

...

"මොකක්? තව කල් ඕනි? තාම ඉවර නෑ කියන එකේ තේරුම මොකක්ද? මොනවද මේ කරල තියෙන විකාර? මේකටද මන් ඔහේලට පඩි ගෙවන්නේ??? යනවා. ඔක්කොමල යනවා මගේ දෑහට නොපෙනී!!! ඔහේල ඔක්කොමව අස් කරනවා!!!"

💢💢

Meeting room එකේ තිබ්බ වීදුරු vase එකක් පොළේ ගහන ගමන් Emma කෑ ගැහුවේ එතැන හිටපු planning team එකේ සේරම අය භය කරමින්. Emma ගෙ කෑ ගැහිල්ල ආයතනය දෙදරෙව්ව. භය වෙලා හිටපු staff එකේ අය meeting room එකෙන් ඉක්මනටම එළියට ගියේ එයාලගෙ boss, Emma ව තවත් කේන්ති ගස්සන්න ඕනි නැති නිසා.

හැමෝම එළියට ගියාට පස්සේ ඉතුරු වුණේ එක අතක් ඔලුවේ ගහ ගෙන හුස්ම පාලනය කරගන්න හදපු Emma යි, Debby Niki දෙන්නයි විතරයි.

"පැය 6 ක්! පැය 6 ක් තිස්සේ මන් මුන් ගෙ විකාර අහන් හිටියා. එකෙක් ට බැරි වුණා හරියන plan එකක් organise කරන්න. තව කල් ඕනි ලු හ්හහ!! සතියක් කල් දීලා තිබ්බා. දීපු කාලෙන් මොනවාද කරලා තියෙන්නේ??? අහ්හ්හ්හ්!!!!!!!!!"

මේසේ උඩ තිබ්බ ඔක්කොම documents විසි කරපු Emma කෑ ගැහුවා. එයාගෙ ඔළුව රිදෙන එකත් එක්ක හුස්ම ගන්න අපහසු ගතිය ත් නිසා එයා කරන්නෙ මොනවද කියලා එයටත් තේරුණේ නෑ. අතට අහු වුණු හැම දේකින්ම තරහ පිට කරපු Emma එක පාරටම ඔළුවට අත් දෙකම ගහගෙන දෙකට නෑවෙද්දි එයා ට දැනෙන වේදනාව Emma ගෙ මූණෙන් හොඳින්ම පෙනුනා. ඒ Emma ගෙ anger issues නිසා ආපහු එයා ලෙඩ වෙයි කියලා බයෙන් හිටපු Deby Niki දෙන්නව තවත් බය කරමින්.

"Emma.."

"දැන් නෙවෙයි Deby!! එපා!! මට තනියෙම ඉන්න දෙන්න!"

කියමින් Emma meeting room එකෙන් ඉවතට යන හැටි ඔවුන් බලන් හිටියා. ඉක්මනට ම එයාගෙ පස්සෙන් ගියපු ඔවුන් Emma කේන්තියෙන් අතට අහු වෙන ඔක්කොම දේවල් පොළේ ගසමින්, කොළ වීසි කරමින් යන හැටි දැක්ක. එයාගෙ office එකට ගිහින් හයියෙන් දොර වහ ගත්තු Emma කෑ ගැහුවේ, පැය 6 ක් තිස්සේ වැඩකට නැති සේවකයෝ ටිකකගෙ නිදහසට කරුණුයි, අදක්ෂ කමයි ඉවසන් ඉඳල ඉඳල බැරිම තැන, අවුරුදු ගානක ඉදන් එයාට තියෙන කේන්තිය පාලනය කර ගැනිමේ නොහැකියාව ආපහු එයාව වෙලා ගද්දි. දොරෙන් එලියට වෙලා හිටපු Deby Niki දෙන්න ඇතුලට නොගියත් Emma ගෙ ආරක්ෂා වට දොර ළඟටම වෙලා හිටිය.

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now