23🍁

114 18 6
                                    

🎭🧩🎰

"ආගන්තුක නමුත් හුරුපුරුදු.. "

අවුරුදු 5 පොඩි ගෑනු ළමයෙක් එයාගෙ තාත්තා මරපු බලු පැටියා, ටොමී වළලපු තැන දිහා හිස් බැල්මෙන් බලන් හිටියා.

'මන් කියන දේ ඇහුවෙ නැත්තන් කවදා හරි උඹටත් වෙන්නේ මේක තමයි! '

බල්ලට ගහද්දි තාත්තා කෑ ගහපු විදිහ එයාට මතක් වුණා. ඒත් එදා ඉඳන් එයාගෙ තාත්තා හැම කේන්තියක්ම එයාගෙ පිටින් පිට කරද්දී ඒ තුවාල වලට බෙහෙත් දාන්නවත් එයාගෙ අම්මා එයාගෙ ළඟ හිටියේ නෑ. අම්මා ඒ ගැන දන්නවද කියලවත් පොඩි දරුවා දැනගෙන හිටියේ නෑ. ඒ නිසා අම්මා ඇවිල්ලා බේර ගනියි කියන අදහසත් ඇය සිතින් අතහැරලා හිටියේ.

අදත් ඒ වගේ දවසක්. Tomy ගෙ සොහොන ගාව ඉඳන් පුංචි දරුවා වෙච්ච දේවල් මතක් කරා. තාත්තා කේන්තියෙන් ඉන්න වෙලාවක පොඩි දුවට පුටුවක නින්ද ගිහින් ඉන්නවා එයා දැක්කා. "ah!! මේ ඉන්නේ අනිත් කරුමේ! පවුලට තව පිරිමියෙක් දෙන්නේ නැතුව අර ගෑනි ඉපද්දෙව්වෙ මේ කරුමේ තමයි!!"

දරුවා ළගට ගිය ඔහු නිදා ගෙන හිටි දරුවගෙ අතින් ඇදන් එයාගෙ අයියාට කලින් වද දීපු කාමරේට අරන් ගියා. ඒ, දරුවා නැගිටලා අඬන්න පටන් ගත්තා කියන එකවත් සලකන්නේ නැතුව.

විනාඩි කිහිපයක් තිස්සේ තාත්තගෙ ගුටි බැට වලට ලක් වුණු දරුවා ව එතැන දාලා ඒ තාත්තා ගියාමවත් නැගිටගන්න පණක් තිබ්බේ නැති ඒ දරුවා එහෙමම වැතිර හිටියා. පැය කිහිපයකින් නැගිට්ට ඒ දරුවාට ආපහු තාත්තා ට පේන්න යන්න තියෙන භය නිසා යන්න තැනක් හිතද්දි මතක් වුණ එකම තැන, ලොකු පයින් ගහ යට Tomy ව වළලපු තැන විතරයි. හෙමින් හෙමින් ඇවිදන් ගිහින් එතෙන්ට ගියපු ඒ දරුවාව එතනම ඇද වැටුණා. හිස් බැල්මෙන් බල්ලා වලලපු තැන දිහා බලාගෙන හිටපු එයාව, හොයන්න වත් කවුරුත් ආවේ නැති නිසා ඒ දරුවට එතනම නින්ද ගියා.

'Emma!!!!, Emma!!!!!!!!! ' කවූරු හරි කෑ ගහනවා ඇහෙද්දී ඇහැරුණ ඒ පොඩි දරුවා ඔළුව උස්සලා බැලුවා. කවුද කෙනෙක් දුවගෙන ඇගේ ළගට එනවා.. ඒත් කවුද ඒ..

' මාමා........' පොඩි දරුවා කෑ ගැහුවා. ඒ නැගිටින්න පණ නැති නිසා දුවගෙන එන මාමා දිහාට අත් දිගු කරමින්. ඇගේ ඇස් දෙකෙන් ආපු කදුළු දැක්ක මාමා ගෙ පපුව පිච්චිලා ගියා.

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now