12 🍁

128 18 2
                                    

🎭🧩🎰

⚠️ Warning

" ආදරයත් වෛරයත් අතර ඇති සිහින් රේඛාව "

In Jeon Mansion

Author's pov

Mansion එකට ආපු Jhope, company එකේ file ටිකකට Jungkook ගෙ sign එක දාගන්න එයාව හෙව්වා. Sign එක ගැනිමේ මුවාවෙන් ආවත් එයාට ඕනි වුණේ ඊයේ වෙච්ච දෙයින් පස්සේ Jungkook ගෙ තත්වේ බලන්න.

Emma එහෙම හැසිරුණේ ඇයි කියලා Jhope හොයලා බලන්න අමතක කළේ නෑ. ඒත් ඒක කොහොමද එයා Jungkook ට කියන්නේ. Emma මෙහෙට ආපු හේතුව, එයාගෙ අරමුණ, මේ දේවල් Jhope එයාගෙ underworld මිනිස්සුන්ට කියලා හොයා ගත්තත්, Emma ගැන කැමැත්තෙන් ඉන්න Jungkook ගෙ සතුට එයාට නැති කරන්න පුළුවන්ද. මේ ගැන පස්සෙ තීරණයක් ගන්න Jhope හිතුවා. මුලින් Jungkook ගැන හොයලා බලන්න ඕනි. ඊයේ එයාට ටිකක් තනියෙන් ඉන්න ඕනි කියලා තනියෙන් ගෙදර ගිය Jungkook මොනා කරගත්තාද? මේ දේවල් හිත හිතා Jungkook ගෙ room එක, එයාගෙ private office room, එක library, එක kitchen එක, gym එක මේ හැමතැනම හෙව්වාත් Jungkook කොහෙවත් හිටියේ නෑ.

Jhope's pov

'එයා ගෙදරින් එලියට ගියා වෙන්න බෑ. මොකද cars ඔක්කොම ටික garage එකේ තියෙනව. බැරි වෙලාවත්....'

Author's pov

එයාට ඔලුවට ආපු දේ ගැන Jhope ට ම භය හිතුනා. එයා දුවලා ගියේ, Jungkook ගෙ ගෙදර ඒ විශේෂ තැනට යන්න තියෙන lift එක දිහාට. Lift එකට ඇතුලු වෙලා විශේෂ බොත්තමක් ඔබපු Jhope ව lift එක අරන් ගියේ Jeon Mansion එක යට තියෙන එක්තරා බිම් ගෙයකට. මේක පාවිච්චි කලේ එකම එක දෙයකට විතරයි.

මරන්න,
වධ දෙන්න,
මිනිස්සුන් ගෙ ආත්මය ඔවුන් ගෙන් උරා ගන්න,
මේක කට අරින්නැති අයගේ කටවල් අරවන, අදාළ අයගේ කටවල් සදහටම වහන තැනක්.
කොටින්ම කිව්වොත්,,

වධකාගාරයක්..

Jungkook මේ තැන ප්‍රයෝජනයට ගන්නේ ගොඩක් ම එයාගෙ mafia වැඩ වලට. ඒත් මේ වෙලේ එයා ඉන්න තත්වේ එච්චර හොඳ නෑ. ඒ වගේ වෙලාවට එයා....

'සාතන්' වෙනවා.

Ding සද්දෙන් ඇරුණු lift එකෙන් එලියට අඩිය තියන්නත් කලින් Jhope ට ඇහුනේ වේදනාවෙන් කෑ ගහන හඬක්.

Jhope ගෙ නිගමනය හරි වගේ..
ඒත් ඒක ඇත්ත නම්...
ඒ කෙනා කවුරු වුණත් ඉක්මනින් මේ හැමදේම ඉවර කරලා මේ ලෝකෙන් යනවනම් එයාට ම හොඳ වෙයි.
නැත්තන්,, එයාට විඳින්න වෙන දේවල් මේ ලෝකේ කාටවත් හිතා ගන්න බැරි වෙයි...

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now