9 🍁

134 22 2
                                    


🎭🧩🎰

"හොඳම තුරුම්පුව "

(At Park mansion South korea)

Jimin's pov

"Mr. Park බොහොම ස්තුතියි මට ආරාධනා කරාට." ☺️

" ආපු එකට ස්තූතියි Mr. Jung"☺️

Servent ගෙනත් දීපු තේ කෝප්පය රස බලන ගමන් Park Jimin කිව්වේ සුළු මොහොතකට පෙර එයාගෙ ආරධනය පිළිගෙන පැමිණ ඔහු ගෙ ඉදිරියේ ඉඳගෙන ඉන්න Jung ව පිළිගන්න ගමන්.

" ආ ඒක බොහොම සුළු දෙයක්. කොහොමද මේ දවස් වල Business?"😊

"කිසි අවුලක් නෑ. Mr. Jung. හැමදේම හොඳින්."😊

ඔවුන් දෙදෙනාට තේ පිළිගැන්වූ අවුරුදු 30 ක් විතර වයස කාන්තාව ආචාර කර පිටව යන අයුරු ඔවුන් තේ බොන ගමන් ඇස් කොනින් බලන් හිටියා 👀. ඇය පිටව ගිය වහාම තේ එක මේසෙ උඩින් තියල නැගිට්ට Jimin, Mr. Jung ට ඔහුව ලුහු බඳින්න කියලා අතින් සන් කරේ Servent ගියපු පැත්ත දෙස අවධානය යොමු කරගෙනමයි. Mr. Jung ඔහු ගෙ පිටුපසින් ම පැමිණෙද්දී තම office කාමරේ පිටුපස ඇති දොරකින් වෙනත් කාමරයකට ඇතුළු වුණු Jimin, Mr. Jung ඇතුළු වූ පසු එහි දොර වසා දැමුවා.

"මොකක්ද ප්‍රශ්නේ Jimin? මට තේරෙන්නේ නෑ ඇයි ඔයා මන් ගෙට එන්නත් කලින් නිකන් Business partner කෙනෙක් වගේ හැසිරෙන්නේ කියලා messege කරේ කියලා . ඔයා කවුද කියලා හැමෝම අඳුරනව නේ මොකක් ද ප්‍රශ්නෙ?" 🤨

කාමරේ තිබු මේසයක් උඩ තිබ්බ laptop එකේ තිරය දෙස බලා සිටි Jimin, කට කොනක දැවටුණ හිනාවක් එක්ක Mr. Jung දෙස බැලුවා. 😏

" ප්‍රශ්නෙ මන් නෙවෙයි Jung. 😏ඔයා. 😈ඔයා එක්ක මගේ තියෙන connection එක කවුරුත් දැනගන්න බැ. මගේ ගෙදර උගේ ඔත්තු කාරයෙක් ඉන්නවා කියලා මට හිතෙනවා. 😡කවුරුත් දන්නැති Dragon, හැමෝටම හොරෙන් හැමදේම කරන කාටවත් අඳුර ගන්න බැරි වෙච්ච ඒ කපටි මිනිහා,, මගේ ගෙදර ඇතුලට ම ඔත්තු කාරයෙක් එවලා.. ඌට කොහෙන් ද එච්චර හයියක්???!!! 😡"

තම අතින් මේසයට වැරෙන් පහරක් ගසමින් කියු Jimin, Mr. Jung දෙස බලද්දී, ඔහු ගෙ මුහුනේ තිබු භයානක බව දැක Mr. Jung ගැස්සුණා.

"කොහොමද ඒක හරියටම දන්නේ.?"

"කෙනා කවුද කියලා මන් දන්නේ නෑ Jung. ඒත් මන් එච්චර මෝඩ නෑ. මගේ මිනිස්සුත් එයා අතර ඉන්නවා. මොඩයො!! උන් ට තාම බැරි වුණා ඌ කවුද කියලා හොයාගන්න. 😡
උන් ගෙන් එකෙක් තමයි මට කිව්වේ. මන් Dragon ගෙ මිනිහෙක් එක්ක කරපු deal එකක් Dragon හොයා ගෙන. 😡 ඌට වද දීලා අනිත් උන් වත් හොයාගෙන එනවා කියලා. ඒ නිසා මන් හොඳටම දන්න අය හැර අනිත් අයව විශ්වාස කරන්න අමාරුයි. හැබයි මන් හොයා ගත්තාම කව්ද මගේ ඔත්තු බලන්න ආපු එකා කියල!! මන් පන පිටින් උගේ හම ගලවනවා. 😏 ඒ වගේ fun එකක් කාලෙකින් ගන්න බැරි වුණා. උගේ හම ටික ටික ඇදිලා එද්දි.. ලේ හැම තැනම බේරෙද්දි... ඌ ගැන ඌටම අප්පිරියා හිතෙද්දි... එක පාරින් මරන්න කියලා කෑගහද්දි...... වා.. ඒ වගේ හැඟීමක්... 🤤"

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now