20 🍁

112 18 7
                                    

🎭🧩🎰

" නැවැත හමුවීම "



අන්ධකාරය..
පියවි සිහියට ආපු Emma එච්චරයි දැක්කේ.
එක් වරම දැනුනු ඔළුව කැක්කුම නිසා ඔළුවට අත තියාගන්න යද්දී තමා ඇයට තේරුණේ.

'මගේ අත පය බැඳලා!!! කොහෙද මේ මන් ඉන්නෙ. ආ!!! මගේ අත්!!'

ලණුවට කැපෙන අත පය නිදහස් කරගන්න ගියපු Emma තමා ගෙ මුණ වැහෙන්න දාලා තිබ්බේ ගෝනියක් කියන එක තේරුම් ගත්තා.

'මොනවද මට වුණේ? ඇයි මන් මෙතන ඉන්නේ? කව්ද මාව ගෙනාවේ? මට මොනවද උන් කරේ?!!!!!!!! '


Earlier that day

Jungkook, Emma, Deby Niki සහ Jhope Emma ගෙ office එකේ contract එක ගැන සාකච්ඡා කරමින් සිටියා. ඊයේ වෙච්ච දේවල් නිසා අවුල් ජාලාවක් වෙලා තිබ්බ Emma ගෙ office එක ඒ වෙද්දි ආපහු යතා තත්වෙට පත් කරලා තිබ්බා.

" Ms. Emma, එතකොට temporary workers ලා හොයාගන්නෙ කොහොමද? අපේ company එක කාලයක් තිස්සේ ගනුදෙනු කර ගන්න ආයතනයක් තියෙනවා. ඒකෙන් ගන්න පුළුවන්. නැත්තන් Ms. Emma ගාව වෙන අදහස් තියෙනවාද?" Jhope ඇහුවා.

"ම්.. අපිත් ගනුදෙනු කරන ආයතන දෙක තුනක් තියෙනවා Mr. Jhope. ඒත් අපි ඔයාල කියන Company එකත් එක්ක යමු. හදිස්සියේම ප්‍රශ්නයක් ආවොත් අපි කියපු Company එකකින් workers ලා ගෙන්නමු. එහෙම හොඳයි නේද Jun.. ම්.. Mr. Jeon. "

Emma ගෙ Mr. කෑල්ල නිසා Jungkook ට හිනා යන්න ආවත් එයා ඒ හිනාව බොහොම අමාරුවෙන් නවත්ත ගත්තා. මේ වෙන දේවල් ඔක්කොම Deby, Niki දෙන්න සැක සහිත ඇස් වලින් බලන් හිටියා 🤭. ඊයේ Jungkook Emma ව බදාගත්තා. ඒකට කලබල වෙනවා වෙනුවට Emma ඒක නිසා සන්සුන් වුණා. අද මේ දෙන්නා අතර හුවමාරු වන සියුම් සියුම් කෝල හිනා Deby Niki ගෙ ඇස් වලින් මඟ හැරුණේ නම් නෑ. 🤭 Emma ත් Deby Niki දෙන්නට සිද්ධ වෙච්ච දේවල් තාම කියලා නැති නිසා ඒ ගැන nervous වෙලා හිටියේ. ඒකයි අමුත්තක් පෙන්නන්නැතුව ඉන්න එයා try කරේ ඒත් ඒක හරි ගියේ නම් නෑ. 🤭කොහොම නමුත් හොරේ අල්ලාගන්න meeting එක ඉවර වෙනකම් ඒ දෙන්නා බලාගෙන හිටියා.

" හරි දැනට කතා කරගන්න තියෙන්නේ එච්චරයි. Project එක කරන තැන බලන්න යන්නේ අද හවසට." Deby කියද්දි අනිත් අය files වහලා නැගිටින්න හැදුවේ. මේ වෙලාවේ තමා Deby Niki ට ඇහැක් ගහලා මතක් කලේ.

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now