6 🍁

187 24 8
                                    


🎭🧩🎰

"ජීවිත වෙනස් කරන හමුවීම් "

...
"😭 තාත්තා... මගේ තාත්තා.... එයා සිය දිවි නසා ගෙන!!!!! "...

😳😳😳

එක පාරටම පිටු පසින් ඇහුන යමක් වැටෙන සද්දය දෙස Deby සහ Niki බැලුවේ බයෙන්.

" Emma!!!!!!!! "

...

එදා ඉදලා Emma ගෙ ජිවිතය සම්පූර්ණ යෙන් ම වෙනස් වුණා. ලෝකය ගැන කිසි බරක් නැතුව, තමන් ගෙ යාළුවෝ සහ මාමා ගෙ සෙවනේ සැහැල්ලුවෙන් ජීවත් වුණු Emma ගෙ මුළු ජීවිතය ම කනපිට පෙරලුණා. පොඩි කාලේ ඉඳන් අම්මා තාත්තා දෙන්නම වෙලා තමන් ව බලා ගත්තු මාමා, අද Emma ගෙ ජීවිතේ නෑ.

අවසාන වතාවට මාමා ව බලාගන්න වත් Emma ට නොහැකි වුණේ, හරි පුදුමාකාර විදිහට ලංකාවේ ඉදපු Emma ගෙ තාත්තා Emma ගෙදර එන්නත් කලින් මාමා ගෙ අවසන් කටයූතු කරලා ඉවර වුණු එක. තාත්තා කවදාවත් korea ආවේ නෑ. ඒක Emma දන්නව. Leona කියපු විදිහට එයා දන්නෙත්, Emma ගෙ තාත්තා ගෙ employee කෙනෙක් හැමදේම කරලා ඉවර වුණා කියන එක විතරයි.

Leona ත් මාමා ගෙ body එක දැකල තිබ්බේ නෑ. හැමදේම ගැටළු කාරී වුණත් ඒ වෙලේ Emma ට ඒ කිසි දෙයක තේරුම හොයා ගන්න වෙලාවක් තිබ්බෙ නෑ. මාමා නැති වුණා කියල Emma ට ඇහුන ගමන් එයාගෙ ඔලුවට ආවේ එක දෙයයි.

' " අනේ!!!!!!!! 😳😳😳🥺🥺🥺🥺🥺🥺 ඔයා Leona ට නම් ඔහොම නෑ මාමේ. මට විතරයි. ඇයි මම ඔයාගෙ දුව නෙවෙයි නේ. මට ඉතින් කවුරුත් ආදරේ නෑනෙ 😖."
"නෑ ඇති. ඔයාට යන්න පුළුවන් Emma. Leona ට නිදහස දීල ඔයාට වද දෙනව වගෙ දැනෙන විදිහට වැඩ කලානම් Sorry. යන්න ගිහින් විනෝද වෙලා එන්න."
"අනේ මාමේ මන්.."
"මන් තරහ නෑ යන්න දැන්" '

අවසාන වතාවට වත් පොඩි කාලේ ඉදන් තමා ව බලාගත්ත එකට ස්තූතියි මාමේ,මන් මාමා ට ගොඩක් ආදරෙයි,මාමා තමා මට තියෙන හැම දේම, මේ කිසි දෙයක් මාමා ට කියා ගන්න බැරි වුණා කියන පසු තැවීම අවුරුදු 3 ක්‌ තිස්‌සේ, හැම දවසක ම Emma ට දරුණු ලෙස වද දුන්නා.
අන්තිම වතාවටත් මාමා ගෙ හිත රිද්දපු මතකය විතරයි, Emma ගෙ හිතේ තිබ්බේ. එදා අඩුම ගානේ එයා හැරිලා ගිහින් මාමා ට කතා කරානම්... අන්තිම වතාවට හරි මාමා බදාගන්න තිබ්බනම්... තව එක සැරයක් මාමා ව දකින්න තිබ්බනම් .... දවසින් දවස මේ සිතුවිලි Emma ව පීඩාවට පත් කලා..

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now