16 🍁

144 20 3
                                    

🎭🧩🎰

" ඇත්ත මොකක්ද?"

Author's pov

"වා කෑම ජාති ගොඩ 🤭"

පිළිගන්වා තිබු ආහාර පාන දැක Niki, Deby ට සහ Emma ට පමනක් ඇසෙන ලෙස පැවැසුයේ තුන් දෙනාටම හිනා යද්දී.

"ශ්ශ්.. මැට්ටියේ කාට හරි ඇහුනොත් වස ලැජ්ජාව 😂"

Deby පැවැසුයේ හිනාව බොහොම අමාරුවෙන් තද කරගෙන.

යාළුවෝ දෙන්නගෙ පිස්සු වැඩ හමුවේ හිනා වුණත්, Emma තාමත් හිටියේ contract එකේ සිහියෙන්. කෑම පිළිගන්වා තිබු hall එකේ අයිනකට වෙන්න වාඩි වෙලා හිටි ඔවුන් ටික වෙලාවකින් කාලා ඉවර වෙච්ච plates ටික මේසයක් උඩින් තියල කවුරුත් වැඩිය නැති නිස්කලංක තැනකට ආවා.

(Deby)" Emma ඔයා තාමත් බය වෙලාද ඉන්නේ? හිතන්න එපා අනේ, ඔයා මරුවට කලා. මන් බලන් හිටියේ ඔයා අන්තිම ටික කරද්දී අර Jeon Jungkook ගෙයි එයාගෙ එහා පැත්තෙ හිටපු කෙනාගෙයි ඇස් උඩ යන විදිහ 😏. "

(Niki) "එහා පැත්තෙ එක්කෙනා ගැන ඇයි මෙච්චර උනන්දුවක් ~~🤭"

(Deby)" මොකක්? යා කතා හදන්න එපා දේශද්‍රෝහියා.. 😖"

(Niki)" මුණත් රතු වෙලා ආව් ආව්.. 🤭🤭"

(Deby)" යා... නවත්තනවාකො මිනිහො 😂"

Emma ගෙන් සද්දයක් නැත්තේ එයාගෙ හතුරෙක් ගැන කියවන එකට Emma ට කේන්ති ගිහින් වත්ද කියලා බලන්න Emma දිහා බලපු ඒ දෙන්නා දැක්කේ Emma බර කල්පනාවක වැටිලා ඉන්න විදිහ.

(Deby)" Emma.. "

එක පාරටම තමන් ගෙ සිතුවිලි දාමයෙන් බිඳුණු Emma තිගැස්සී Deby දිහා බැලුවා.

(Emma) "අ..ඇයි Deby"

(Deby) "මොනවද ඔයා හිතන්නේ Emma?"

(Emma) "නෑ මුකුත්... "

(Niki) "කිසි දෙයක් හංගන්නෙ නෑ කියලා ඔයා අපිට පොරොන්දු වුණා Emma. ඔයාට අපිව විශ්වාසයි නේද "

තව දුරටත් හිතේ තියන් ඉදලා වැඩක් නෑ කියලා තේරුණ නිසා දිග හුස්මක් පිට කරලා Emma එයා හිත හිත හිටපු දේ කිව්වා.

(Emma)" මට බයක් දැනෙනවා."

(Deby) " Contract එක ගැනද? Emma, විශ්වාස කරන්න ඔයා තරම් මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් මන් දැකලම නෑ. ඔයාට මේක ලැබෙනවා. ඔයා ඒකට සුදුසුයි."

HERE FOR REVENGE HONEYWhere stories live. Discover now