Episode 22 ( Final )

1.1K 168 123
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

කිසිම කෙනෙක් නොසිතපු විදියට හයිකුආන්ගෙ හඩින් නමක් පිට වුනේ සියලුම දෙනාව පුදුම කරමින්..

" හයිකුආන් ඔයා මෙයාව දන්නවාද "

" ආ.... මේ.. නැ නැ , මට කොල් එකක් ආවා. කොල් එක ආපු කෙනාගෙ නම කියවුනේ ඒ."

" ඒක මිසක් , මෙයා නම් මිනිමරුවා වෙන්න බැ නෙද. මේ පොඩි කොල්ලෙක්නෙ.අතෙ කිසිම ආයුධයක් වත් නැ.. "

" ඔව් yizhou මෙයා වෙන්න බැ.. "

" හ්ම්ම් , Haoxuan තව ටිකක් හොදට විඩියො එක බලන්න , එතකොට මේ හොටෙල් එකෙ ඉන්න කිසිම කෙනෙක්ට එලියට යන්න දෙන්න එපා. හැමොගෙන්ම ප්‍රශ්න කරන්න .. "

" හරි සර් "

" හයිකුආන් අපි එහෙනම් යමු "

ලැප්ටොප් තිරය මත තිබෙන රූපය දෙස නැවත වරක් බලමින් හයිකුආන් yizhou සමගින් හොටල් සංකිර්ණයෙන් පිට විය. Yizhou ගෙ නවාතැනට පැමිනෙනකන් හයිකුආන් ඔහු සමග කිසිදු වචනයක් කතා කලේ නැත. නිවසට ඇතුලු විමට පෙර yizhou තම හඩ අවදි කලෙ ඔහුගෙ සිතෙහි සැකයක් ඇති වි තිබු නිසා.

" හයිකුආන් මට ඒ කොල්ලාව කොහෙදිහරි දැකලා පුරුදුයි.."

" මොන කොල්ලාද "

" අර විඩියො එකෙ හිටියෙ ."

" අහ් , මට නම් මතකයක් නැ. ඒක නෙවෙයි yizhou මන් හෙට ආයෙත් යුනිවර්සිටි එකට යනවා."

" හෙට , ඔයා පොරොන්දු වුනා තව දවස් දෙක තුනක් ඉන්නවා කියලා ."

" පොරොන්දු වුනා තමයි , ඒත් හදිස්සියෙම මැඩම් ජියා ආයෙත් එන්න කිව්වා.."

" හ්ම්ම්ම් "

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🚫 නැවතත් වර්තමානයට

" හයිකුආන් එතකොට ඔයා කියන්නෙ ඒ මිනිමැරුම් කලෙ චාන් කියලාද "

" නැතුව වෙන කවුද zanjin .. ටිකක් හිතන්න ඒ මහ රෑ ඇයි චාන් ඒ හොටලයට යන්නෙ. අනිත් එක ඒ මිනිමැරුම් කරලා තියෙන විදිය. සාමාන්‍ය මනුස්සයෙක්ට ඒහෙම කරන්න බැ ...එතකොට එයාගෙ ඇස්.." හයිකුආන් කතා කලෙ ලොකු විශ්වාසයකින්..

" එහෙනම් ඇයි ඔයා ඒ ගැන yizhou ට නොකිව්වේ."

" මන් දන්නෙ නැ zanjin .. එකපාරටම මට හිතාගන්න බැරි වුනා මම මොනාද කියන්න ඔනෙ කියලා .."

Secret's Entrance (Complete  )Where stories live. Discover now