Episode 13

536 126 20
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ඒ කටහඩ සෙමෙන් මැකියනවාත් එක්කම චාන්  තමන්ගෙ අත  දිහා බැලුවේ වෛරය මුසු බැල්මකින්....

           🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

පහුවෙනිදා උදෑසනම හයිකුආන්ගෙ කාර්යාලයට හයිකුආන් නොහිතපු විදියෙ පණිවිඩයක් අරන් අමුත්තෙක් ආවෙ ඔහුව පුදුම කරමින්. ඔහු නමින් Wang Yizhou.. පොලිස් නිළදාරියෙක් වන ඔහු උදෑසනම හයිකුආන්ව හොයන් ආවේ කලින් දවසෙ රෑ වුන මිනි මැරුම් සම්බන්ධව කතා කරන්න.. Yizhou සහ හයිකුආන් කියන්නෙ පාසල් කාලයේ සිටම මිතුරන් වු නිසා මෙය රාජාකාරි මට්ටමෙ කතාබහක් නම් වුනේ නැ..

" හයිකුආන් අපි ඒ ළමයාව කැලේ ඉදලා හොයාගත්තා. තුවාල වෙලා හිටපු නිසා එයාට වැඩි දුරක් යන්න හම්බෙලා නැ.."

" හ්ම්ම්ම් "

" මට උබ ඉන්න තත්වේ තේරෙනවා . උබට කරන්න පුලුවන් දෙවල් වල සීමාවක් තියෙනවා නෙ හයිකුආන් .."

" ඒත් Yizhou මට බෑ මේ දෙවල් දිහා තවත් බලන් ඉන්න. උබ දන්නවා මන් කිසිම දවසක මෙහෙම නිකන් උඩ බලන් ඉන්න කෙනෙක් නෙවෙයි කියලා .."

" ඔව්.ඒත් අපිට කො සාක්ෂි . මේ හැමදෙයක්ම ලස්සනට යටගහනවා හයිකුආන් . දැන් මේ අවුරුද්ද පුරාම වුන හැම මිනිමැරුමක්ම අර ළමයා පිටින් යවන්න වෙලා තියෙන්නෙ අපිට . කොහොමද අපි ඇත්ත කියන්නෙ . කවුද ඒ දෙවල් විශ්වාස කරන්නේ ."

" දැන් ලී කොහෙද "

" එයා හොස්පිටල් එකෙ . එයාගෙන් අපි අද ප්‍රශ්න කරනවා.."

" හ්ම්ම්ම් ඒක හොදයි "

" එහෙනම් හයිකුආන් මම දැන් යනවා. ඉක්මනට මේ හැමදෙයක්ම විසදමු ."

Yizhou එහෙම කියන ගමන් එතනින් ගියේ මේ හැමදෙයක්ම ඉක්මනට විසදන්න ඔනෙ කියලා හිතාගෙන..

       🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

විශ්ව විද්‍යාලයෙ එකදිගටම සිද්ධ වුන මිනිමැරුම් නිසා මැඩම් ජියා සියලුම ඉගැන්විම් කටයුතු ටික කාලෙකට නතර කරන්න කිව්වෙ ළමයින්ගෙ වගෙම ගුරුවරුන්ගෙ හිත් වලටත් විවේකයක් ලැබෙන්න ඔනෙ නිසා. ඒත් කිසිම කෙනෙක්ට ගෙදර යන්න නම් අවසර ලැබුනේ නැ. මේ තත්වය උඩ සිසුන්ව ගෙදර යවන එක එච්චර හොද දෙයක් නෙවෙයි කියලා මැඩම් ජියාට හිතුනා.

Secret's Entrance (Complete  )Where stories live. Discover now