Episode 20

565 147 27
                                    



🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

හයිකුආන්ගෙ වචන වල තිබුනේ ලොකු වේදනාවක් වගෙම කොපයක් .. ඔහු කාමරයෙන් පිට වුනේ තවත් zanjin සමග වාද කිරිමට වුවමනාවක් නොතිබුන නිසා...

කාමරයෙන් පිටවන හයිකුආන් දෙස නිශ්ශබ්දව බලා සිටි zanjin නැවතත් පියානොව වාදනය කරන්න ආරම්භ කලත් ඔහුට එය වාදනය කිරිමට නොහැකි වුනේ පන්ති කාමරයට හදිස්සියෙම පැමිණි චාන් ඇතුලු පිරිස නිසා . චාන් ඇතුලු පිරිසව දුටු zanjin එක්වරම බිය වුනත් ඔහු ඒ බව නොකියා සාමාන්‍ය අයුරින් කතා කරන්න පටන් ගත්තෙ කිසිම කෙනෙකුට සැක නොසිතෙන ආකාරයට..

" චාන් , මොකද මේ හදිස්සියෙම .."

" අපි ආවෙ සර්ගෙන් පොඩි දෙවල් ටිකක් දැනගන්න "

" මගෙන් , ඒ මොනවාද " zanjin ඇහුවේ හැමොම දිහා කුතුහලයෙන් බලමින් .

" සර් දන්නවාද මේ ගමෙ ඉතිහාසය ගැන , එතකොට මේ යුනිවර්සිටි එක ගැන එහෙම.."

" අහ් , ඒ ගැන නම් මම දන්නෙ නැ ළමයි .  මන් මෙහෙ කෙනෙක් නෙවෙයි නෙ."

" සර්ට හොදටම විශ්වාසයිද "

" ඔව් , ඔයාලාට ඔනෙ එක දැනගත්තානෙ . දැන් එහෙනම් යනවාද මට වැඩ තියෙනවා . "

zanjin කලබලෙන් එහෙම කියන ගමන් ආයෙත් පියානො එක ලගට ගියේ චාන් දිහා නොබලාම. එහෙත් චාන් වගෙම අනිත් හැමොමත් zanjin ගැන හිටියෙ සැකයෙන්. පුස්තාකාලයෙන් ගෙනාව දිනපොත අතට ගත්තු චාන් zanjin ළගට ගියෙ පොතෙ අවසන් පිටුව පෙරලමින්.

" මන් හිතන්නේ මේ දිනපොත සර්ගෙ වෙන්න ඔනේ."

චාන් අතෙ තියෙන දිනපොත දකිනවාත් එක්කම zanjin ගෙ හැගිම් වෙනස් වුනේ නොහිතපු විදියට . ඔහුගෙ මුහුනෙන් පෙනුනෙ කලබලයක් වගෙම බියක්.. චාන් අතෙ තිබුන දිනපොත උදුරලා ගත්තු zanjin කොපයෙන් කැගැසුවේ කාමරයෙන් එලියට යන්න කියලා . එහෙත් කිසිම කෙනෙක්ට කාමරයෙන් එලියට යන්නට නම් වුවමනාවක් තිබුනේ නැත.

" සර් අපි හැමදෙයක් ගැනම දැන් දන්නවා . අපිට ඔනේ හරියටම මෙතන සිද්ධ වෙන දේ මොකක්ද කියලා දැනගන්න විතරයි ."

Secret's Entrance (Complete  )Where stories live. Discover now