Episode 05

474 135 4
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

පඩිපෙල ගාව තිබුන කැමරාවත් ගලවගෙන ඉස්තොප්පුවට ආපු හැමොම ආයෙත් නතර වුනෙ එයාලාට අමුතු දෙයක් දැනුන නිසා....

ඉස්තොප්පුව කෙළවරේම තිබුන කාමරෙන් එකපාරටම අමුතු සද්දයක් ඇහෙන්න පටන් ගත්තෙ මේ අයගෙ හිත් වලට අමුතු බයක් එක් කරමින් . අපහැදිලි කටහඩක් වුනත් ඒ ශබ්දය කැළැ සතෙක්ගෙ කියලා හැමොටම තෙරුනා..

" ඒ සද්දෙ නම් සතෙක්ගෙ වගෙ චාන් "

" ඔව් යිබො , මොකද කරන්නෙ ගිහින් බලමු ද.."

" ඔයි පිස්සු කතා කරන්න එපා , දෙන්නාටම අමතක වුනාද අපි දැන් මෙතන මොකක්ද කලෙ. පිස්සු නැතුව ඉක්මනට මෙතනින් එළියට යමු."

" හ්ම්ම් ඔව් චාන්  , යු බින් කියන එක ඇත්ත. අපි දැන් යමු..."

හැමොම අද්භුත ගොඩනැගිල්ලෙන් එලියට ආවත් චාන්ගෙ හිත තාමත් ගොඩනැගිල්ල ඇතුලේ. ඒ කාමරය ඇතුලෙ මොනවාද තියෙන්නෙ කියලා දැනගන්න චාන්ට ලොකු වුවමනාවක් තිබුනා. ඒත් මේ ඒකට වේලාව නෙවෙයි කියලා තෙරුන නිසා චාන් ඒදෙ අමතක කරලා ගොඩනැගිල්ලෙන් එලියට ආවේ නැවත වරක් ගොඩනැගිල්ල දිහා බලලා.

   🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" ඔබ දන්නේ නැද්ද මෙහි මත්පැන් පානය කිරිම තහනම් කියලා.."

" ඇත්තෙන්ම , මම එහෙම එකක් දැනගෙන හිටියේ නැ. ඒත් ඇත්තටම මම දැන් ඉන්නෙ වහලය උඩ නිසා මට ඔය නිතී අදාල නැ නෙද "

" ඔබ කුමක්ද කිව්වෙ."

🔹🔹

" හරි , යිබො ඔයාගෙ මුනෙන් තව කේන්තිය පෙන්න ඔනේ. මොකද ලාන් වංශෙ නිති අකුරටම පිළිපදින කෙනෙක් ."

"හරි සර්.."

" හරි එහෙනම් අදට පුහුණු විම් එච්චරයි . දන්නෙම නැතුව රෑ අටත් පහුවෙලා. මැඩම් ජියා එහෙම දන්නවා නම් අපි තාම මෙතන ඉන්නවා කියලා හොදටම බැනුම් අහන්න වෙනවා. එහෙනම් ගුඩ් නයිට් ලමයි ."

" ගුඩ් නයිට් සර්....."

හයිකුආන් පන්ති කාමරයෙන් පිටත් වනවාත් සමගම අනිත් සියලුම දෙනාත් පිටත් වුනෙ තමන්ගෙ නෙවාසිකාගාර වලට යන්න. නෙවාසිකාගරයට යන ගමන් යු බින් ලී ගෙන් එකදිගටම ඇහුවේ කලින් දවසෙ රෑ ලී කරපු ප්‍රර්ථනාව මොකක්ද කියලා . ඒත් ගේම් එකෙ නිතී හොදටම දැනගෙන හිටිය ලී කියටවත් ඒ ප්‍රර්ථනාව මොකක්ද කියලා නම් කිව්වෙ නැ.

Secret's Entrance (Complete  )Where stories live. Discover now