Episode 17

464 127 15
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

" මේ මම කිසිම දවසක මතක් කරන්න අකමැති මගෙ අදුරු අතීතය. මන් දන්නවා මේ කතාව ඇහුවාට පස්සෙ ඔයාලා මට වෛර කරයි . ඒත් මතක තියාගන්න  මම කිසිම දවසක ඔයාලාට වැරද්දක් කරන්න හිතුවේ නැ..."

      🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🚫 වසර 24 කට පෙර....

ආදරය කියන දේ කවදා කොහොම කොතනදි ඇති වෙයිද කියලා කිසිම කෙනෙක්ට කියන්න බැ. Carman lee ගේ හිතෙත් Jianmin ගැන ආදරයක් ඇති වුනේ ඇයටත් හොර රහසේමයි.ඒත් Jianmin කියන්නෙ ඇත්තටම කවුද කියලා දැනගන්න කොට lee ගොඩක් පරක්කුයි ... jianmin කියන්නෙ යක්ෂාධිපතියාගෙ හොදම සේවකයා බව දැන දැනත් lee ඔහුව විවාහ කරගත්තේ ඇයගෙ හිතේ ඔහු ගැන තිබු ආදරය නිසා. Lee පමණක් නොව jianmin ගෙ හිතෙත් lee ගැන කිසිදාක නොවෙනස්වන ආදරයක් තියෙනවා කියලා lee හොදටම දැනගෙන හිටියා..

ලස්සන ආදර කතාවක් විවාහයෙන් අවසන් වුනාම ඒ ආදර කතාවට ලැබෙන වටිනම තෑග්ග තමයි දරුවෙක් කියන්නෙ ..විවාහ වෙලා මාස කිහිපයක් යනකොට lee ගැබ් ගත්තේ jianmin ගෙ නොවෙනස්වන ආදරයත් එක්කමයි.. දින සති මාස ගෙවිලා ගියේ lee කුසට මාස නවයක් සම්පුර්ණ කරමින්.. lee ගෙ දරු ප්‍රසුතියත් ලගම නිසා jianmin , lee ගේ ළගටම වෙලා  හිටියෙ ඇයට කරදරයක් වෙයි කියලා බියක් දැනුන නිසා.දෙදෙනාගෙම බලාපොරොත්තු සෑබැ කරමින් අමාවක රත්‍රියක lee තම දරු ප්‍රසුතිය සිදු කලේ මේ ලොකේ වටිනම තෑග්ග jianmin අතට ලබා දෙමින්..

දෙදෙනාගෙම කැමත්ත පරිදි අලුත උපන් සාමාජිකයාට ශියාඕ චාන් යන නම තැබුවේ මහත් සතුටකින්. එහෙත් ඒ සතුට තිබුනේ මාස තුනක් පමණයි .. චාන්ට මාස තුනක් සපිරෙන ජන්ම දිනය දවසේ චාන් නොනවාත්වාම හඩන්න පටන් ගත්තේ lee ව වගෙම පවුලේ හැමොම බිය වද්දමින්. පැය කිහිපයක් නොනවත්වා හඩන චාන්ගේ වම් අත අහම්බෙන් දැකපු lee බියෙන් කැගැසුවේ තමන් කිසිමදාක බලාපොරොත්තු නොවුන දෙයක් සිදු වන බව තෙරුන නිසා. කුඩා චාන්ගෙ වම් අතේ මැණික් කටුව අසල පස්කොන් තරුවට සමාන සලකුනක් මතු වුනේ jianmin වත් බිය වද්දමින් ..

" මේ මොකක්ද මේ සලකුණ. ඔයා මට පොරොන්දු වුනා. අපෙ දරුවාට මේ කිසිම දෙයක් නොලැබෙන බව.ඒත් ඇයි මේ.."

Secret's Entrance (Complete  )Where stories live. Discover now