Episode 01

1.4K 164 13
                                    


Liu haikuan p.o.v

" මැඩම් ඔයා හදන්නෙ මේක රහසක් විදියට තියාගන්න ද? "

" මෙතන කිසිම රහසක් නැනෙ හයිකුආන් . මෙතන වෙලා තියෙන දෙ හැමොටම පෙනවානෙ. ඒ ලමයාව වැරදිමකින් ඒ පඩිපෙලෙන් වැටිලා මැරුනා.."

" මැඩම් ඔයා හොදටම දන්නවා . එතන වුනෙ වැරදිමක් නෙවෙයි කියලා . ඒ වගෙම ඔයා දන්නවා ඒ තැන මොන වගෙ තැනක්ද කියලා . මේ අවුරුද්දට වුන කිවෙනි මරනෙද මේ. ඔයා හදන්නෙ මේ හැමදෙයක්ම හංගන්නද ආ."

" මිස්ටර් හයිකුආන් , ඔයාගෙ ඔය හිතේ තියෙන මනස්ගාත දැන්ම අයින් කරගන්න . ඔය විකාර අලුතෙන් එන ලමයින්ගෙ ඔලුවල පුරවන්න නම් ලැස්ති වෙන්න එපා. ගිහින් හෙට අලුත් ලමයිව පිලිගන්න වැඩෙ හරිද බලන්න . "

මට තෙරුනා මැඩම් එක්ක තවත් කතා කරලා වැඩක් නැ කියලා . මම ලියු හයිකුආන් , ෂැංහයි කලා විශ්ව විද්‍යාලයෙ ගුරුවරයෙක් විදියට දැන් අවුරුදු පහක ඉදන් වැඩ කරනවා. දැන් අවුරුදු කිහිපයක ඉදන් අපෙ යුනිවර්සිටි එකෙ හරි අමුතු දෙවල් සිද්ධ වෙන්න පටන් අරන්. කොටින්ම කිව්වොත් අනිවාර්යයෙන් මාසෙකට සැරයක් යුනිවර්සිටි එකෙ ලමෙක් මැරෙනවා. පුදුමේ කියන්නෙ ඒ මරන ඔක්කොම හදිසි අනතුරක් හො සියදිවි නසාගැනිමක් විදියට පේන එක. ඒත් මට හිතෙන විදියට මෙතන ඊට වඩා දෙයක් තියෙනවා . යුනිවර්සිටි එකෙ පාලකයන්ට ඔනෙ මේ දෙවල් හංගන්න වගෙම මගෙ කටත් වහලා තියන්න. ඉතින් හැමදාම වගෙ මේ පාරත් මැඩම් ජියා හැමදෙයක්ම හැංගුවා. මටත් කටවහන් ඉන්නවා ඇරෙන්න කරන්න කිසිම දෙයක් නැ .

🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" හරි මම හිතුවා වගෙම තාම එයා නිදි "

" මන් කිව්වානෙ උබට එයාට වැඩිය බොන්න දෙන්න එපා කියලා . උබ දන්නවා නෙ චාන් බිව්වාම කොහොමද කියලා . දැන් ඉතින් යුනිවර්සිටි යන පලවෙනි දවසෙම පරක්කු වෙලා යන්න වෙන්නෙ."

" හරි හරි දැන් ඉතින් බිලා ඉවරයි නෙ. උබ හිටපන් මන් ගිහින් එක්කන් එන්නම් චාන් ව."

ඒ කලබලෙන් චාන්ව එක්කන් එන්න ගියේ වන්ග් යිබො. එතකොට එතන හිටිය අනිත් කෙනා තමයි යු බින්. අද එයාලා යුනිවර්සිටි යන පලවෙනි දවස. යුනිවර්සිටි ගියාම ආයෙ බොන්න හම්බෙන්නෙ නැති නිසා කලින් දවසෙ රෑ ඇති වෙනකන් බිපු මෙයාලාට අමතක වුනා චාන් බිව්වාම දවසක් යනකන් නැගිටින්නෙ නැ කියලා . වෙනදා වගෙම චාන් අදත් යුනිවර්සිටි යන එක අමතක කරලා නිදාගෙන හිටියෙ කලින් දවසෙ බිපුවා තාම ඇගෙ තිබුන නිසා. චාන්ට බැන බැන එයාගෙ කාමරෙ ඇතුලට ගිය යිබො දැක්කේ සපත්තු දෙකත් දාගෙනම නිදාගෙන ඉන්න චාන් ව.

Secret's Entrance (Complete  )Where stories live. Discover now