Episode 18

520 132 10
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ඒත් සමගම යක්ෂාධිපතියා චාන් සමග අතුරුදහන් වුනේ lee ගේ විලාප හඩත් සමගින්....
 
       🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🚫 වසර 08 කට පසු

" චාන් ඔයාට දැන් අවුරුදු 18. ඒ වගෙම ඔයාගෙ බලයත් සම්පුර්ණයෙන්  ඔයාට ලැබිලා ඉවරයි .. ඔයාගෙ උරුමය ලබා ගන්න දැන් කාලෙ හරි .."

මෙතෙක් වෙලා නිහඩව තම අසුනට වෙලා හිදගෙන සිටිය චාන් එක්වරම තම අසුනෙන් නැගිට්ටේ යක්ෂාධිපතියාගෙ රත් පැහැති දෑස් දෙස බලමින්. මේ අවුරුදු අට පුරාවටම යක්ෂාධිපතියාගෙ දෑස් වලින් චාන් දුටුවේ සෙනෙහසක් පමණි. එහෙත් අද ඒ දෑස් වල වටහා ගැනිමට අපහසු හැගිමක් ලියවිලා තියෙනවා කියලා චාන්ට තෙරුනා. චාන් දැනටමත් ඔහුගේ සියලුම බලයන් ලබා ගෙන අවසන්. මේ ලොකයේ සිටින බලවත්ම පුද්ගලයා චාන් බව අසුර ලොවේ සියලුම දෙනා වටහාගෙන අවසන්. දැන් සියලුම දෙනා බලා සිටින්නේ චාන් ඔහුගෙ උරුමය ලබා ගෙන මුලු මනුෂ්‍ය ලොකයෙම ඔහුගෙ අණසක පතුරවන්නෙ කවදාද කියා. එහෙත් චාන් තවමත් නිහඩයි. ඔහුගේ දෑස් තවමත්  යක්ෂාධිපතියාගෙ දෑස් අසලය..

" චාන් ඇයි කතා නැත්තේ."

යක්ෂාධිපතියා කුතුහලයෙන් ප්‍රශ්න කලෙ චාන්ගෙ හැසිරීම වෙනදාට වඩා අමුතු නිසා. මේ අවුරුදු අට පුරාවටම කිසිම දවසක චාන් ඔහු ලගදි මේ විදියට නිශ්ශබ්දව නොසිටිය බව යක්ෂාධිපතියාට හොදටම විශ්වාසයි. කුඩා කාලයෙ සිටම චාන්ගෙ කට වහන එක යක්ෂාධිපතියාට කරන්න බැරි වැඩක්. ඒ වගෙම ඔහු චාන්ට ඇත්තටම ආදරය කලා. තමන්ගෙ උරුමක්කාරයාට ඔහු අවංකවම ආදරය කලා. නමුත් ඔහු දැන් නිහඩයි..

" චාන් ඔබේ උරුමය ගන්න ලැස්ති නෙද "

" කොහෙත්ම නැ "

චාන්ගෙන් ලැබුණ ඒ පිලිතුර ඔහු කිසිදාක බලාපොරොත්තු නොවු පිලිතුරක් . යක්ෂාධිපතියාගෙ දෑස් වලින් තම දෑස් ඉවත් කරගත්තු චාන් ඔහුගේ සෑබැ පියාගෙ ජයාරෑපයක් අතට ගත්තේ කදුලු පිරුණු දෑසින්.එහෙත් ඒ ඇස් වල ලියවිලා තිබුනේ දුකට වඩා  වෛරයක්..

" ඔයා කියන්නෙ මොන උරුමයක් ගැනද.."

" මගෙ උරුමය. යක්ෂාධිපතියාගෙ පුත්‍රයා ඔබ. මේ මුලු ලොකයටම ඉන්න බලවතා.මනුෂ්‍ය ලොකය පාලනය කරන්න පුලුවන් එකම යක්ෂාධිපතියා . කිසිම දුර්වලකමක් නැති මිනිස් ශරිරයක් තියෙන යක්ෂාධිපතියාගෙ එකම පුත්‍රයා , ඒ උරුමය ලබා ගන්න. එතකොට ඔබ අංග සම්පුර්ණයයි.."

Secret's Entrance (Complete  )Where stories live. Discover now