Episode 04

491 133 9
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

" ඒක අපිට වැඩක් නැනෙ චාන්. අපෙ වැඩේ කරන්නනෙ ඔනෙ.ගිහින් එතනින් ගමු. "

     🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

මුලු අහසම ඝන අන්ධකාරයෙන් වෙලාගෙන තිබුනේ අද අමාවක රැයක් නිසා. අමාවක රැයක් කියන්නෙ ගොඩක් අය නොදන්න , ගොඩක් අය නොදකින අමුතු දෙවල් සිද්ධ වෙන රැයක්.. දැන් වේලාව පාන්දර 2.30. චාන් , යිබො ඇතුලු පිරිස මේ ලැස්ති වෙන්නෙ කිසිම දවසක නොකරපු දෙයක් කරන්න. කොච්චර නම් බය නැ කියලා කිව්වාත් හැමොගෙම හිතට පොඩි බයක් දැනුනේ මේ වැඩේ වැරදුනොත් එයාලටත් අනිත් අයට වගෙ ජිවිතෙන් වන්දි ගෙවන්න වෙයිද කියලා.

යුනිවර්සිටි එකෙන් එලියට යන්න තියෙන ලෙසිම ක්‍රමය තමයි පිරිමි ලමයිගෙ නෙවාසිකාගරය පිටිපස්සෙ තියෙන තාප්පය . ශුආන් ලුට නම් ඒ තාප්පයෙන් පයින එක එච්චරම ලෙසි වුනේ නැ . කොහොමහරි යු බින්ගෙ උදව්වෙන් තාප්පෙන් පැනගත්තු ශුආන් ලු බිල්ඩින් එකට යනකම්ම කලෙ මේ කරන වැඩෙ නවත්තන්න කියලා කැගහපු එක.ඒත් චාන් වගෙම යිබො කියන්නෙ දෙයක් කරන්න පටන් ගත්තොත් ඒ දේ අනිවාර්යයෙන් කරන දෙන්නෙක්. ඉතින් ශුආන් ලුගෙ කෑගසිම මේ කවුරුත් ගනන් ගත්තෙ නම් නැ.

වෙනදාට වැටෙන හද එලියත් නැති නිසා අද ඒ ගොඩනැගිල්ල පෙනුනෙ වෙනදාටත් වඩා  ගුප්ත විදියට . චිරි චිරි හඩින් ප්‍රධාන දොර ඇරෙනවාත් එක්කම වවුලන් රංචුවක් පියඹලා ගියේ ඒ ගුප්ත බව තවත් වැඩි කරමින්. හැමොම තමන්ගෙ ජංගම දුරකථන වල ෆ්ලැෂ් ලයිට් ඔන් කරගෙන බිල්ඩින් එක ඇතුලට ගියේ මෙච්චර දවස් හිත් වල තිබුන ප්‍රශ්න වලට උත්තර හොයන්න.

අපිලිවෙල ඉස්තොප්පුවේ තැනින් තැන වැටිලා තිබුනු ඉටිපන්දම් කැබලි වලින් කියවුනේ මේ ගේම් එක ගොඩ දෙනෙක් මේ බිල්ඩින් එක ඇතුලෙ කරන්න උත්සහ කරලා තියෙන බව. වෙනස් විදියට නිර්මාණය වෙලා තිබුනු මේ ගොඩනැගිල්ල පිටින් පෙනවාට වඩා ගොඩක් වෙනස් තැනක් වුනා. කාමර විශාල ප්‍රමාණයක් තිබුන ඒ ගොඩනැගිල්ල ඇත්තටම ගුප්ත තැනක්. තැන තැන වැටිලා තිබුන ඉටිපන්දම් වගෙම අඩියක් තියෙන ගානෙ ඇගෙ ගාවේන මකුල් දැල් කියාපෑවේ අවුරුදු ගානකින් කිසිම කෙනෙක් මේ ගොඩනැගිල්ල තුල ජිවත් වෙලා නොමැති බව. මෙච්චර වෙලා නිහඩව හිටපු යිබො එයාගෙ කටහඩ අවදි කලෙ මේ නිශ්ශබ්ද බව වගෙම මේ ගුප්ත බව එයාට ලොකු මානසික වදයක් වුන නිසා.

Secret's Entrance (Complete  )Where stories live. Discover now