Episode 15

446 125 24
                                    

  🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

මුලු කාමරෙම ලයිට් ඔන් කරපු යිබො වගෙම අනිත් අයත් කාමරය ඇතුලට ගියේ හිතේ තියෙන හැම ප්‍රශ්නෙකටම උත්තර හොයන්න ... ශුආන් ලූ , ziyi දෙන්නා කාමරයේ තිබුන පොත් පරික්ෂා කරද්දි චෙන්ග් අනිත් රාක්ක වල තිබුන මැටි භාජන සොදිසි කරන්න පටන් ගත්තේ කුතුහලෙන් .. එත් ඒ කුතුහලය වැඩි වෙලා නොතිබුනේ චෙන්ග් එක මැටි භාජනයක් විවෘත කරපු නිසා. කිසිම කෙනෙක් නොහිතපු විදියට ඒ මැටි භාජන වල තිබුනේ අලු.. බැලු බැල්මට මිනිස් අලු වලට සමාන ඒ අලු රාක්කයෙ තිබුන හැම මැටි භාජනෙකම තිබුනේ මේ තැන රහසිගත සුසාන භුමියක් කියලා ඔප්පු කරමින්...

" චාන් මේ මිනි අලු නේද , ඒත් මේවා කාගෙද , ඇයි මේවා හංගලා තියෙන්නෙ .."

ශුආන් ලු කුතුහලයෙන් වගෙම බයෙන් ප්‍රශ්න අහන්න ගත්තේ තව තවත් මේ නූල් බොලේ එයාලාව පැටලෙනවා කියලා තෙරුන නිසා..

" මටත් හිතාගන්න බැ ලූ. මන් හිතන්නෙ මේවාට උත්තර එහා පැත්තෙ තියෙන පොත් වල ඇති .. "

එහෙම කියපු චාන් එතන තිබුන පොත් සොදිසි කලේ මොනවාහරි තොරතුරක් හොයාගන්න පුලුවන් ද කියලා බලන්න .හිතුවා වගෙම මේ ගමේ , මේ විශ්ව විද්‍යාලය ගැන ලියවුනු පොත් ගොඩක් හොයාගන්න ලැබුනා වගෙම නර වෘකයින් , ටියානාක් වගෙම යක්ෂාධිපතියා ගැන ලියවුනු පොත් පවා එතන තිබුනේ හරිම පුදුම විදියට . හැම කෙනෙක්ම වගෙම එතන තිබුනු පොත් කියවන්න පටන් ගත්තේ  ඉක්මනට මේ නුල් බොලය ලිහාගන්න ඔනේ වුන නිසා..

පොත් රාක්කය කෙළවරෙම තිබුන කලු පැහැති පොතක් අතට ගත්තු චාන් ඒක කියවන්න පටන් ගත්තෙ අසල තිබුන මේසයක ඉදගෙන. බැලු බැල්මට  ඩයිරියකට සමාන වුන ඒ පොතේ ආරම්භක දිනය විදියට තිබුනේ 2006 සැප්තැම්බර් 21.

      📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️

🚫 2006 සැප්තැම්බර් 21

මිනිස්සු මොනවා කිව්වාත් අපි කිසිම කෙනෙක් කාටවත් කරදරයක් කරන අය නෙවෙයි .. අවසනවාකට සාපයකට ගොදුරු වෙලා හිටියත් අපි හැමොම මිනිස්සු .. ඒත් අනිත් අය අපිව මිනිස්සු විදියට බලන්න කැමති නැත්තේ ඇයි කියලා මට තාම හිතාගන්න බැ . මට වයස අවුරුදු 15.. මම තාම ළමයෙක් .. මට කිසිම කෙනෙක් මරන්න වුවමනාවක් නැ. අනික මම කෑලැ සතෙකුත් නෙවෙයි ..මට ඔනේ අනිත් ළමයි වගෙ ඉන්න. එයාලා වගෙ ඉගෙන ගන්න , පල්ලියට යන්න , සෙල්ලම් කරන්න .. ඒත් මට ඒ දෙවල් කරන  එක ලේසි නැ.  අද Mid-Autumn Festival එක හැමොම ඒක සතුටින් සමරද්දි අපිට බෑ ඒක සමරන්න. මටත් ඔනේ හද දිහා බලාගෙන පහන් කුඩු යවන්න. මටත් ඔනෙ ප්‍රර්ථනාවක් කරන්න ..ඒත් ඒක හිනයක් විතරයි .හැමොම පවුලේ අය එක්ක සතුටු වෙද්දි , අපිට සිද්ධ වෙන්නෙ අර අදුරු කාමරෙ කොටු වෙලා ඉන්න. ඔව් අපි එහෙම හැංගුනෙ නැත්නම් මේ ගමෙ කිසිම කෙනෙක්ට නිදහසේ මේ උත්සවය සමරන්න වෙන්නෙ නැ. ඉතින් අපි එහෙම කැපකිරීමක් කරනකොට ඇයි එයාලාට බැරි අපි දිහා සාමාන්‍ය මිනිස්සු විදියට බලන්න .අපිටත් තියෙන්නෙ හදවතක් නේද.. මට මේ දෙවල් කියන්න කෙනෙක් හිටියා නම්.. එහෙම කෙනෙක් නැ. මාව තෙරුන් ගත්තෙ එක්කෙනායි එයාත් ඇත්ත දැනගත්තාම මාව අත ඇරියා. දැන් මට කතා කරන්න ඉන්නේ ඔයා විතරයි දිනපොත .. මන් හිතන්නෙ දැන් වේලාව ඇවිත් කලුවර වැටිගෙන එනවා.එහෙනම් වෙනදා වගෙම මගෙ පුරුදු සිරකුටියට මම යනවා..........

Secret's Entrance (Complete  )Where stories live. Discover now