Episode 14

454 120 27
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

" චාන් කොහෙද යන්න හදන්නේ "

" එළියට "

" මේ මහ රෑ. ඉන්න මාත් එන්නම් "

" නැ ඔනෙ නැ යිබො . මට ටිකක් තනියම ඉන්න ඔනේ.."

" හ්ම්ම් හරි ඔයාගෙ කැමැත්තක් "

අද අහසේ වෙනදාටත් වඩා තරු පායලා තිබුනත් ඒ එක තරුවකට වත් හදේ එලිය දෙන්න බැරි වුනා.. ඒ වුනත් ඒ තරු පිරුණ අහස මොනතරම් ලස්සනද , ඒත් මට ඒ ලස්සන විදින්න පුලුවන්ද .. බැ මගෙ ජිවිතෙ කිසිම දවසක විදින්න බැ. මට උරුම විදවිම  පමණයි . අවසනාවන්ත දෛවයක් උරුම වෙලා තියෙන මට සතුට කියන්නෙ හීනයක් විතරයි . කාලයක් මේ හැමදෙයක්ම අමතක කරලා ජිවත් වුනත් ,ආයෙත් ඒ දෙවල් මගෙ පස්සෙන් එන්න පටන් ගත්තේ මම නොහිතපු කරදර ගොඩක මාව පටලලා. ඇත්තටම තමන්ට හිමි උරුමය තමන්ට කරදරයක් නම් ඇයි ඒක භාර නොගෙන ඉන්න බැරි. ඇත්තටම ශියාඕ චාන් කියන්නෙ රූකඩයක්ද. නැ කොහෙත්ම නැ ශියාඕ චාන් කියන්නෙ මේ ලොකේ ඉන්න බලවත්ම කෙනා ..

"  ලොකු කල්පනාවක වගෙ "

ඒ ඇහුන කටහඩ නිසා චාන්ගෙ කල්පනා ලොකේ බිදුනා වුනත් චාන් ඒ කටහඩ ආයෙත් අහන්න ලොකු බලාපොරොත්තුවකින් හිටියෙ . නොහිතපු වෙලාවක වුනත් ඔහුගේ ඒ පැමිණිම චාන්ගෙ හිතට ලොකු සැනසීමක් වුනා.. චාන් ඉදගෙන හිටපු බංකුවෙන්ම ඉදගත්තු ලී කතා කරන්න පටන් ගත්තේ ඈත අහස දිහා බලාගෙන..

" මතකද ඉස්සර යු බින් මේ වගෙ තරු පායලා තියෙන දවස් වලට පොඩි ළමෙක් වගෙ ඒ තරු ගනන් කරපු හැටි. අපි කොච්චර නම් හිනාවෙන්න ඇත්ද ඒකට."

" හ්ම්ම් "

" ඒත් ආයෙත් අපිට එයා කරන පිස්සු වැඩ වලට හිනාවෙන්න වෙන්නෙ නැ."

" හ්ම්ම්ම් "

" චාන් මම එයාව මැරුවේ නැ "

" මම දන්නවා "

" හ්ම්ම් ඔව් , ඔයා හැමදෙම දන්නවා "

" ඔයාත් හැමදෙම දන්නවා නෙද ලී "

" මම හිතන්නේ ඔව් "

" එහෙම දැනගෙනත් ඇයි ඔයා තාමත් මන් එක්ක මෙහෙම හොදින් කතා කරන්නෙ "

Secret's Entrance (Complete  )Where stories live. Discover now