Episode 03

662 147 7
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

"ඔව් අනිවාර්යයෙන් එහෙම වෙන්න ඔනෙ. ඒ බිල්ඩින් එක ඇතුලට ගිය හැමොම එලියට ආවේ මළකදක් විදියට . එහෙම වෙන්න අනිවාර්යයෙන් හෙතුවක් තියෙන්න ඔනෙ. එතකොට ඔයාලාට තාම ඇහිලා නැතුව ඇති ඒ බිල්ඩින් එක ඇතුලෙන් රෑට ඇහෙන අමුතු සද්ද.නිකන් කාටහරි යාඥා කරනවා වගෙ සද්ද ඇහෙන්නෙ. ඉතින් එකෙන්ම තෙරෙන්නෙ නැද්ද . කවුරුහරි මේ යුනිවර්සිටි එකෙ ඉන්න ලමයින්ව ඒ යක්ෂයාට බිලි දෙනවා. ඒකට මන් ලග සාක්ෂි තියෙනවා ."

" මොනාද ඔය සාක්ෂි "

" චාන් ඔයාලා සමහර විට දන්නවාත් ඇති ඔයාලා එන්න දවස් කිහිපයකට කලින් ලමෙක් මැරුනා ඒ බිල්ඩින් එක ඇතුලෙදිම. ඒ මැරුන කෙනා මගෙ යාලුවෙක් . එයා එදා රෑ ඔය බිල්ඩින් එකට යන්න කලින් මට හම්බුනා. එතකොට එයා කිව්වෙ එයාට සර් කෙනෙක් කතා කලා එයාව හම්බෙලා එන්නම් කියලා . ඒත් මම එදා රෑ දැක්කා ඒ බිල්ඩින් එක ඇතුලට මගෙ යාලුවා වගෙම එයා එක්ක තව කෙනෙක් ඇතුලට ගියා . ඒත් ආයෙ එලියට ආවෙ ඒ අනිත් කෙනා විතරයි . මම හිතුවෙ යාලුවා කලින් යන්න ඇති කියලා . ඒත් අන්තිමෙ මගෙ යාලුවාගෙ බොඩි එක විතරයි එලියට ආවේ."

චෙන්ග් ඒ ටික කිව්වෙ ලොකු වේදානවකින්. ඒ දෙවල් අහන් හිටපු චාන් යිබො වගෙම යු බින්  , ලී දෙන්නාත් මුනට මුනට බලාගත්තේ ඒ කියපු හැමදෙයක්ම ඇත්ත කියලා එයාලාට තෙරුන නිසා. මෙච්චර වෙලා නිහඩව හිටපු ලී , චෙන්ග් එක්ක කතා කරන්න පටන් ගත්තෙ ඔහුගෙ කුතුහලය උපරිම වැඩි වුන නිසා.

" ඒ යාලුවා ඔයාට වෙන කිසිම දෙයක් කිව්වෙ නැද්ද "

" නැ ලී. ඒත් මට එයාගෙ ඩයිරි එක හම්බුනා. එකෙ තිබුනේ මහ අමුතු දෙවල්. එකෙ තිබුන විදියට එයා එතනට ගිහින් යක්ෂයාගෙ ලොකෙට යන්න උත්සහ කරලා තියෙනවා . ඒ නිසා තමයි මම ඒක යක්ෂයාගෙ දොරටුව කියලා කියන්නෙ ."

" ඒ ඩයිරි එක අපිට බලන්න පුලුවන් ද ?"

" පුලුවන් ඉන්න ටිකක්."

එහෙම කියපු චෙන්ග් එයාගෙ ලාච්චුවෙන් ගත්තේ කලු පැහැති ඩයිරි එකක්. ඒ ඩයිරිය ලී ගෙ අතට දිපු චෙන්ග් එතනින් අයින් වුනෙ ඩයිරි එක කට්ටියට නිදහසෙ කියවන්න කියලා .

Secret's Entrance (Complete  )Where stories live. Discover now