Episode 10

462 127 16
                                    

𝗘𝗽𝗶𝘀𝗼𝗱𝗲 𝟭𝟬

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

හයිකුආන් විතරක් නෙවෙයි එතන හිටපු හැමොම ඉන්න තැන් වලින් නැගිට්ටෙ ඒ කෙනාගෙ පැමිණිම කිසිසෙත්ම ඔවුන් බලාපොරොත්තු නොවුනු නිසා... හයිකුආන්ගෙ අණින් ඔෆිස් එකෙ දොර ඇරපු චාන්ව වගෙම ඇතුලෙ හිටපු අනිත් අයවත් දැකපු මැඩම් ජියා මොහොතකට පුදුම වුනෙ මේ හැමොම හයිකුආන්ගෙ කාමරෙ මොනාද කරන්නෙ කියලා . මැඩම් ජියාගෙ පැමිණිම නිසා චාන් ඇතුලු පිරිස එතනින් ගියේ මැඩම් ජියාට සුබ උදෑසනක් කියලා කියන ගමන්මයි.

හැමොම එතනින් ගියාට පස්සෙ ජනෙලය ලග හිටගෙන ඉන්න හයිකුආන් දිහා බලලා මැඩම් ජියා හිනාවුනත් ඒ හිනාව ඇතුලෙ තිබුනේ අමුතු බයක් කියලා බලන් ඉන්න ඔනෙ කෙනෙක්ට තෙරෙනවා .  මැඩම් ජියාගෙ හිනාව දැකපු හයිකුආන් හිනා වෙන ගමන් ඇවිත් ඉදගත්තෙ මැඩම් ජියාටත් ඉදගන්න කියලා ආරධනා කරමින්..

" හයිකුආන් මට විරුද්ධව කැරලි සංවිධානය කරනවා වගෙ.."

" අයියො අයියො මැඩම් ජියා මේ පොඩි කෙල්ලො කොල්ලො ටිකක් එක්ක මම ඔයාව දඩයම් කරන්නෙ කොහොමද . ඔයාව දඩයම් කරන්න නම් ලොකු ඇමක් ඔනෙ වෙනවා නෙ"

හයිකුආන් එහෙම කිව්වෙ මැඩම් ජියාගෙ ඇස් වලට නැඹුරු වෙමින්. කට කොනකින් හිනා වුන මැඩම් ජියා තවත්  හයිකුආන්ගෙ මුනට ලං වුනේ  හයිකුආන්ගෙ මුන ඇගිලි වලින් පිරිමදින්..

" ඔය දඩයක්කාරයා එහෙනම්  දන්නවා ඇති නේ මේ කොටියා ගාව ඉන්න ගොදුර කවුද කියලා..."

හයිකුආන්ගෙ මුන පුරාම තම ඇගිලි යවමින් කතා කරන මැඩම් ජියාගෙ අත අල්ලගත්තු හයිකුආන් කතා කරන්න පටන් ගත්තේ ලොකු කෙන්තියකින්..

" ජියා මේක හොදට දැන ගන්නවා තමුසේ එයාට මොනාහරි දෙයක් කලොත් තමුන්ගෙ මරනෙ වෙන්නෙ කොහොමද කියලා තමුන්ට හිතා ගන්නවත් බැරි වෙයි.."

මැඩම් ජියාගෙ අත අතඇරපු හයිකුආන් ඔෆිස් එකෙන් එලියට ගියේ ඔහුට දැනුන කෙන්තිය පාලනය කරගන්න බැරි වුන නිසා. මේසය උඩ තිබුන හයිකුආන්ගෙ ෆොන් ස්ක්‍රින් එකෙ වැටුන නම දැකපු මැඩම් ජියා ආයෙමත් හිනා වුනේ ඇයව නවත්තන්න පුලුවන් කිසි කෙනෙක් මේ ලොකෙ නැ කියලා ආඩම්බරයක් දැනුන නිසා.

Secret's Entrance (Complete  )Where stories live. Discover now