Episode 12

620 133 20
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

ලේ තැවරුනු කිණිස්සත් අතින් රැගෙන විශ්ව විද්‍යාල ගෙට්ටුවෙන් ඇතුලට ආව ලී ගෙ ගමන එකපාරටම නතර වුනෙ ඔහුගෙ ඉස්සරහ ඉන්න කෙනා දැකලා. ‍රතු වුන දෑස් වලින් එලියට පයින්න හදන කදුලු බොහොම ආමාරුවෙන් නවත්තන්න උත්සහ කරමින් ඇය කතා කරන්න පටන් ගත්තේ ලී ගෙ අතෙ තියෙන කිණිස්ස දිහා බලාගෙන..

" යු බින් ......"

ඔහු සදහටම අපිව දලා ගිහින් , ඒකට වගකියන්න ඔනෙ මම කියලා කොහොම කියන්නද .. ලී කොච්චර උත්සහ කලත් ඔහුගෙ මුවින් වචනයක් වත් පැවසිමට නොහැකි වුනේ ඔහුට දෙන්න උත්තරයක් නොතිබුන නිසා. තවමත් ලී ගෙ අතෙ තියෙන කිණිස්ස දිහා බලන් හිටපු ශූආන් ලූ ටිකෙන් ටික ඔහු ලගට ආවෙ ඇගෙ දෑස් වලින් ගලාගෙන යන කදුලු වලට ඔහෙ ගලාගෙන යන්න දිලා. විශ්ව විද්‍යලයෙ ඔරලොසු කනුවේ දොළහෙ කණිසම සටහන් වෙද්දි ශුආන් ලූ ට වගෙම ලී ට දැනුනෙත් කියාගන්න බැරි දුකක්.

ලූ ගෙ ඇස් දිහා බලන්න තරම් හයියක් ලී ට ඉතුරු වෙලා තිබුනේ නැ. තමන්ගෙ අතෙ තිබුන කිණිස්ස බිමට වැටුනේ ඒ කිණිස්ස අල්ලගෙන ඉන්න තරම් හයියක් ලී ට නොතිබුන නිසා. ලී ලගට ආව ලූ කතා කරන්න පටන් ගත්තෙ බලාපොරොත්තු සහගත බැල්මකින් ලී දිහා බලාගෙන.

" ලී එයාට කරදරයක් නැ නේද.."

" ලූ මන් කියන එක අහන්න"

" ඔයා කියන්න යන දේ මට අහන් ඉන්න පුලුවන් වෙයි කියලා ඔයාට විශ්වාසයිද ලී.."

ලූ ගෙ ඒ වචන පිහි තුඩක් වගෙ කියලා ලී ට හිතුනේ ඒ වචන ඔහුගෙ හදවත රිදෙව්ව නිසා. තවත් නිහඩව සිටිමෙන් කිසිම පලක් නැ කියලා තෙරුන් ගත්ත ලී ලොකු හුස්මක් අරන් තමන්ගෙ කදුලු හංගන් ලූ ගෙ අතින් අල්ලගෙන කතා කරන්න පටන් ගත්තාත් ඒ කටහඩේ තිබුනෙ ලොකු වේදනාවක් කියලා දකින ඔනෙ කෙනෙක්ට තෙරුනා. ඒත් ඒ වේදනාව තමන් විසින්ම ඇති කරගත්තු එකක් නේද කියලා ලී ට මොහොතකට හිතුනා.

" ලූ සුබ උපන්දිනයක්.."

" ඇත්තටම ඒක විතරයිද ඔයාට කියන්න තියෙන්නෙ  ලී "

" හ්ම්ම්ම් අහන්න ලූ මන් දන්නවා ඔයාට මේක දරාගන්න බැ කියලා .ඒත් ..."

Secret's Entrance (Complete  )Where stories live. Discover now