Episode 06

416 128 10
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

යැන්සිගෙ වචන ඇතුලෙ හැංගිලා තිබුනෙ ලොකු වේදනාවක්. ඇයගෙ ඒ අහිංසක සිනහාව දැකපු කෙනෙක් නම් කිසිදාක ඇයව මේ විදියට අසරන කරන්නෙ නැත. තමන්ගෙ බැගයත් රැගෙන යැන්සි කාමරයෙන් පිටවුනේ ඇයගෙ අහිංසක සිනාහාවෙන් මුව සරසාගෙන.....

   🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

විශාල බිත්ති ලාම්පු වලින් සරසා තිබු එය විද්‍යාලයෙ ආපනශාලාවයි . විද්‍යාලයෙ ඇති පැරණිම ගොඩනැගිලි අතරින් එකක් වන මෙම ආපනශාලාව පුරාම විවිධ දෙ සිතුවම් කර තිබිනි. ඇත්තෙන්ම මුල් වරට මෙම ස්ථානයට එන කෙනෙකුට මෙය ආපනශාලාවක් කියානම් පෙනෙන්නෙ නැත. සුපුරුදු පරිදි යු බින් ඔහුටත් වඩා විශාල කෑම පිගානක් බෙදාගත්තෙ අනිත් අයගෙ අපහාස කිරිම් ගනන් නොගෙනය.

මෙහි සිටින සියලුම ළමුන් නෙවාසිකව අධ්‍යාපනය ලබන නිසා ගොඩක් වේලාවට හැමොම වගෙ ආහාර ගන්න මේ ආපනශාලාවට පැමිණෙනවා. රාත්‍රි ආහාරය පමණක් තමන්ගෙ නෙවාසිකාගරයට රැගෙන යාමට අවසර දී තිබෙන්නෙ ගොඩක් වේලාවට ගුරුවරුන් රාත්‍රිය දක්වා නොනවත්වා ඉගැන්වීම් කටයුතු කරන නිසා. කතොලික විශ්වවිද්‍යාලයක් නිසා ආහාර ගැනිමට පෙර සියලුදෙනාම දෑස් වසාගත්තෙ යාඥා කිරිම සදහායි..

" ස්වාමීනි , මටත් මේ භෝජනයත් ආශිර්වාද ලැබේවා. මෙවන් භෝජනය මා අක්‍රමයෙන් අනුභව නොකොට එයින් ඔබට ස්තෝත්‍ර වන පිණිස වරම් සලස්වනවා සොදේ..."

යාඥාව අවසන් විමටත් පෙර එක්වරම ඇසුන සිනහා හඩ නිසා සියලුම දෙනාව යාඥාව නවතා බැලුවෙ කවුද ඒ සිනහා හඩ කාගෙද කියලා. ආපනශාලාවේ කෙලවරට වන්නට පිහිටි කුරුසය දෙස බලමින් ඒ සිනාසුනේ ලී ය. ලී ගෙ මේ අමුතු හැසිරිම නිසා හැමොටම දැනුනෙ ලොකු පුදුමයක්.

" ලී ඇයි මේ හිනාවෙන්නෙ "

" නැ නිකන් මට හිනා ගියා චාන් "

" හෙතුව "

" හෙතුවද , ඇත්තටම ඔය කෑම දුන්නෙ ඔයාලා ඔය කියන කෙනාද.. එයා දන්නෙ හැම හොද දෙකින්ම එයාගෙ නමට ලකුණු දාගන්න විතරයි .. හහ් "

" ලී මොනාද ඔය මේ කියන විකාර කතා. ඔය විකාරෙ දැන්ම නවත්තලා කෑම කන්න එනවා.."

Secret's Entrance (Complete  )Where stories live. Discover now