Episode 16

443 127 22
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

පුස්තකාලයෙ තිබ්බ මිනි අලු , හදිස්සියෙම එතනට ආව zanjin , හැමොගෙන්ම හංගන මේ ගමේ ඉතිහාසය වගෙම ලී ගෙ මිනිමැරුම් මේ හැමදෙයක්ම දැන් කලින් තිබුනාටත් වඩා පැටලිලා කියලා හැමොටම හිතුනාත් චාන්ට මේ දෙවල් අලුත් දෙයක් වුනේ නැ. මොකද චාන් දැනගෙන හිටියා අවසානයෙ මේ හැම සිදුවිමකම කොනක ඉන්නේ යක්ෂාධිපතියා කියලා ..ඒත් චාන්ට හම්බුන ඩයිරි එක වගෙම මේ දෙවල් එක්ක zanjin සම්බන්ධ වුනේ කොහොමද කියලා ඔහුට හිතාගන්න බැරි වුනා. පුස්තකාලයෙන් අරගෙන ආපු පොත් හැම එකක්ම එකින් එක හැමොම ආයෙත් කියවන්න පටන් ගත්තේ මොනාහරි හොඩුවාවක් හොයාගන්න..

හැමොම පොත් කියවන අතරෙ චාන් ආයෙත් එයාට හම්බුන ඩයිරි එක කියවන්න පටන්ගත්තේ ඒක වැදගත් කියලා හිතුන නිසා. සැප්තැම්බර් 21 වෙනිදායින් පස්සෙ ආයෙත් ඒ ඩයිරි එක ලියලා තිබුනේ 2015 පෙබරවාරි  මාසේ.....

        📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️📖️

🚫 2015 පෙබරවාරි  10

හරියටම අවුරුදු නවයකින් මම ආයෙත් ගමට ආවේ.. ගමේ සැහෙන දෙවල් වෙනස් වෙලා කියලා මට තෙරුනා. වෙනදාට අපිව දැක්කාම හැංගෙන මිනිස්සු දැන් අපි එක්ක හිනාවෙනවා . එයාලාගෙ උත්සව වලට අපිට ආරාධනා කරනවා.ඒත් ඉතින් ඒ ඔක්කොම රෑට තියෙන නිසා අපිට ඒ උත්සව වලට යන්න පුලුවන් කමක් නැ. ඒ ගැන දුකක් නැ මට දැන් . මොකද දන්නවාද දැන් අපිට සාමාන්‍ය මිනිස්සු වගෙ ජිවත් වෙන්න පුලුවන් . කවුරුත් අපිව කොන් කරන්නේ නැ.. මේ පාර අලුත් අවුරුද්ද අපිට ගමේ හැමොම එක්ක එකතු වෙලා සමරන්න පුලුවන් .. එදාට ගමේ හැමොම එකතු වෙලා ලොකු උත්සවයක් කරනවා. මේ පාර අපිට ඒ දිහා හොරෙන් බලන් ඉන්න ඔනේ නැ. අපිටත් ඒ උත්සවයට ආරාධනා කලා. ඉතින් දිනපොත තව දවස් නවයයි තියෙන්නෙ . අදින් පස්සෙ ඔයාට මගෙ දුක අහන්න වෙන්නෙ නැ. අදින් පස්සෙ ඔයාට මගෙ සතුටු මතකයන් විතරක් එකතු කරන්න පුලුවන් .......

චාන් දිනපොතෙ අනිත් පිටුව පෙරලුවත් තිබුනේ හිස් පිටුවක් විතරයි . මුලු ඩයිරි එකම බැලුවත් එදායින් පස්සෙ වුන දෙවල් ගැන කිසිම සටහනක් තිබුනේ නැ. ඩයිරි එකෙ තිබුන විදියට එදායින් පස්සෙ හැමදේම විසදිලා තියෙන්න ඔනේ වුනත් ඒ ගැන කිසිම දෙයක් ඩයිරි එකෙ ලියලා නොතිබුන එක හරි පුදුම දෙයක් කියලා චාන්ට හිතුනා.ඩයිරි එක පැත්තකින් තියලා චාන් නැගිට්ටේ යිබො ළගට යන්න.. ඒත් ඔහු ආයෙමත් ඉදගත්තේ ඔහුගේ අතේ මැණික් කටුව අසලින් දරුණු වේදනාවක් ඇති වුන නිසා. ඒ වේදනවාට හෙතුව මොකක්ද කියලා චාන් හොදටම දන්නවා . ආයෙත් සැරයක් යක්ෂාධිපතියාගෙ කටහඩ ඇහුනේ චාන්ගෙ ඇස් කොපයෙන් රතු වෙනවාත් එක්කමයි..

Secret's Entrance (Complete  )Where stories live. Discover now