Episode 19

449 127 33
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

යක්ෂාධිපතියාගෙ කටහඩ වගෙම ඔහුගෙ රුවත් එක්වරම අතුරුදහන් වුනේ වෙනදා වගෙම ඔහුගෙ ගුප්ත සිනහා හඩත් සමගින්....

      🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

🚫 වර්තමානය

" චාන්.."

" හ්ම්ම් ඕක තමා ඔයාලා නොදන්න මගෙ කතාව."

මුලු කාමරය පුරාම දැඩි නිහැඩිතාවයක් පැතිරුනේ චාන් දැන් කියපු කතාව කිසිදාක ඔවුන් ඇසිමට බලාපොරොත්තු නොවු කතාවක් නිසා. කුඩා කල සිටම අනාථ නිවාසයක හැදුනත් චාන් අනිත් අනාථ ළමුන්ට වඩා වෙනස් බව හැමොටම තෙරුනත් ඒ වෙනසට හෙතුව මේ වගෙ දෙයක් කියලා කිසිම කෙනෙක් නොසිතන්නට ඇත . ආනාථ දරුවෙක් වුනත් චාන්ට කිසිම දවසක මුදල් වලින් නම් අඩුපාඩුවක් තිබුනේ නැත. පාසල් ජිවිතය අවසන් වුන වහාම තමන්ගෙම කියා විශාල නිවසක් සහ මොටර් රථයක් චාන්ට මිලදි ගන්න පුලුවන් වුනේ කොහොමද කියලා දැන් හැමොටම තෙරුනා. මේ ලොකේ ඉන්න  සාතන් අදහන සෑම බැතිමතෙක්ම චාන්ට උදව් කරන්න දෙපාරක් සිතුවේ නැත. යක්ෂාධිපතියා පවසන සෑම මොහොතකම චාන් වෙනුවෙන් මුදල් , යාන වාහන , නිවාස ලබා දිමට ඔවුන් සුදානම්ව සිටියත් චාන් ඒ සෑම දෙයක්ම ප්‍රතික්ෂේප කලේ ඔහු යක්ෂාධිපතියාට වෛර කල නිසා.

කාමරයෙ තිබුන නිහඩ බව බිදමින් එක්වරම යිබො කොපයෙන් කැගහුවේ මේ කිසිම දෙයක් ඔහුට විශ්වාස කරන්න බැරි වුන නිසා. චාන්ගේ කොළර් එකෙන් අල්ලගත්තු යිබො කතා කලෙ කොපයෙන් වගෙම වේදනාවේන්. තමන්ගෙ එක් බැල්මකින් යිබොට පහර දෙන්න පුලුවන්කම තිබුනත් චාන් කිසිම දෙයක් නොකර ඔහේ බලන් හිටියෙ මේ දෙවල් ඔහු බලාපොරොත්තු වුන නිසා. යාලුවෙක් , සහොදරයෙක් , නැ ඊටත් වඩා ලොකු බැදිමක් මේ හැමොම එක්ක චාන්ට තිබුනා. නමුත් දැන් ඒ හැම බැදිමක්ම අවසන් කරන්න   කාලය ඇවිත් . තමන් යක්ෂාධිපතියාගෙ පුත්‍රයා , මේ ලොකය විනාශ කරන්න ආපු යක්ෂයෙක් කියලා දැන් හැමොම දැනගෙන ඉවරයි . චාන්ගෙ ඇස් වලින් කදුලු ඔහේ ගලාගෙන යද්දි , යිබොගෙ ඇස් වලත් කදුලු පිරුණේ මේ දෙවල් ඔහු විශ්වාස කරන්න අකමැති වුන නිසා.

Secret's Entrance (Complete  )Where stories live. Discover now