Episode 08

622 137 18
                                    


🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

දින සති ගෙවිලා ගියේ යැන්සිගෙ මරණයට හෙතුව සදාකාලික රහසක් බවට පත් කරමින්..ඒත් කිසි කෙනෙක් නොහිතපු විදියට ඒ අලු යට වලලපු රහස් ගොඩ එන්න කාලය ඇවිත් . හයිකුආන් එදා මැඩම් ජියා එක්ක කතා කරපු දෙවල් චාන්ගෙ වගෙම යිබොගෙ හිතෙත් ලොකුවට රැදිලා තිබුනා. කාමරෙ හැමොම නින්දට යනකන් හිටපු යිබො ගියෙ චාන් ලගට..

" චාන් "

" යිබො මොකො මේ රැ ඇහරගෙන."

" දෙයක් කියන්න තියෙනවා , එලියට එන්නකො "

" මොකක්ද "

චාන් එහෙම අහන ගමන් ඇදෙන් බිමට  බැස්සෙ යිබො එක්ක එලියට යන්න. කාටවත් ඇහෙන්නෙ නැති විදියට නෙවාසිකාගරයෙන් එලියට ගිය  යිබො නෙවාසිකාගරය පහල තිබුන බංකුවෙ ඉදගත්තෙ ලොකු කතාවක් කියන්න ..

" චාන් ඔයා මොනාද හිතන්නෙ යැන්සිගෙ මරණය ගැන "

" ම්ම්ම් ඒක ගැනද , අනෙ මන්දා යිබො ඒක නිකන් මිනි මැරුමක් වගෙ නෙ , අනික හයිකුආන් සර් එදා කියපු දෙවල් එක්ක එතන අපි හිතනවාට වඩා දෙයක් තියෙනවා ."

" හ්ම්ම් මටත් ඕක හිතුනා.."

" ඉතින් ඔයා මේ මහ රෑ එලියට ආවේ ඕක කියන්නද යිබො "

" නැ   . මට හිතුනා මේ යුනිවර්සිටි එකෙ තියෙන රහස් වගෙම මේ මිනිමැරුම් වලට හෙතුව මොකක්ද කියලා හොයන්න."

" මටත් ඕක නම් හිතුනා. ඒත් අපි දෙන්නාට තනියම පුලුවන් ද ඕවා හොයන්න . "

" කවුද තනියම හොයන්නෙ. අපෙ සෙට් එක ඉන්නෙ. මන් හැමොටම කියන්න කලින් ඔයාගෙන් ඇහුවේ ඔයා මොනාද මේ ගැන හිතන්න දැනගන්න ඔනෙ වුන නිසා."

" හ්ම්ම් හරි එහෙනම් අපි හොයමු , ඒක නෙවෙයි යිබො ඔයාට පොඩි බබෙක් අඩන සද්දයක් ඇහෙනවාද "

චාන් එහෙම කිව්වෙ වටපිට බල බල බංකුවෙන් නැගිටින ගමන්. චාන් එහෙම කිව්වාට පස්සෙ යිබො හොදින් ඇහුකම් දුන්නෙ එහෙම සද්දයක් ඇහෙනවාද කියලා . එතකොට තමා යිබොටත් තෙරුනෙ චාන් කියන්නෙ ඇත්ත කියලා ."

" ඔව් , ඒත් මේ යුනිවර්සිටි එකට කොහෙන්ද ලමයි .අනික මේ සද්දෙ හැටියට එයා ළදරුවෙක් වෙන්න ඔනෙ."

Secret's Entrance (Complete  )Where stories live. Discover now