Episode 07

502 124 7
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

එක්වරම යැන්සිගෙ මුව තදින් අල්ල ගත්ත ඔහු ඇයව රැගෙන එතනින් පිට විය..

   🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

උදෑසනින්ම අවදි වු ශුආන් ලූ නෙවාසිකාගරයෙ ජනෙල් විවෘත කරන විට දුටුවේ යැන්සි ඇයගෙ ඇදේ නොසිටින බව. උදෙන්ම නාට්‍ය පුරුදු වෙන්න යන්න ඇති කියලා හිතපු ලූ  ziyi වත් ඇහරවලා පිටත් වුනේ නාට්‍ය පුහුණු වීම් වලට යන්න..

   🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹🔹

" ඒ යු බින් උබ පිටපත කියෙව්වා ද.."

" ම්ම් ඔව් යිබො."

" දැක්කාද එකෙ තියෙන විදියට වෙයි වුෂියෑන් කියන්නෙ හොදට බොන්න පුලුවන් කෙනෙක් ලු. කොච්චර බිව්වාත් එයා කෙලින් ඉන්නවා ලු."

" අඩො😂 .. ඒකට අපෙ එකා. එක උගුරක් බිව්වාම බිම.. "

යු බින්ට එයා කියන දෙ කියලා ඉවර කරන්න බැරි වුනෙ ඇත ඉදන් විසි කරපු පොතක් එයාගෙ ඔලුවේ වැදුන නිසා.ඔලුවත් අතගාන ගමන් බින් බැලුවේ කවුද ඒ පොත විසි කලෙ කියලා .බින් එතකොටයි දැක්කෙ තමන් දිහා කන්න වගෙ බලන් ඉන්න චාන්ව. චාන් එනපොට හොද නැ කියලා තෙරුන බින් එතනින් දුවන්න ලැස්ති වුනෙ චාන්ගෙන් ගුටි කන්න බැරි නිසා.

" ඇත්ත කියනකොට උබට කෙන්ති ගියානෙ චාන්.."

" කෙන්ති ඉදපන් මන් උබට පෙන්නන්න .."

අතට අහුවෙන හැම එකකින්ම චාන් බින්ට දමලා ගහන්න පටන් ගත්තු නිසා බින් මුලු පන්තිය වටෙම දුවන්න ගත්තෙ චාන්ට තවත් හිනාවෙන ගමන්. ශුආන් ලූ අතෙ තිබුන වතුර බොතලෙ දැකපු චාන් එකපාරටම ඒක අරගෙන බින්ගෙ ඇගට ගහනවාත් එක්කම එතනට යිබො කැගහගෙන ආවේ වෙන්න යන විනාසයක් නවත්තන්න . ඒත් අවාසනාවකට යිබොට ඒක කරන්න බැරි වුනා. පන්තියේ හිටපු හැම ලමෙක්ම ගල් ගැහිලා වගෙ  දොර දිහා  බලන් හිටපු නිසා චානුත් බැලුවේ ඇයි හැමොම ඒ දිහා බලන් ඉන්නෙ කියලා . ඒත් එක්කම චාන් දැක්කෙ වතුර වලින් නැවිලා දොර ලග හිටගෙන ඉන්න මැඩම් ජියාව. චාන්  , බින් වගෙම යිබොටත් තෙරුනා අද එයාලා ඉවරෙටම ඉවරයි කියලා .

" ඔය තුන්දෙන්නාම දැන්ම එනවා මගෙ ඔෆිස් එකට , මේ දැන්ම.."

මැඩම් ජියාගෙ ඒ වචන වල හැංගිලා තිබුන කෙන්තිය හැමොටම හොදට තෙරුනා. මැඩම් ජියා යනවාත් එක්කම පන්තියට ආපු හයිකුආන්  චාන්ගෙ මුන දිහා බලලා පන්තියට ගියේ හිනාවෙන ගමන්..

Secret's Entrance (Complete  )Where stories live. Discover now