Episode 21

761 150 30
                                    

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

Zanjin මෙවර කතා කලේ ලොකු වෛරයකින්.. zanjin ට කිසිම දවසක අමතක කරන්න බැරි ඒ දවස ගැන ඔහු කතා කරන්න පටන් ගත්තෙ කදුලු පිරුණු දෑසකින් වුනත් ඔහුගේ ඇස් වල තිබුනෙ නම් ලොකු වෛරයක් ..

" හරියටම මම ගමෙන් ගිහින් අවුරුදු නවයකට පස්සෙ මම ගමට ආවා. ඒ  හරියටම 2015 අවුරුද්දෙ...."

" zanjin මේ අහන්න , ඇයි ඔයාට තාමත් තෙරුම් ගන්න බැරි .මන් ඒ හැමදෙයක්ම කලෙ ඔයාව බේරගන්න , ඇයි ඔයාට ඒක තෙරුම් ගන්න බැරි.ඇයි හැමදාම ඔයා මට ඇගිල්ල දික් කරන්නෙ ... ඇයි ....."

එක්වරම කාමරයට පැමිණි හයිකුආන් කෑගහන්න පටන් ගත්තෙ කාමරෙ ඉන්නේ zanjin පමණයි කියලා සිතාගෙන..එහෙත් ඔහු සිතු දේ වැරදි කියා තෙරුන් යනවිට පරක්කු වැඩිය..

හදිස්සියෙම කාමරයට පැමිනි හයිකුආන්ව දැක zanjin වගෙම එතන සිටි හැමොම පුදුම වුනෙ අනපේක්ෂිත වේලාවක හයිකුආන් ඇයි මේ විදියට ඇවිත් කැගහන්නෙ කියලා හිතාගන්න බැරුව. කාමරයට පැමිණිමට පෙර දොරට තට්ටු නොකිරිම ගැන පසුතැවිලි වෙමින් හයිකුආන් චාන් ඇතුලු පිරිස දෙස බලමින් කතා කලෙ කුතුහලයෙන්..

" චාන් ඔයාලා මෙතන මොනවාද කරන්නෙ.."

" අපි  zanjin සර්ව හම්බෙන්න ආවේ.."

" ඒ මොකටද , අනික මේ වේලාවේ."

" අපිට පොඩි දෙයක් දැනගන්න ඔනෙ වුනා."

" ඔයාලාට මොනවාද මේ වේලාවෙ දැනගන්න තියෙන්නෙ .අනික දැන් ඉගැන්විම් කටයුතු නතර කරලා. අනිත් එක මැඩම් ජියා  කිසිම කෙනෙක්ට තමන්ගෙ කාමර වලින් එළියට එන්න එපා කියලා තියෙද්දි ඇයි මේ හැමොම එළියට ඇවිත් ."

" නැ සර් අපි මේ ආවේ ගොඩක් වැදගත් දෙයක් ගැන දැනගන්න ."

" මොනවාද වැදගත් දේ යිබො. මේ වෙලාවෙ වැදගත් දෙවල් මුකුත් නැ. ඔයාලාටත් මේ මිනිමැරුම් වල සැකකාරයො වෙන්න ඔනෙද.ඔනෙ නැනෙ එහෙනම් හැමොම මේ දැන්ම කාමර වලට යන්න."

" ඒත් සර් මෙ අපිට ...."

" මන් දැන් මොකක්ද කිව්වේ. මේ දැන්ම තමන්ගෙ කාමර වලට යන්න.."

හයිකුආන් කතා කලෙ කෝපයෙන් . හයිකුආන් සමග වාද කිරිමට තරම් හැකියාවක් නොතිබුන නිසා චාන් ඇතුලු පිරිස කාමරයෙන් එලියට ගියේ zanjin දෙස නැවත වරක් බලමින්. කාමරයෙන් පිටවන සිසුන් දෙස බලා සිටි හයිකුආන් ඔවුන් පිටත් වු වහාම zanjin දෙසට හැරුණේ කොපයෙන් ...

Secret's Entrance (Complete  )Where stories live. Discover now