24

430 107 201
                                    

"ජ..ජන්කුක්"

ගලා යන කඳුලැලි හා සුසුම් මතින් නම්ජුන් කිසිවක් කියන්නට උත්සාහ කලත් ඔහුගේ මුවින් පිටවුනේ ඔහුගේ ප්‍රේමියාගේ නාමයම පමණයි.

නම්ජුන් වටා වූ සිය දෑත් වල ග්‍රහණය තවත් තද කල ජන්කුක් ඉතා සියුම්ව නම්ජුන්ගේ පිරුණු තොල්පෙති ඔහුගේ තොල් මතින් තබා උරන්නට වුනේ ඔවුනොවුන් බොහෝ කලක් විඳි දුක් වේදනාවන් සියල්ලකම අවසානයක් සනිටුහන් කරමින්.

"ස..සමාවන්න මා හට කුමරුනි..... යාමට අවසර..."

හුස්ම ගනු නොහැකිව එකිනෙකාගේ දෙතොලින් මෑත්ව, නම්ජුන්ගේ සියුම් කෙඳිරිලි හඬ මධ්‍යයේ ඔහුගේ ගෙල වටා උණුසුම් හාදු තබමින් ඔවුන්ගේම ලොවකට ගොස් සිටි නම්ජුන් හා ජන්කුක් පියවි සිහියට පැමිණියේ කුටියේ පිවිසුම දෙසින් ආ බයාදු කටහඬක් නිසාවෙන්.

ඒ නම්ජුන්ට මන්දිරය පුරා මගපෙන්වූ සේවකයායි. ඔහු ඉතා බයාදු ලෙස බිම දණගසා සිය හිසද බිම දෙසටම නවාගෙන වෙව්ලමින් කතා කළා.

"මොනවා...නුඹ.... තවමත් මෙතන... මෙතරම් වෙලා මෙහි කුමක් කලාද.. චී.. අප දෙදෙනාගේ හාදුව දෙසත් බලා සිටියාද නුඹ? වහාම මෙතනින් පිටව යනු...." ජන්කුක් ඝර්ජනාත්මක අණ දෙන ස්වරූපයකින් පැවසුවේ නම්ජුන්වද පුදුමයට පත් කරමින්.

"එහෙමයි කුමරුනි.... දහස් වරක් කමා කරන්න ගැත්තාට.... බලා සිටියේ නැහැ මා කිසිවක්...." සේවකයා බියෙන් වෙව්ලන්නට වුනා.

'මොනවා..ඒ සේවකයා කුමක්ද පැවසුවේ.... කුමරුනි..? මා හට යම් අරුම පුදුම දේ ඇසෙන්නේද? ජන්කුක්? කුමරෙක් ?ඔහු උප සෙන්පති නොවේද? අනෙක ඔහු 'යි' කුමරුන්ගේ මැදුරේ කරන්නේ කුමක්ද? '

"හහ්..බලා සිටියේ නැහැ.... මා හට සිතා ගත හැකියි.... මා දුටුවා මුළුතැන්ගේ ඇති ඇතිලි දුටු විට මාගේ ජුනී කෙතරම් බිය වූවාද කියා. ඉන් පසු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තොප ඔහු සමග මාගේම මන්දිරය තුල ඇවිද යන්නට වුනා . "

"දුටුවා මා හොඳින්.... නුඹ ඔහු දෙස බලමින් කෝල ලෙස සිනාසෙන අයුරු.... මා නුඹ ගැන පසුවට බලාගන්නම්.... දැනට මෙතනින් චුත වනු..." ජන්කුක් නොරිස්සුම්ව සේවකයාට බැන වදිද්දී නම්ජුන්ගේ හිස නම් බොහොමත්ම අවුල් ජාලාවක පැටලී තිබුනා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now