13

425 121 28
                                    

ඔසු නිසාවෙන් යුන්ගි ඉක්මනින්ම සුව අතට හැරෙන්නට වුනා. නමුත් හොසෝක් තවමත් යුන්ගිගේ සෞඛ්‍ය ගැන බියෙන් ඔහු අසලම සිටිමින් නිදි නොමැතිව ඔහුට සාත්තු කරන්නට පෙළඹුනා. ජන්කුක් සහ නම්ජුන් කෙතරම් ඔහුට විවේක ගන්නැයි ඇවිටිලි කලත් හෝසෝක් නොවේ ඒ බස් කනකටවත් ගත්තේ.

යුන්ගි රාත්‍රියේ නිදියන විටත් බකමූනෙකු සේ හෝසෝක් රෑ පුරා නිදිවර්ජිතව යුන්ගි අසලටම වී සිටින්නේ, යුන්ගි නැවතත් ඔහුව දමා යාවි යයි ඇති අනිත බිය නිසාවෙන්. ඉතින් උදෑසන අවදි වන යුන්ගිට බොහෝ විට දක්නට ලැබෙන්නේ සිය ඇඳ අසල වාඩි වී, ඇඳ මත හිස තබාගෙන නින්දට වැටී සිටින හෝසෝක්ව.

එවිට යුන්ගිද බොහෝ මුදු ලෙස හෝසෝක්ගේ කම්මුල් සිය රළු ඇඟිලි වලින් පිරිමදිමින් ඔහු නිදන සැටි බලා සිටින්නේ ඉමහත් ආදරයෙන් යුතුවයි.

යුන්ගිගේ සිතේ හෝසෝක්ට ඇති ආදරය සේම ගෞරවයත් තව තවත් වැඩි වන්නට වුනේ හෝසෝක් ඔහුව දෙවතාවක්ම මරණින් ගලවාගත් නිසා හෝ ඔහු දිවිහිමියෙන් යුන්ගිට සාත්තු කිරීමට උත්සුක වන නිසාම පමණක් නොවේ.

හෝසෝක් යුන්ගිට මුල් වරට ප්‍රතිකාර කරන්නටත් ප්‍රථම, යුන්ගි හෝසෝක්ට පැවසුවේ සිය හිස්වැස්ම කිසිසේත්ම ඉවත් නොකරන ලෙසයි. එදා හෝසෝක් යුන්ගිට එසේ නොකරන බවට පොරොන්දු වුනා සේම ඔහු ඒ පොරොන්දුව ඉතාමත් හොඳින් රැක්කා.

හෝසෝක්ට ඕනෑතරම් අවස්ථා තිබුනා යුන්ගි හංගාගෙන සිටින මුහුණ දකින්නට.

ජන්කුක් පෙනෙන තෙක්මානයේ නොසිටි අවස්ථා බොහෝයි. ජන්කුක් ඔසු රැගෙන ඒමට ගිය අවස්තාව ප්‍රයෝජනයක් කරගෙනද හෝසෝක්ට යුන්ගි රක්ෂා කරන රහස දැක ගන්නට ඕනෑ තරම් ඉඩකඩ තිබුනත් ඔහු එසේ කලේ නැහැ.

යුන්ගි ඒ බව දැනගත්තේ ඔහුට සිහිය ආ වහාම, ඔහු ඔහුගේ හිස්වැස්මට යොදන,  සුවිශේෂී වූ ගැටය මදකුදු ලිහිල් නොවී එලෙසම පැවති නිසාවෙන්.

මේ නිසා ඔහුට හෝසෝක් කෙරේ ඇති ගෞරවය සහ විශ්වාසය තව තවත් වැඩි වන්නට වුනා.

යුන්ගි ප්‍රථමයෙන් විශ්වාස කලේ ඔහු හෝසෝක්ට කෙතරම් ප්‍රේම කලත්, හෝසෝක් ඔහු වැන්නෙකුට කිසි දින ප්‍රේම නොකරනු ඇතැයි කියා. නමුත් ඔහු මරණාසන්නව සිටියදී ඇසුණු හෝසෝක්ගේ වදන් ඔහු වැරදි බව ඔහුටම පසක් කළා.

ඔහුගේ සැඟවුණු රුව පවා නොදැක හෝසෝක් ඔහුට හදවතින්ම ආලය කළා. ඔහු වෙනුවෙන් හෝරා ගණනක් ඉකිබින්දා. ඔහුගේ දිවි බේරාගන්නට නොයෙක් උත්සාහ දැරුවා. ඉතින් මේ සැබෑම ආදරය නොවේ නම් වෙන කුමක්ද?

යුන්ගිට හෝසෝක්ගේ මේ අසීමිත ආලය දරාගත නොහැකි වන්නට වුනා. හෝසෝක් ඔහුගේ සන්තකයේ ඇති සියල්ලම කැප කරමින් ඔහුට ආලය කලත් යුන්ගි කලේ කුමක්ද?

ඔහු ඔහුගේ රහස් වසන් කරමින් හෝසෝක්ගෙන් හැංගීම නොවේද කලේ?

මේ සිතුවිලි යුන්ගිට වද දෙන්නට වුනේ නිතැතින්මයි.

එනිසා ඔහු තීරණයකට එළඹියා. ඔහු අදිටන් කරගත්තා සිය සියලු රහස් හෝසෝක්ට හෙළි කල නොහැකි වුවත්, අඩු තරමේ ඔහුගේ හිස් වැස්මෙන් සැඟවුණු රහස හෝ ඔහුට හෙළි කරන්නට...

හෝසෝක්ගේ ප්‍රතිචාරය කුමක් වුවත් ඔහු එසේ සිදු කිරීමට හිත හදාගත්තේ ඔහු කෙරෙහි වූ අසීමිත ආදරය නිසාමයි.

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

hello රීඩර්-නිම්ස්,

මන් දන්නවා මේක සූටිම සූටි චැපියක් කියලා.. 😌 මේක transitional චැපියක්.. ඒ කියන්නේ මට අනුව නම් මේ දැන් ඉන්න scn එකෙන් වෙන scn එකකට මාරු වෙන විදිහේ එකක්.

හරියට ඊළඟ chapter එක, කලින්  chapter වලට bind කරන්න ලියපු එකක්.

බිය නොවන්න... මා ඊළඟ චැපියද අද මැදියම් රෑ වන විට නොහැකි වුනොත් හෙට දින ඇතුලත ලබා දෙන්නෙමි. දේශපාළුවන් මෙන් කඩවුනු පොරොන්දු නොදෙමි. 😇

දැනට මේ ත්‍යාගය පිළිගනු මැනවි මා දයාබර රටවැසියනි 😘😘😘

Our Destiny | SOPE /  NamkookNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ