21

355 97 106
                                    

වසන්තයද උදා වුනේ සියලු හිම කැට කෙමෙන් කෙමෙන් හිරු රශ්මියෙන් දිය කර හරිමින්. දසතම පක්ෂීන්ගේ නාදය විසිර යද්දී අගනුවර සෑම තැනම වසන්තය පැමිණීමේ උත්සව පවත්වමින් අගනුවර වාසීන් ප්‍රීති වන්නට වුනේ ඒ දෙස බලා සිටි හෝසෝක්ගේ මුවගටද මද සිනහවක් එක් කරමින්.

වසන්තය...කෙතරම් සුන්දරද.....

වසන්තය හෝසෝක්ගේ මතකයට නගන්නේ ඔහුගේ සුන්දර විවාහය.... යුන්ගි සමග ආදරයෙන් ගත කල කාලය...

'යුන්ගි ඔබ කොහි සිටින්නේද? ඔබට මා මතක වත් නොමැතිද? අප දෙදෙනාගේ විවාහ සංවත්සරයත් ඉතාම අත ළඟ.. ඔබ මාහට ත්‍යාගයක් රැගෙන පැමිණෙනවා නේද? '

හෝසෝක් දෑස් වල කඳුළු පුරවාගන්නට වුනේ ඔහුගේ අහිංසක චේතනාවන් සැබෑ වේදැයි ඔහුට පවා කිසිඳු විශ්වාසයක් නොවූ නිසාවෙන්.

ඔහු නම්ජුන් සමග අගනුවරට පැමිණ දින කිහිපයක් ගත වෙලා. අගනුවර නවාතැනක් හා රැකියාවක් සොයාගැනීම ඉතාම අපහසු කාර්යයක් යයි ඔවුන් සිතුවත්, එය එසේ වුයේ නැහැ.

ඔවුන් අගනුවරට පැමිණෙන අතරමග, වනයේ ඔසු එකතු කරමින් සිටියදී අනතුරට පත්ව සිටි පුද්ගලයෙක් බේරා ගැනීමට හෝසෝක් සහ නම්ජුන් ඉමහත් උත්සාහයක් ගත්තා. ඉන් පසු ඔහුව අගනුවරට ප්‍රවේසමෙන් රැගෙන වුත් තානායමක් සොයා ගැනීමේ කාර්යය කරා යාමට උත්සාහ කලත්, ඒ අමුත්තා නම් නොවේ ඔවුන්ට එසේ කිරීමට ඉඩ ලබා දුන්නේ.

ඒ අමුත්තා සිය විසල් නිවසේ ඔවුනට කෙතරම් කාලයක් වුවත් ජීවත් වීමට ඉඩ ලබා දුන්නේ සිය දිවි බේරා දීමට කරන ප්‍රති උපකාරයක් වශයෙන්. එය නම්ජුන් හා හෝසෝක්ට ඉමහත් අස්වැසිල්ලක් වුනා.

ඔවුන් දිවි බේරා දුන් තැනැත්තා සාමාන්‍ය වැසියෙකු නම් නොවේ. ඔහු වංශාධිපති පෙළපතකින් පැවත එන්නෙක්. එමෙන්ම ඔහු තමා රාජකීය ප්‍රධාන වෙදැදුරු වන්නේත්. නමින් ශි-හ්යුක්. ඔහුටත්, ඔහුගේ බිරිඳටත් දරුවන් සිටියේ නැහැ. එනිසා ඔවුන් හෝසෝක් සහ නම්ජුන්ට තමන්ගේම දරුවන් සේ සලකන්නට වුනා.

නම්ජුන්ද සිය සිහිනය කරා වූ ප්‍රථම පියවර තබමින් සන්ක්යුන්ක්වාන් විශ්ව විද්‍යාලයේ පිවිසුම් විභාගය ඉහලින්ම සමත් වුනේ පැමිණ සිටි සියලුම සිසුන්ට වඩා වැඩි දස්කම් දක්වමින්.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now