5

476 127 80
                                    

"මා ඔහුගේ තුවාල සියල්ලටම ඔසු ගැල්වුවා. නැවත නැවත දින කිහිපයක් ඔසු ගැල්වූ විට සියලු තුවාල සුව අතට හැරේවි. ඔහු ඉතා දුර්වලයි. එම නිසා සුව වන තෙක් ඇඳෙහිම සිටින්නේ නම් හොඳයි. " මුළු රාත්‍රියක් තිස්සේ යුන්ගිට ප්‍රතිකාර කිරීමට වෙහෙසුණු හෝසෝක් ජන්කුක්ට එසේ කියමින් නවාතැන්පලෙන් පිටවුනේ පසුදා පාන්දරයි.

ජන්කුක්ද හෝසෝක් පසුපසින් ඔවුන්ගේ නිවස දෙස යන්නට වුනේ හෝසෝක්ගේ උපකාරයට කෘතගුණ දක්වන්නටයි.

නමුත් හෝසෝක්ගේ නිවසේ එළිපතට වී ඔවුන් එන තෙක් මග බලා සිටින කඩවසම්, කටකාර තරුණයා දුටු විගස ඔහුගේ මුවට කෙළිලොල් සිනහවක් නැගුනේ නිතනින්මයි. එහෙත් හෝසෝක් නම්ජුන්ගේ ඇති සබැඳියාව සිහිවූ ඔහුගේ මුහුනෙන් ඒ සිනහව වියැකී ගියේ ඒ ක්ෂනයෙන්මයි.

"හෝසෝක් ... කොහිද සිටියේ ඔබ මෙතුවක්කල්.. ඉතාම පාලුවෙන් සිටියේ ඔබ නොමැතිව" නම්ජුන් හෝසෝක් එන මගට දිව එමින් නෝක්කාඩු ස්වරයෙන් පවසන්න වුනා.

"පාලුවෙන් සිටියා.. ඔබ... මා නොමැතිව? මා සිතන්නේ ඔබ කුසගින්නේ සිටියා කියා මා නොමැතිව, කන්නට යමක් නැති නිසාවෙන්. ඔබ තනිව යමක් පිස කෑ දවසට හිරු නැගෙයි අවරගිරින්" නම්ජුන්ගේ මුහුණේ ඇති කටුසු බැල්මෙන් ඔහුගේ සත්‍ය අභිප්‍රාය හඳුනාගත් හෝසෝක් සිනහසෙමින් එසේ පවසන්නට වුනා.

ඒ සමගින්ම නම්ජුන් හෝසෝක්ට රවමින් ඔවුන්ගේ නිවස තුලට දිව ගියේ ජන්කුක්ද එතැන සිටීම සිටි නිසා ඇතිවූ ලැජ්ජාවෙන් නම් නොවේ.

"ඔබත් පැමිණෙන්න අප සමග ආහාර ගන්න. ඔබේ සොහොයුරා අවදි වන විට මදක් වෙලා ගත වේවි. මා ඔහුට රැගෙන යන්නටත් එක්කම ආහාර පිසින්නම්" හෝසෝක් එසේ පවසමින් නිවස තුලට ගියා.

නම්ජුන් සිටියේ නිවසේ ආලින්දයේ සුවිසල් පොත් තබා තිබු මේසයක් අසලින් හිඳගෙන, පොතකින්ද මුහුණ වසා ගනිමින්. ජන්කුක්ද හෝසෝක්ගේ අවසරයෙන් ගෙට පිළිපන නම්ජුන් ඉදිරියේ අසුන් ගන්නට වුනා. ඔහු මේසය මත වූ පොත් පත් පෙරලමින් බලන්නට වුනේ නම්ජුන් ඔහු සිටින මානයක් දෙස පවා අවධානයක් යොමු නොකළ නිසාවෙන්.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now