27

543 101 245
                                    

"ඔබ පැමිණෙන තෙක් මා මග බලා සිටියා මාගේ රැජින ......"

ඒ හෝසෝක්ට හුරුපුරුදු ලබැඳි කටහඬ.... ඔහුගේම යුන්ගිගේ ගැඹුරු හා සන්සුන් කටහඬ.....

හෝසෝක් ඒ ක්ෂණයකින්ම ඔහුගේ හුරුපුරුදු උණුසුම් තුරුලේම සැඟවෙන්නට වුනා. ඒ හුරුපුරුදු ශක්තිමත් දෑත් ඔහු වටා වෙලුනේ නැවතත් හැර නොයන ප්‍රතිඥා දෙමින්. ඔවුන්ගේ දෑස් එකිනෙකා හා ගැටුනේ දිගු හා වේදනාත්මක වෙන්වීමක මතකයන් දෑසින් හුවමාරු කරගනිමින්.

වචනයෙන් කියන්නට යමක් ඔවුන් තුල තිබුනේ නැහැ. සැබෑ ප්‍රේමයට වචන අවැසි නැහැ. එනිසාවෙන්ම සිය සියලු දුක් වේදනා මතින් වෙව්ලන තොල් එක් කල ආදරවන්තයින් යුවල ඔවුන්ගේම ලෝකයක තනිවන්නට වුනේ මෙතෙක් නොකියූ සියලු වදන් ඒ තුල කැටි කරමින්.

"හෝසෝක්.... මගේ සුන්දර රෝස කුසුම.... සමාවන්න මා හට... ඔබ සොයා එන්නට බොහෝ කල් ගියා මේ අඥාන සැමියාට... ඔබේ දෑසින් පිටවෙන සෑම කඳුලක් පාසාම, ඔබේ හදවත ඇදුම් කන සෑම වාරයක් පාසාම දඬුවම් දෙන්න මා හට....." යුන්ගි හෝසෝක්ව සිය රාජකීය යහන මත ඉතා මුදුව සතපා, ඔහු ඉදිරියේ දණ ගසා ගනිමින් මෙසේ කියන්නට වුනේ හෝරා ගණනාවකින් පසුවද හෝසෝක්ගේ හැඬුමෙහි කිසිඳු අඩුවක් නොවූයෙන්.

"කතා කරනු එපා මා සමග.... එයයි ඔබේ දඬුවම...." හෝසෝක් ඉකි ගැසුම් අතරින්ම කියන්නට වුනේ යුන්ගි සැබවින්ම ඔහු ඉදිරියේ සිටින බව තවමත් අදහා ගත නොහැකිවයි.

"එසේ පවසන්නට එපා මගේ පණ.... ඒ දඬුවම හැර අනෙක් ඕනෑම දඩුවමක් මා විඳගන්නම්. නමුත් ඔබ සමගින් නොදොඩා මා කෙසේ ජිවත් වන්නද? ඔබ හැරදා ගිය දිනයේ පටන් ඔබේ හුරතල් බස් අසන්නට නොහැකිව, ඔබ තුරුලේ රැඳෙන්නට නොහැකිව මා නොමැරී මැරුණා පමණයි... ඔබ මා ඉදිරියේ මෙසේ ජීවමානව සිටින විටදී මා කෙසේ ඔබ සමගින් නොදොඩා ඉන්නද? "

" කරුණාකර කුමක්හෝ පවසන්න... බනින්න මා හට ඕනෑතරම්... පහර දෙන්න ඔබේ කෝපය නිමා වනතෙක්... නමුත් අමනාප වී සිටින්න එපා මා සමග" හෝසෝක්ගේ නග්නව ඇති සිනිදු දෙපා මත කුඩා හාදුවක් තබමින්ම යුන්ගි ආයාචනා කරන්නට වුනා.

"එ..එසේනම්... දෙනු මා හට පිළිතුරු.... කිමද ඔබ අපගේ ගම්මානයට ආයේ? කිමද මුසාබස් පැවසුවේ ඔබේ දෙමාපියන් මියගොස් කියා.... මක් නිසාද මා වැනි සාමාන්‍ය ගැමියෙක් සමග විවා වුනේ ඔබ ඔටුන්න හිමි කුමරු නම්? " හෝසෝක් සිය හැඬුම් අතරින්ම යුන්ගි දෙස රවා බලමින් පවසන්නට වුනා..

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now