Epilogue Pt. 1

381 70 22
                                    

මා දයාබර පාඨක ප්‍රජාවනි,

ගොර්යෝ රාජධානියෙන් නික්ම නැවතත් 2021 වර්ෂයට සම්ප්‍රාප්ත වූ ඔබව සාදරයෙන් පිලිගනිමි. 😁

හෙහේ..උඩ ගිහින් බිම වැටුනාදෝ .... ජුනී තමයි මෙච්චර වෙලා කතාව කිව්වේ... 🙈🙊🙊

ඉතින් හිතවතුනි, මාගේ කුළුඳුල් සිංහල පුස්තකය වූ 'Our Destiny' මෙතෙකින් සමාප්ත වේ. ඔවුන්ගේ දෛවයේ ලියවුනු කතාව සමග රැඳී සිටිමින් ඔවුන් සමගින් සිනහසුනු, ඔවුන් සමඟ හඬා වැළපුණු, සෑම මොහොතකම ඔවුන් සමගින් සිටි ඔබ සැමට මාගේ හද පිරි ප්‍රණාමය පුද කර සිටිමි. ❤❤❤❤

මාගේ කුළුඳුල් නිර්මාණය වන මේ පුස්තකයට ආදරය කල, එය කියවූ, vote කල, සොඳුරු තර්ජන සහ ආදරණීය comment ලබා දුන් ඔබ සැමට මාගේ හද පත්ලෙන්ම නැගෙන අවිච්ජින්න වූ සෙනෙහෙවන්ත බව පල කර සිටිමි.  💖

පළමු උත්සාහය වූ බැවින් කිසිසේත්ම මෙතරම් views හෝ මෙතරම් ආදරයක් බලාපොරොත්තු නොවූයෙමි. මේ ලියන මොහොත වන විටද කතාව 4K views පසු කර අැත.  💜

මා වටා එක්වූ ඔබ, නොමඳ සහයක් පල කරන විට මා හට ඇති වූ ප්‍රීතිය මෙපමණ යයි කියා නිම කල නොහැක. ඒ ගැන මා ඔබට මුව නොසෑහෙන තුති පුදන්නේ මාගේ හද පත්ලෙන්මයි. 🌻🌻

අවසාන පරිච්චේදය නිසාවෙන්, මෙම පොත නිර්මාණය වූ ආකාරය පිලිබඳ යමක් කියනු කැමැත්තෙමි. ඒ ලොකු කමකට නොව, මේ පොත ලියා අවසාන කල අයුරු මටද සිතා ගත නොහැකි හෙයිනි.

මේ පුස්තකය පිලිබඳ මට ප්‍රථම වරට අදහස් පහල වන්නේ 2016 වර්ෂයේ අග භාගයේදීයි. ඒ , Moon Lovers: Scarlet Heart Ryeo යන මාගේ සිත්ගත් කොරියානු නාට්ටිය බැලීමෙනි.

අදහස් පහල වුවත් මා ඉතා කම්මැලි ජීවියෙකි. ඒ නිසා ඒ අදහස හිතේ කොනක තබාගෙන මා සුවසේ නිදන්නට වුනෙමි. නමුත් Daechwita ගීතය release කරමින් පූෂ් රාල මාගේ හද කළඹා කනට දෙකක් දෙන්නට වූ පසු හෙල්ලි ගිය මගේ මොලයට නැවතත් මෙම අදහස පැමිණෙන්නට වුනේ 2020 අග භාගයේදීයි. 😌

ඒ සමගම කොලොම්බස් සොයාගත් මොකද්ද දේශය මෙන් මමද වට්පෑඩුවේ සිංහල පුස්තකයන් සොයාගන්නට පෙළඹීම මේ කතාව ලියන්නට මට බොහෝ රුකුලක් වුනේ අප මව් භාෂාවෙන් මගේ අදහස් ප්‍රකාශ කිරීමටම මට නොමඳ අවස්තාවක් ලබා දෙමින්. ඒ පිලිබඳ, දහසක් බාධක මැද වුවද සිංහලෙන් පුස්තකයන් ලියන ඕතර්-නිම්ලාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙමි. ❤❤❤

මේ කතාව ලියන්නට මගේ අදහස වුනේ එකම එක වාක්‍යකි. එනම් රටේ රජු, සාමාන්‍ය ගම් වැසියෙකුසේ ජීවත්ව සාමාන්‍ය තරුණයෙකු සමග ආදරයෙන් බැඳීමයි. ඉතින් මෙතන කිසිඳු කතාවක් නොමැත.

මේ නිසාම මම මෙය ලියන්නට පටන් ගත්තේ චැපි පහකට වඩා ලියන්නේ නැහැ යයි කියන ආකල්පයෙනි. නමුත් .... බූම්.... බෝම්බයක් පිපිරුවාක් සේ මගේ සිතට ගලා ආ සිතුවිලි මැද මේ කතාව නතර වුනේ 25+ chapter ගණනක් ඇතිවයි. එය සිදු වුයේ කෙසේදැයි මා අදටත් නොදනිමි.

කතාවේ ඇති insight චුට්ටක් ගැන අවසාන වශයෙන් කතා කිරීමට කැමැත්තෙමි. ඒ ගැන දැනගන්නට කැමති නම් පමණක් ඊළඟ පරිච්චේදයට scroll කරනු මැනවි.

🌻🌻🌻🌻🌻

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now