1

797 143 20
                                    

ඒ පහළොස්වන සියවසේ ජොසෙන් රාජ වංශයේ තේජෝන් රජු සහ වොන්යොන් අගබිසවගේ පාලන සමය.

වරින් වර පැමිණෙන මොන්ගෝලියානු ආක්‍රමණිකයන්ගේ ප්‍රහාර සහ දකුණු දෙසින් පැමිණෙන ජපන් ජාතිකයින්ගේ ප්‍රහාර හැරුණු කොට රට ඉතාම සාමකාමී තත්වයේ පැවතුනේ. විශේෂයෙන්ම වොන්යොන් අගබිසවගේ පවුල වුනු Yeoheung පරපුර රටේ ඉහලම තනතුරු දරමින් රට හොඳින් පාලනය කරන්නට උදව් වුනා.

වරින් වර පැමිණෙන යුද්ධ නිසා සටනට ගිය රට වැසියන්ගේ දිවි අහිමි වීම වගේ ශෝකජනක දේ සිද්ධ වුනත්, රට වැසියන් හිටියේ ප්‍රීතියෙන්. මොකද තේජෝන් රජු ඉතාම යහපත් පාලකයෙක්.

ඔහු සහ Yeoheung පරපුර එක්ව රට සශ්‍රීක කළා වගේම අනවශ්‍ය බදු කපා හැරලා ජනතාවට නිදහසේ ජීවත් වෙන්න ඉඩ සලසලා දුන්නා. ඒවගේම තමයි කිරුල භාර ගන්න ඉතා දක්ෂ සහ බුද්ධිමත් කුමරුවෙක් හිටියා. ඒවගේම සටනට අතිශය දක්ෂ, රාජකීය හමුදාව මෙහෙයවන තවත් කුමරුවෙකුත් සිටියා. ඔවුන් ඉන්නකොට ජනතාවට යුද්ධය ගැන අනිත බියක් ඇති කරගතයුතු වුනේ නැහැ.

ඒවගේම ජනතාවට කලට වෙලාවට වැසි ලැබුනා ඔවුන්ගේ ගොවිතැන් කටයුතු කරගන්න. ඉතින් තේජෝන් රජුගේ පාලන සමයේදී ඉතා ධනවත් රට වැසියන්, වංශාධිපතින් මෙන්ම සාමාන්‍ය රට වැසියන් පවා සතුටින් ජීවත් වුනා කිව්වොත් නිවැරදියි.

රාජ්‍ය එහෙම පැවතුනත් මේ කතා කරන්න යන්නේ ඒ රාජ්‍යයේ අග නගරයට ගොඩක් දුරින් පිහිටලා තියෙන අන්දොන් කියන ගම්මානය ගැන.

මේ ගම්මානය ඉතාම පොඩි ගම්මානයක්. නමුත් ගමක අනිවාර්ය අංග වන නවාතැන් පොලක්, කුඩා අවන්හලක්, වෙළඳසල් කිහිපයක් වගේ දේවල් හැම ගමේම වගේ මේ ගමෙත් පිහිටලා තිබුනා.

ගමේ හැමෝම වගේ ජීවත් වුනේ ගොවිතැනෙන්. එහෙමත් නැත්නම් පොඩි භාණ්ඩ වගේ දේවල් නිෂ්පාදනය කරලා අගනගරයට ගිහින් ඒවා අලෙවි කරලා. ගමේ කවුරුත් ගමේ මිනිස්සු ගැන හොඳටම දැනන් හිටියා. පොඩි ගමක් වුනත් හැමෝම එකමුතුව සතුටින් තමයි ජීවත් වුනේ.

 පොඩි ගමක් වුනත් හැමෝම එකමුතුව සතුටින් තමයි ජීවත් වුනේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now