18

416 96 36
                                    

වසන්තය හා ග්‍රීෂ්මයද ගෙවී ගිම්හාන කාලය උදා වුනා. නව විවාහක යුවල යුන්ගි සහ හෝසෝක් ඉතාම සතුටින් දිවි ගෙව්වේ දවසින් දවස ඔවුන්ගේ ආදරය තව තවත් ශක්තිමත් වෙද්දියි. 

යුන්ගි ගම්මානයේ පාඨශාලාවක් සාදා කුඩා ළමුන්ට මැනවින් ශිල්ප ශාස්ත්‍ර ලබා දෙද්දී, හෝසෝක්ද සිය වෙදැදුරු ශිල්පය තව තවත් මැනවින් ප්‍රගුණ කරන්නට වුනා. ඔවුන් ,මුළු ගම්මානයේම සිත දිනාගත් සුන්දර යුවලක් වුනා. හෝසෝක්ගේ ඔසු නිතිපතා ආලේප කිරීමෙන් සිය කැළලද මැකී යන නිසාවෙන් යුන්ගිටද ගම් වැසියන් සමග සුහද වීම තවත් කිසිඳු ගැටළුවක් වුයේ නැහැ.

මේ අතරේ ජන්කුක් සහ නම්ජුන්ද සුන්දර අඩ දබර මැදින් කල් ගත කළා. ඉදිරියේ එන වසන්තයේදී සන්ක්යුන්ක්වාන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශ විභාගය පැවැත්වෙන නිසාවෙන් නම්ජුන් සහ ජන්කුක් හැකි ඉක්මනින් අගනුවරට යාමට සැලසුම් කලා.

ඒ ආරංචිය යුන්ගි සහ හෝසෝක්ට මෙන්ම ගම් වැසියන්ටද ඉමහත් කණගාටුදායක පුවතක් වුවත්, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් ඒ සියලු දෙනාම ඔවුන්ට ආශිර්වාද කළා.

පාඨශාලාවේ එදින වැඩ අහවර වූ යුන්ගි, දිනයේ සිය ප්‍රියතම කාර්යය වූ නිදාගැනීම සඳහා සිය ගිමන් හැරීමේ තොටුපල වන ගඟ අද්දර චෙරි ගස වෙතට ගියා. ගසේ කඳට පිටදී ඇලවූ වහාම මෙලොවක වග විභාගයක් නොමැතිව නින්දට වැටුණු යුන්ගි, හෝරාවකින් පමණ යලි ඇහැරුණේ සිය මුහුණෙන් යම් තෙත් සහිත හැඟීමක් දැනුනු නිසාවෙන්.

අහෝ.....  ඔහු අවදි වුනේ මනරම් දසුනකට. සිය සුන්දර රෝස කුසුම, ඔහුගේ උකුල මතට නැගී ඔහුගේ තොල් සහ මුහුණ මුදුව සිප ගනිමින් සිටියා.

ඉන් ඉක්බිති යුන්ගිගේ ගෙල පාමුලින් සිය දෙතොල් තැබූ ඔහු සිය දත් වලින් සියුම් ලෙස සම හපන්නට වුනා. යුන්ගිද තම හැඟුම් වලට වහල් වී නැවතත් දෑස් පියාගත්තේ ඒ මුදු තොල් වල පහස උපරිමයෙන් විඳින්නටයි.

නමුත් නොහිතූ ලෙස ඔවුන්ට වෙන්වන්නට සිදු වුනේ ඔවුන් පසුපසින් ඇසුණු ගැඹුරු උගුර පාදන ශබ්දය නිසාවෙන්. ඒ ඇසීමත් සමගම හෝසෝක් ඊයක වේගයෙන් යුන්ගිගේ සිරුරෙන් ඉවත් වන්නට වුනත්, ඔහුට එසේ කරන්නට නොදී සිය උණුහුම් ළයේ ඔහුගේ මුහුණ සැඟවූ යුන්ගි පසුපස හැරී බලන්නට වුනා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now