28

671 106 231
                                    

රාජකීය උද්‍යානයේ තැනූ විනෝද මණ්ඩපයේ සොඳුරු යුවල දෙකක් එකිනෙකාට තුරුළු වී සුන්දර සැන්දෑ අහස විඳිමින් සිටියා. ඒ අන් කවරෙකුත් නොවේ, ප්‍රධාන රාජකීය යුගල් වන යුන්ගි-හෝසෝක් සහ ජන්කුක්-නම්ජුන්.

සිය රැජිනගේ පිරිපුන් කුස වටා සිය දෑත් ආරක්ෂක වළල්ලක් සේ දමාගෙන අඩ නින්දේ සිටි යුන්ගිගේ සොඳුරු නින්දට බාධා වුනේ දසත විසිරුණු උණු තේ බිඳු කිහිපයක්.

සුපුරුදු පරිදි නම්ජුන්, ජන්කුක් සමග බොහෝ කෝපයෙන්. ගැබ්බරව සිටින නිසා වෙනදාටත් වඩා ඉක්මනින් කුපිත වන ඔහු දැන් හිස් කෝප්ප පමණක් නොවේ තේ පැන් පිරැණු කෝප්ප වලින් පවා දමා ගසන්නට පුරුදුව සිටියා. ඔහුගෙන් බේරීමට යුධ ශිල්පයෙහි කෙළ පැමිණි වීරයෙක් වූ ජන්කුක්ට කිසිත් හැකියාවක් ලැබුනේ නැහැ.

සිය ප්‍රේමියාගේ කෝපය නිසා අන්ත අසරණ බවට පත්ව සිටි ජන්කුක් තවත් අසරණ කරමින් යුන්ගිද සිය කෝපය ඔහු පිටින්ම යවන්නට වුනේ සිය සොඳුරු නින්දට බාධා වීම නිසාවෙන්.

"ජන්කුක්.....මා නුඹට යලිත් පවසන්නේ නැහැ.... නුඹේ මැදුරේ කෝකියා වහා ඉවත් කරනු.... ඔහු මාගේ රෝස කුසුම දෙසට හෙලන බැලුම් මා නොදැක්කා කියා සිතන්නට එපා. නැවත වතාවක් එසේ වුවහොත් මාගේ අසිපතින්ම දෙපලු කරනවා ඔහුව.... ආව්ව්....."

එවර විසි වුනේ හෝසෝක්ගේ මින්ග් දේශයෙන් ගෙනා අගනා තේ කෝප්පයයි. සිය සොහොයුරාගේ අඩි පාරේ යමින් කෝප්ප විසි කිරීමේ කලාව මැනවින් ප්‍රගුණ කල ඔහු දැන් නිරන්තරයෙන් යුන්ගිගේ හිස් මුදුනටම ඉලක්කය ගැනීමට පවා දක්ෂයෙක් වුනා.

සිය සහකරුවන් දෙපලම ඉතා කෝපයෙන් පසු වන බව දැනගත් මින් දෙසොහොයුරෝ එකිනෙකා දෙස බැල්මක් හුවමාරු කරමින් එක්වරම මණ්ඩපයෙන් පැන දුවන්නට වුනේ තව මොහොතකුදු එහි රැඳුනහොත් සිය දිවි බේරාදීමට කිසිඳු දේවතාවෙක් සමත් නොවන බව හොඳින් දත් නිසාවෙන්.

මේ නාට්‍යාංගය මාලිගාවේ හුරුපුරුදු දසුනක් බවට ඉතිහාස පොතේ ලියවුනේද එනිසාවෙන්මයි.

🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

"මින් රාජවංශය.... ප්‍රථම රජු මින් යුන්ගි... රැජින මින් හෝසෝක්.... ප්‍රධාන සෙන්පති සහ දෙවන කුමරු වන මින් ජන්කුක්.. ඔහුගේ බිසව මින් නම්ජුන්... මෙකල සිය සැමියන් වෙත කෝප්ප විසි කිරීමේ කාර්යය පුරුද්දක්ව පැවතුනා... මින් රාජ වංශය පවතින තාක්කල්ම මේ චාරිත්‍රය පැවතුනු බව ඉතිහාස පොතේ සඳහන්."

Our Destiny | SOPE /  NamkookNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ