14

462 118 92
                                    

සිසිරය ගෙවී ගොස් සුන්දරවූ වසන්තය උදා වෙලා. චෙරි ගස් සියල්ල දළුලා රෝස පැහැයෙන් පිරී ගිහින්.ගඟ අසබඩ රෝස පැහැ මල් පෙති හාත්පස විසිරී සුන්දර වූ මාවතක් තනා ඇති සේ දිස්වුනු දසුන ඉතාම මනස්කාන්තයි.

එක්තරා සැන්දෑවක නිවස තුලට වී වෙද පුස්තක කියවමින් සිටි හෝසෝක්ව බලෙන්ම ඉවතට ඇදගෙනවුත් ඒ මල් පෙති විසිරි මාවත දිගේ රැගෙන යන්නට වුනේ යුන්ගි විසින්මයි.

හෝසෝක් පුදුමයෙනුත් පුදුමයට පත් වෙලා. මෙතුවක්කල් ඔහු දැන හඳුනාගත් සිය ප්‍රේමියා මෙවන් එළිමහන් කාර්යයන්හි සිතැත්තෙකු නම් නොවේ.

ඔව්....ඔවුන් දැන් නම්ජුන්-ජන්කුක් සේම පෙම්වතුන්. යුන්ගි සුව වනවාත් සමගම සිය සිත තුල සිර කර තබා තිබු බස් හුවමාරු කරගනිමින් බොහෝ කඳුළු හා දුක් සුසුම් අතරින් ඔවුන් පෙම්වතුන් බවට පත් වුනා.

යුන්ගි තවමත් සිය හිස් වැස්ම තුලින් මුහුණ හංගාගෙන සිටියත් හෝසෝක්ට එය එතරම් ගැටළුවක් වුනේ නැහැ. ඔහු යුන්ගිටම, එය ඔහුට රිසි කාලයකදී හෙළි කිරීමට ඉඩදී නිහඬව බලා සිටියා.

යුන්ගිගේ රුවට වඩා ඔහුගේ ආදරණීය වදන්, ඔහුගේ තුරුලෙහි සිටින විට දැනෙන උණුසුම සහ ආරක්ෂාව හෝසෝක්ට මාහැඟි වුනා.

ඔවුන් මේ දක්වා කාලය තුල එකිනෙකා ගැන බොහෝ දේ ඉගෙන ගත්තා. ඒ නිසාවෙන්මයි අද හෝසෝක් යුන්ගිගේ මේ හැසිරීම නිසා මෙතරම් පුදුයට පත් වුනෙත්.

යුන්ගි අසනීප වුවත් නැතත් යුධ අභ්‍යාසයන්හි නියැලෙන්නේ හෝ අාහාර ගැනීමෙහි නිරත නොවන්නේ නම් නිදාගැනීම හෝ සිය කුටියටම වී කාලය ගත කිරීම ප්‍රිය කරන බව හෝසෝක් හොඳින්ම දැන සිටියා.

නම්ජුන් සහ ජන්කුක් සමග හැර වෙනත් ගම් වැසියන් සමග කතා කිරීමට පවා නොකැමැති ඔහු එළිමහනේ ඇවිද යාම වැනි ක්‍රියාවන්ට නම් බිඳුවක හෝ කැමැත්තක් දැක්වුයේ නැහැ.

හෝසෝක් කෙතරම් උත්සාහ කලාද යුන්ගිව සිය කුටියෙන් හෝ යහනෙන් ඉවතට ගෙන එන්නට. ගම්මානයේ බොහෝ විනෝද උත්සව පැවැත්වුනත්, බොහෝ යුවලවල් ඊට සහභාගී වී විනෝද වුනත් යුන්ගි නොවේ නිවසෙන් පිටතට වත් පැමිණියේ.

Our Destiny | SOPE /  Namkookजहाँ कहानियाँ रहती हैं। अभी खोजें