19

359 103 23
                                    

හෝසෝක්, සිය සැමියා ආදරයෙන් තැනූ කුඩා නිවසට ඇතුල් වන විටත්, යුන්ගි සිය මුවහත් කඩුවද අතැතිව අනෙකුත් අත්‍යාවශ්‍ය දෑ මල්ලකට එක රැස් කරමින් සිටියේ බොහෝ කලබලයෙන්. ඔවුන් විවාහ වී අඩ වසරක් හෝ තවම ගෙවී නැහැ. නමුත් යුන්ගිට එතරම් ඉක්මනින්ම හෝසෝක්ගෙන් වෙන්වී යාමට සිදු වෙලා.

කෙතරම් බාධක කම්කටොලු මැදින්ද ඔවුන් එක් වුයේ? නමුත් ඒ විඳි දුක් ගැහැට මදිවාක් යයි කියන්නට මෙන් තවත් බාධකයක් ඔවුන් ඉදිරියට පැමිණිලා.

යුද්ධය යනු කෙලි සෙල්ලම් පිටියක් නොවේ. හෝසෝක් එය මැනවින් දැන සිටියා. කිමෙක්ගේ දිවි රැකෙයිද, කිමෙක්ගේ දිවි අහිමිවේද යන්න කිසිවෙකුටත් සහතික කල නොහැකියි. සියල්ලෝම සිය රාජ්‍යය වෙනුවෙන් දිවි හිමියෙන් සටන් කරන්නේ අන් කිසිවක් ගැන තැකීමක් නොකොටයි.

නමුත් අස්ථිර වූ යුධ පිටියක් කරා සිය ආදරණිය සැමියා පිටත්ව යන අයුරු බලා සිටීම හැර හෝසෝක්ට කල හැකි වූ අන් කවරක්ද වුයේ නැහැ. රජ අණ පිළිපැදිය යුතුමයි.

අනෙක් කරුණ නම්, හෝසෝක් තරම් යුන්ගිගේ හැඟීම් ගැන දත්තෙක් කොහිහෝ නැතිව ඇති. හෝසෝක් හොඳින්ම දැන සිටියා සිය සැමියා තමා ගැන සිතන්නට ප්‍රථම, අන් සියල්ලන්ගේම යහපත ගැන සිතන්නාවූ, සිතින් ඉතා යහපත් පුද්ගලයෙක් බව. ඉතින් ඔහු දේශය සුරැකීමට නික්ම යාම නවතන්නට තමා සමත් නොවන බව හෝසෝක් හොඳින් තේරුම්ගත්තා.

එනිසාමයි කඳුළු දෑසේ පුරවාගෙන හෝ අද ඔහු නොහඬා සිටියේ. දුක්බර වූ අස්ථිර වූ අනාගතයක් ඔවුන් දෙදෙනාගේ ආදරයට උරුම වන බව දැන දැනත්, ඔහු නිහඬවම ගොස් සිය වැදගත්වූ ඔසු සියල්ලක්ම රැගෙන විත් යුන්ගිගේ ගමන් මල්ලෙහි අසුරන්නට වුනේ යුන්ගිද විශ්මයට පත් කරමින්.

වෙනත් දිනවල සුළු දේට පවා සිත් පෑරී, මුතු පැහැ දෙකොපුල් රත් පැහැ වනතෙක් හඬා වැටෙන හෝසෝක්, අද දින තමාටද වඩා නිර්භීත වී සිටිනු දුටු යුන්ගිට ඔහු ගැන ඇතිවුනේ නොමද ආඩම්බරයක්.

සියලු ඔසු ඉතා සීරුවෙන් අසුරා යුන්ගි දෙස බැලූ හෝසෝක්, බොහෝ වෙලා එලෙසම සිටින්නට වුනේ යුන්ගිගේ හදවතේ ඇති සිතිවිලි ඔහුගේ දෙනෙතේ බැලුම් මගින් මනාව තේරුම් ගනිමින්. තවද වචනයක් හෝ නොබිනු මේ යුවල එකිනෙකාගේ උණුසුම් ලයට තදින් තුරුළු වුනේ මේ මොහොත ඇතැම් විට ඔවුන්ගේ දිවියේ අවසාන ආදරණීය මොහොතද විය හැකි බව මතකයට නගා ගනිමින්.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now