6

481 122 74
                                    

දුර ඈත මාගේ සිහිනයක් තිබුනේ නම්

අහස කුස ඉගිලෙන්නට මාගේ සිහිනයක් තිබුනේනම්

ගිලිහී වැටෙනු එපා කිසිදා

යුන්ගි කෙමෙන් කෙමෙන් පියවි සිහියට එළඹෙමින් පැවතුනා. සිය ඇදුම් කන කයෙහි වේදනාව ඔහුට කෙමෙන් කෙමෙන් දැනෙන්නට පටන් ගත්තත් ඒ සියල්ල පරදා යන මිහිරි ගී රාවයක් ඈත සිට ඇදී අවුත් ඔහුගේ කනෙහි දැවටෙන්නට වුනේ ඔහුටත් නොදැනීමයි.

නිදිබර ඇස් විවර නොකරම ඔහු ඒ මිහිරි හඬට සවන් දෙන්නට වුනා. ඒ හඬ කෙමෙන් කෙමෙන් ඔහු දෙසට ලං වනු ඔහුට දැනුනා. ඒ සමගම මුදු දෑතක් ඔහුගේ ලය පුරා ඇදී යන සංවේදනය ඔහුට දැනෙන්නට වුනේ ගී හඬින් මෝහනය වී සිටි ඔහු තව තවත් මත් කරවමින්.

හදිසියේම ගී හඬ නැවතුනා සේම, මුදු දෑතත් ඔහුගේ ලයෙන් ඉවතට ඇදී ගියා. ඒ සමගම පෙර තිබු උණුසුම නොමැතිව පුරුදු සීතල සිය ලය වසා ගන්නා බව ඔහුට හැඟී ගියා. සුපුරුදු වේදනාවත් ඔහුගේ කය දැවටෙන්නට වුනේ මෝහනයෙන් ඔහුව පියවි සිහියට ඇද දමමින්.

ඒ සමගම ඔහු නින්දෙන් යුහුසුළුව අවදිව, නැගී සිටීමට උත්සාහ කලේ පෙර ඔහුගේ ලය උණුසුම් කල මුදු දෑත නැවතත් ඔහු දෙසට ඇදගන්නට වූ බලාපොරොත්තුව සමගින්. නමුත් සිදුවුයේ වෙනත් දෙයක්. ඒ දෑත් හිමිකරු ඉතා මුදුව ඔහුව නැවතත් යහනට තල්ලු කරන්නට වුනා.

"එසේනම් ඔබ අවදිවුවා .... නමුත් පරිස්සමින්.. තවමත් ඔබේ තුවාල සම්පුර්ණයෙන්ම සනීප නැතුවාක් මෙන්ම ඔබ තවමත් ඉතාම දුර්වලයි. එනිසා ඔබ යහනෙහිම සිටින්නේනම් එය ඔබට ඉතා හොඳයි" හිරු  වන් වූ දිදුලන සිනහවකින් ඔහුට සංග්‍රහ කල ඒ අමුත්තා ඔහුට එසේ පවසන්නට වුනා.

මේ සුන්දර තරුණයා පෙර දින ඔහුව ගමට පිළිගෙන ඔහුට ප්‍රතිකාර කරන්නට පැමිණි වෙදැදුරු බව යුන්ගිට පසක් වන්නට ගත වුයේ නිමේශයක්.

" මා ඔබේ තුවාල පිරික්සුවා. ඒවා බොහොමයක් සුව අතට හැරෙමින් පවතින්නේ. දැන් යමක් ආහාරයට ගන්න.. මා ආහාර සැකසුවා. ඔබේ සොහොයුරා ඒවා රැගෙන පැමිණේවි... ඔබ තවම දුර්වල බැවින් හොඳින් ආහාර ගන්න. මා පසුව පැමිණෙන්නම් ඔබට ප්‍රතිකාර කිරීමට" එසේ කියූ ඔහු යුන්ගිව කුටියේ තනිකර ඉන් පිටතට යන්නට වුනා.

Our Destiny | SOPE /  NamkookWhere stories live. Discover now